අලුත්_ජනාධිපති
සිම්බාබ්වේ නව ජනපති දිව්රුම් දෙයි
සිම්බාබ්වේ තුන්වන නව ජනාධිපති ලෙස එමර්සන් මනන්ගග්වා දිවුරුම් දීමත් සමග දහස් ගණන් සිම්බාබ්වේ වැසියන් වීදි බැස සතුට සමරන්නට විය. නව ජනාධිපති මනන්ගග්වාගේ පදිවි ප්‍රාප්තියෙන් ජනතාවට යහපතක් සිදුවනු ඇතැයි එරට ජනතාව තුල දැඩි විශ්වාසයක් ගොඩ නැගී ඇත. මනන්ගග්වා නව ජනාධිපති ලෙස දිවුරුම් දෙමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය , ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ මානව හිමිකම් සුරකින බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥාවක් දුන්නේය.
සිම්බාබ්වේ උප ජනාධිපති ධුරය හෙබවූ එමර්සන් මනන්ගග්වා පසුගිය කාලයේ හිටපු ජනාධිපති රොබර්ට් මුගාබේ විසින් සිය ධුරයෙන් නෙරපා හරින ලදී. ඉන් පසුව ඔහුට එල්ල වූ ජිවිත තර්ජන හමුවේ රටින් පලා ගොස් දකුණු අප්‍රිකාවේ රහසිගත ජිවිතයක් ගත කළේය. පසුගිය 22 වෙනිදා මුගාබේ සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ පසු නැවත සිය රටට ලඟා විය .
හරාරේ අගනුවර ජාතික ක්‍රීඩාංගණයේ පැවති දිවුරුම් දීමේ උත්සවයට දස දහස් ගණන් ජනතාවක් සහභාගී වී සිටියේය. හිටපු ජනාධිපති මුගාබේ දිවුරුම් දීමේ උත්සවය වෙත සහභාගී වන බව කට කතා පැතිර ගියත් ඔහු සහභාගී නොසිටි බව වාර්තා වේ.
එමර්සන් මනන්ගග්වා මේවන විට 75 වෙනි වියෙහි පසුවෙයි. 1980 වර්ෂයේදී රට තුල ඇති වූ සිවිල් ගැටුම් වලදී 20,000 අධික ප්‍රමාණය මරුමුවට පත්වී ඇත. මෙම කාලයේදී එමර්සන් මනන්ගග්වා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කොට ඇත. මුගාබේ විසින් ඔහුව උප ජනාධිපති ධුරයෙන් නෙරපීමට හේතුව ලෙස දැක්වුයේ එම ජන සංහාරවලට හවුල් වූ කණ්ඩායම් සමග මනන්ගග්වා තවමත් සම්බන්දතා පවත්වන බැවිනි. එහෙත් තමා කිසිඳු අපරාධයකට හවුල් නොවූ බවත් සිදුවූ ජන සංහාරවලට හමුදාව වග කිවයුතු බව මනන්ගග්වා විසින් හමුදාවට චෝදනා එල්ල කරයි.
අල්ජසීරා පුවත් සේවය සමග අදහස් දැක්වූ ජනතාව
තෙරේසා හන්ගා, වයස 53, යුද්ධයට සම්බන්දව කටුතු කල කාන්තාවක්
මම නව ජනාධිපති එමර්සන් මනන්ගග්වාගේ දිවුරුම් දීමේ උත්සවය බලන්න හරාරේ නගරයට ආවේ රසේප් ( Rusape ) ඉඳලා ( රසේප් යනු සිම්බාබ්වේ පිහිටා ඇති කුඩා නගරයකි.එය හරාරේ නගරයට කිලෝමීටර් 175 පමණ දුරින් පිහිටා ඇත) මම ගොඩක් සතුටු වෙනවා අපට නව පාලකයේ ලැබීම ගැන. මම ඉස්සර යුද්ධ කාලයේදී තරුණ ගැහැණු ළමයෙක්. ඒ දවස් වල යුද්ධයට සම්බන්දව චිම්වයිඩො [a female “war collaborator”] කෙනෙක් විදිහට කටයුතු කළා. මම ඒ කලේ සොල්දාදුවන්ට අහාර පිලියල කර දීම ඔත්තු බැලීම් වගේ කටයුතු. ඒ දවස් වල අපි වගේ චිම්වයිඩො කාන්තාවෝ විසින් ඔවුන්ට ආහාර සපයාදීම් සහ ඔත්තු බැලීම් වැනි කටයුතු නොකලේනම් ඔවුන්ට නිදහස් සටන දිනන්නට වඩාත් අසීරු වන්නට තිබුනා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපේ නව ජනාධිපති යුද්ධයට සහයෝගය දුන් අප ගැනත් සොයා බලාවි කියලා. මුගාබේ වගේ අපව අමතක කරලා සිටින එකක් නැහැ කියලත් අපි හිතනවා.
ඇලිස් මුබායිවා, වයස 48, එළවලු වෙළෙන්දියක්
නව ජනාධිපතිවරයෙක් රටට ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම රක්ෂාව විදිහට කරන්නේ පදික වේදිකාවේ එළවලු වෙළදාම් කිරීම. පදික වේදිකාවේ වෙළදාම් කරන අපට පොලිසිය සලකන ආකාරය වෙනස් විය යුතුයි කියලා මම හිතනවා. අපි වෙළදාම් කරනකොට පොලීසිය ඇවිත් වටලලා අපිට ඩොලර් 20ක දඩයක් ගහනවා. ඊට පස්සේ අපේ එළවලු ඔකොම පොලිසියෙන් අරන් යනවා. දඩ මුදල ගෙවා ගන්න බැරුව මම දෙපාරක් අත්අඩංගුවට පත්වුනා. මම පොලිසියෙන් එලියට එනකොට මගේ එළවලු ටික නැවත ලබා දුන්නේ නැහැ. මම මගේ ළමයි පාසැල් යවන්න , ඔවුන් පෝෂණය කරන්න ලොකු සටනක් දෙනවා. පොලීසිය මගේ දේවල් තියාගත්තාම මම කොහොමද ජිවත් වෙන්නේ.
මම බලාපොරොත්තු වෙනවා නව ජනාධිපති විසින් අපි වගේ මිනිස්සුන්ට පොලීසිය සලකන ආකාරය වෙනස් කරවී කියලා.
ටෙන්ඩායි මැඩන්සී, වයස 38, විශ්ව විද්‍යාල පරිපාලන සේවය
මම වසර 20 කට අසන්න කාලයක් රැකියාව කරමින් ඉන්නවා. නමුත් මට මගේ ප්‍රගතියේ වෙනසක් කියලා දෙයක් පෙන්වන්නට ඉතිරි වෙලා නැහැ. මට තවම හැකියාව සහ ශක්තිය තියනවා යමක් කරන්න. මම අනෙක් මිනිස්සු වගේ රටෙන් පිට වෙලා ගියේ නැහැ. මම ඒ දවස්වල හිතුවේ මගේ රටේ ඉඳලම ජීවිතය ගොඩ නගා ගන්න. නමුත් මේ තාක් කිසිම දෙයක් ගොඩ නගාගන්න බැරි වෙලා තිබෙනවා. ජීවිතය ගොඩනගා ගන්නවානම් මේ ශක්තිය ජවය තිබෙන කාලය තමයි සුදුසුම කාලය වන්නේ . මම බලාපොරොත්තු තබ ගෙන ඉන්නවා නව ජනාධිපති විසින් රට හැර නොගොසින් සිටින අප වැනි අයගේ ජිවිත සැපවත් කරාවි කියලා.
වර්නන් චිඩොංගා වයස 23 විරැකියාවෙන් පෙලෙන උපාධිදාරී තරුණයෙක්
මම උපාධිය හැදෑරුවේ කියුබාවේදී. මගේ විෂය වුයේ රසායන ඉංජිනේරු විද්‍යාව .2015 වසරේ උපාධිය ලබා ගැනීමෙන් පසුව තවම රැකියාවක් සොයාගැනීමට නොහැකි වෙලා තියෙනවා. මම ගොඩක් බලාපොරොත්තු තබාගෙන ඉන්නවා නව ජනාධිපති විසින් උගත් තරුණයින් සඳහා ඉඩ ප්‍රස්ථාවක් ලබා දෙයි කියලා.
සයිලන්ට් චිෆේර්, වයස 25,වෙළෙන්දෙක්
අද අපේ රටේ ලොකු වෙනසක් පෙනෙන්නට තියනවා. මම ඒක ගැන ගොඩක් සතුටු වෙනවා. නමුත් සිම්බාබ්වේ සාර්ථකත්වය කරා ගමන් කරවීමට නම් නව ජනාධිපති විසින් අපේ ආර්ථික ප්‍රශ්න විසඳිය යුතු වෙනවා.
මම ගොඩක් දුෂ්කර පළාතක ඉඳලා රැකියාවක් සොයාගෙන නගරයට ආවේ. රැකියාවක් නැහැ . දැන් මම අඹ වෙළෙදාමේ යෙදෙනවා. මම ගෙයින් ගෙට ගොසින් අඹ මිලදීගෙන විකුනනවා. මෙය හරිම අපහසු දුෂ්කර කටයුත්තක්. මම බලාපොරොත්තු වනවා නව ජනාධිපති විසින් මුගාබේ වගේ මිනිස්සුන්ව විනාශ නොකොට මිනිස්සුන්ට නව අවස්ථාවක් උදා කරලා දේවි කියල.
උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com

Last edited: