අලුතින් එන නොකියා 3310

අලුත් නොකියා 3310 එක &

  • අනිවා එනකල් ඉන්නේ ගන්න

    Votes: 6 26.1%
  • හිතපු තරම් ලොකු සීන් එකක් නෑ වගේ,කමක් නෑ ගමු

    Votes: 7 30.4%
  • මගෙ බල්ලටවත් එපා

    Votes: 10 43.5%

  • Total voters
    23

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,033
    3,724
    113
    අලුතින් එන නොකියා 3310

    අලුතින් එන නොකියා 3310 කියන්නේ ඉස්සර තිබුණු ගලේ ගැහුවත් කැඩෙන්නෙ නැති ආතල් ෆෝන් එකම නොවෙන්නේ මේ කරුණු 7 නිසයි

    ටික කාලෙකට කලින් අර ‘ඉස්සර තිබුණු මේ ආතල් දේවල් මතකද යාලුවනේ’ ටයිප් මීම් වල, පෝස්ට් වල එහෙම තැනක් ගත්තු එක දෙයක් තමයි පරණ නොකියා 3310 ෆෝන් එක. ඇත්තටම ඔය නොස්ටැල්ජික් ලිස්ට් වලට සෙට් වෙන අනික් දේවල් තරමට නොකියා 3310 පරණ නෑ. 2000 අවුරුද්දේ වෙළෙඳපොළට ඉදිරිපත් කරපු මේ ෆෝන් එක 2005 වෙනකොට හදන එකත්, වෙළෙඳපොළට එවන එකත් නැවැත්තුවා. හැබැයි ඔය අතරමැද කාලේදී ෆෝන් මිලියන 126 ක් ලෝකේ පුරා විකිණුනා. සෙල්ලං නෑනේ!

    දැන් ඇයි මේ බේසික් ෆෝන් එකකට මෙච්චර මිනිස්සු මැරෙන්න යන්නේ? හේතු කීපයක් නිසා. එකක් මේ ෆෝන් එක බේසික් ෆෝන් එකක් විදියට තියෙන පාවිච්චියේ පහසුකම නිසා. ඕන නැති සංකීර්ණ සීන් නෑ. කෝල් එකක් ගන්න, එස් එම් එස් එකක් යවන්න, කම්මැලි වෙලාවකට පොඩි ගේමක් ගහන්න විතරක් ෆෝන් එකක් පාවිච්චි කරන ඩයල් එකකට මේ තරම් සුපිරි ෆෝන් එකක් තවත් හොයාගන්න නෑ. ඒ වගේම තමයි ගලේ ගැහුවත් කැඩෙන්නෙ නැති කොලිටිය. පොඩ්ඩක් සයිස් එකෙන් බල්කි වුනත් ඒකට හරියන්න රළු පාවිච්චියට කියාපු ෆෝන් එක. එතකොට බැටරිය ගත්තත් දවස් ගණන් තියාගන්න ඇහැකි. දැන් කාලේ ස්මාට්ෆෝන් එක්ක බලනකොට නං ඒක කොච්චර වටිනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කොහොමත් ස්මාට්ෆෝන් පාවිච්චි කරන ඩයල් එකකට වුනත් දෙවෙනි ෆෝන් එකක් විදියට නියමෙටම ගැලපෙන ෆෝන් එකක් තමයි නොකියා 3310.

    හැබැයි මේ කිව්ව කරුණු වලට අමතරව තව සීරියස් කාරණයක් තියෙනවා මිනිස්සු ගොඩක් නොකියා 3310 ගැන සෑහෙන්න ගැම්මෙන් කතා කරන්න. අපේ වයසේ ගොඩක් දෙනෙක්ගේ පළවෙනි ෆෝන් එක නැත්නම් දෙවෙනි ෆෝන් එක වුනේ නොකියා 3310. කොහොම කලත් පාවිච්චි කලා නම් වැඩිපුරම කාලයක් අපිත් එක්ක දුක සැප බෙදාගත්තු ෆෝන් එක වුනේ නොකියා 3310. ඒ ඇල්ම හින්දත් අලුතින් නොකියා 3310 ෆෝන් එක ගහන්න නොකියා සමාගමෙන් තීරණය කරලා කියලා අහන්න ලැබුණහම මාරම ආතල් එකක් හිතට ආවේ. හැබැයි ඔන්න කොහොම හරි නොකියා සමාගම පරණ 3310 එකේ ප්‍රතිනිර්මාණය ලෝකෙටම පෙන්නලා ඉවරයි. දැන් ඒක දැක්කහම අර තිබුණු ෆීලින් ඕසම් එක කුඩුපට්ටං වෙලා ගියාද? ඒකට හේතු මොනවද? ආන්න ඒ ගැන හේතු කාරණා විපරමක් තමයි මේ කරන්න යන්නේ!


    1. ඩයිනසෝර් ඊස් බැක් ද?

    Nokia-3310-will-never-be-the-same-aniwa-01.jpg


    නෑ ඕයි. ඒකනේ ප්‍රශ්නේ. අර මුලින් තිබ්බ එකෙක්ව ගහල මරන්න පුලුවන් ෆෝන් එක ඩයිනසෝර් එකෙක් නං, දැන් මේ නොකියා එකෙන් ගහලා තියෙන අලුත් 3310 එක අර රටින් ගෙන්නපු හාවෙක් වගේ. ඉතින් ඔය සිනිඳු සුදු මුදු පෙනුම නිසා අපිට පොඩි සැකයක් මතුවෙනවා රළු පාවිච්චියට මේක ඔරොත්තු දෙයිද කියලා. මොකද නොකියා 3310 එක කෙනෙක් ගන්නව නං, ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන ප්‍රයෝජනයක් තමයි දීර්ඝ කාලීන පැවැත්ම සහ රළු භාවිතාවට සුපිරි වීම. අන්න ඒක නැතිවෙන එක හරි පාඩුවක්.

    2. චූටි කුකූ පෙනුම

    Nokia-3310-will-never-be-the-same-aniwa-02.gif


    අලුත් 3310 එකේ ලුක් එක ගැන සතු‍ටු වෙන අයත් ඉන්නවා අසතු‍ටු වෙන අයත් ඉන්නවා. ඇත්තටම අවුරුදු 17 කට පස්සේ එන ෆෝන් එකකින් පරණ ලුක් එකම බලාපොරොත්තු වෙන්න බෑ තමයි. හැබැයි ඉතින් උඩින් කිව්වා වගේ කලින් 3310 එකේ තිබුණු ‘යකා මහත්තයා’ ලුක් එකත් එක්ක බලනකොට දැන් 3310 එකේ තියෙන්නේ ‘චූටි කුකූ’ ලුක් එකක්. කලින් 3310 එකත්, මේකත් දෙකම ප්ලාස්ටික් තමයි. හැබැයි ඇත්තටම පරණ ෆෝන් එකේ ප්ලාස්ටික් ලුක් එකක් නැහැනේ. හැබැයි මේ අලුත් ෆෝන් එකේ ප්ලාස්ටික් පෙනුම වැඩියි වගේ. හැබැයි අනික් පැත්තට ගත්තොත් අලුත් 3310 එකේ “ඝණකම” සෑහෙන්න අඩු වෙලා තියෙන එක කලිසම් සාක්කුවට සතු‍ටු වෙන්න පුලුවන් කාරණයක්. සාක්කුවට දැම්මත් නෑ වගේ!

    3. පොළව හෙල්ලෙන වයිබ්‍රේෂන්!

    Nokia-3310-will-never-be-the-same-aniwa-03.jpg


    අර පරණ නොකියා 3310 එක වැරදිලා හරි බිම තියලා තියෙන වෙලාවක කෝල් එකක් එහෙම ආවොත් ගෙදර මිනිස්සු බය වෙනවා භූමිකම්පාවක් කියලා. ඒ තරමට පට්ට වයිබ්‍රේෂන් ඇලර්ට් එක. හැබැයි අලුත් ෆෝන් එකෙන් නං ඒ තරමට වයිබ්‍රේෂන් බලාපොරොත්තු වෙන්න එපා. දැන් කාලේ තියෙන වෙනත් ඕනම බේසික් ෆෝන් එකක තරමට තමයි වයිබ්‍රේෂන් ඇලර්ට් එකත් වැඩ කරන්නේ.

    4. කෝ ඒ සරල කොම?

    Nokia-3310-will-never-be-the-same-aniwa-04.gif


    දැන් අර පරණ 3310 එකේ තිබුණු හරිම සරල, ඕනාවට වඩා වැඩ කෑලි නැති චාම් ගතිය නං මේ අලුත් 3310 එකෙන් බලාපොරොත්තු වෙන්න හදන්න එපා. අම්බානෙක අයිකන් තොගේකුත් තියෙනවා. අපි ඉල්ලුවේ වත් නැති වැඩ කෑලි ෆෝන් එකට ඔබලා මේක ඕන නැති විදියට සංකීර්ණ කරලා. එතකොට මේක ඔන් කරපු ගමන් එන්නේ වර්ණ තිරයක්. අර කොළ පාට පරණ තිරේ ගැන හීන මවාගෙන ඉන්න එවුන්ගේ හීන කුඩු කරන්න අලුත් 3310 එකේ යූසර් ඉන්ටර්ෆේස් එක සමත්!

    5. අයියෝ නයා!

    Nokia-3310-will-never-be-the-same-aniwa-05.gif


    ඔය පරණ 3310 බේසික් ෆෝන් එකත් එක්ක සෑහෙන්න දෙනෙක් ලව් එකේ ඉන්න තව හේතුවක් තමයි ඒකේ තිබ්බ නයා ගේම් එක. ආයි ඊතලේ විද්දා වගේ හරි කෙලින් යන නයෙක් පුංචි පුංචි බෝල ගිලගෙන ගිලගෙන යනවා. හැබැයි පස්සෙන් පහු ආපු ෆෝන් වල මේ නයා ගේම් එක වැඩි හොඳට කියලා නොකියා කොම්පැණියේ අය වෙනස් කරලා, වැඩි දියුණු කරලා තිබුණා. දැන් මේ අලුත් නයා මෙලෝ රහක් නෑ. යන්නෙත් පැද්දි පැද්දි. ඒ හින්දම නොකියා සමාගම කිව්වා අලුත් 3310 එකේ ඔන්න හිතට හරියන විදියටම නයා ගේම් එක හදලා තියෙනවා කියලා. එහෙම කිව්වට බලනකොට අලුත් නයාගෙත් වැඩි ආතල් එකක් නෑ. ආතල් කාලා දාන්න ආපු නයා ගේම් එකක්!

    6. හයියෝ කැමරාවකුත් හයි කරලා!

    Nokia-3310-will-never-be-the-same-aniwa-06.jpg


    දැන් අපි නොකියා 3310 පරණ ෆෝන් එක ගැන බලාපොරොත්තු තියාගෙන හිටියේ මෙහෙම පස්සට කැමරා හයි කරපු ෆෝන් එකක් දකින්නද? අනික මේකෙන් කාගෙ ෆොටෝ ගන්නද? එහෙම අහන පරණ 3310 ෆෑන්ස්ලා ඕනෑ පදං හම්බෙන්න පුලුවන්. එතකොට මේක දෙවෙනි ෆෝන් එකක් විදියට පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න අයට අනුවත්, මේකට කැමරාවක් හයි කිරීම කියන්නේ ඇත්තටම අනවශ්‍ය වැඩක් හැබැයි ඉතින් දැන් කාලේ කැමරාවක් හයි කරලා නැති දෙයක් තියෙනවද? ඔන්න ඔහේ කැමරාව අමතක කරලා දාලා මේකෙන් වැඩක් ගන්න තමයි තියෙන්නේ.

    7. අම්බෝ ගාණ!

    Nokia-3310-will-never-be-the-same-aniwa-07.jpg


    මෙන්න ඊලඟට අනිවා එන ප්‍රශ්නේ. ඇත්තටම පරණ 3310 එක අලුතින් ආයෙමත් ගහනවා කිව්වහම අපි හිතුවේ මේක උපරිම රුපියල් හාරපන්දාහකට ගන්න පුලුවන් වෙයි කියලනේ. හැබැයි බලනකොට එහෙත් මේක යුරෝ 49 ක්. ඒ කියන්නේ ඒ ගාණටම මෙහෙ දුන්නත් රුපියල් හත්දාහ පනිනවා. ටැක්ස් අනං මනං එකතු වෙලා එනකොට අනිවා දහදාහ පනිනවා. ඉතින් ඔය ගාණට බේසික් ෆෝන් එකක් ගන්න පුලුවන්ද ඕයි!

    එතකොට මේකේ හොඳක් ඇත්තෙම නැද්ද?

    හොඳ ගැන කියන්න තියෙන්නේ මෙහෙමයි. අපි දැන් කාලේ එන බේසික් ෆෝන් එකක් අවුරුදු 17 කට කලින් තිබුණු බේසික් ෆෝන් එකම වෙයි කියලා හිතනව නං ඒක විහිළුවක්. අපිට තියෙන්නේ අලුතින් එන ෆෝන් එකට හුරුවෙන්න තමයි. අලුත් 3310 එකේ පෙනුම පොඩ්ඩක් ලඳ බොළඳ වැඩී කියන එක පිළිගන්න පුලුවන්. හැබැයි පේන විදියට මේ අලුත් 3310 එකත් හදලා තියෙන්නේ රළු පාවිච්චියට හරි යන්න. ඒ නිසා ඒ ගැන බයක් තියාගන්න ඕන නෑ. අලුත් නයා ගේම් එකත් අර පරණ එක තරමට ආතල් නෑ කියලා පෙනුනත්, පොඩ්ඩක් පුරුදු වෙනකොට හරි යයි. කැමරා, රේඩියෝ වගේ අනං මනං වැඩ කෑලි වැඩියි කියලා හිතනව නං කරන්න තියෙන්නේ පාවිච්චි නොකර ඉන්න එක!

    අනික් අතට මේකේ පැය නෙවෙයි, දවස් තිහක් ස්ටෑන්ඩ් බයි තියාගෙන ඉන්න පුලුවන් විදියේ බැටරි බලයක් තියෙන එක සෑහෙන්න ප්ලස් පොයින්ට් එකක්. එතකොට ගාණත් හත් අට දාහක් විතර වුනොත් ලොකු අවුලක් දැනෙන එකක් නෑ. ඇත්තම ඇත්තම ඇත්ත කියනවා නං මමත් මගේ දෙවෙනි ෆෝන් එක මාරු කරලා වෙන එකක් ගන්නෙ නැතුව බලාගෙන ඉන්නේ මේ අලුත් නොකියා 3310 එක මාකට් එකට එනකල් තමයි!


    Specification

    බඳ: 115.6 x 51 x 12.8 mm (ප්ලාස්ටික් නිමාව)

    තිරය: අඟල් 2.4 – 240 x 320 pixel LCD

    මතකය: 16MB අභ්‍යන්තර මතකය; microSD බාහිර මතකය

    මෙහෙයුම් පද්ධතිය: Nokia Series 30+

    කැමරාව: 2MP, single LED flash

    බැටරිය: 1,200mAh (ගැලවිය හැක)


    source
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ බල්ලටවත් එපා :D දහදාහක් විතර වෙනවනං ගානත් වැඩියි නෙ. බැටරිය විතරයි හොඳකට තියෙන්නෙ ඒකත් මාසයක් ඕනේ වෙන්නෙ නෑ නෙ.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,033
    3,724
    113
    මගේ බල්ලටවත් එපා :D දහදාහක් විතර වෙනවනං ගානත් වැඩියි නෙ. බැටරිය විතරයි හොඳකට තියෙන්නෙ ඒකත් මාසයක් ඕනේ වෙන්නෙ නෑ නෙ.

    :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මගේ බල්ලටවත් එපා :D දහදාහක් විතර වෙනවනං ගානත් වැඩියි නෙ. බැටරිය විතරයි හොඳකට තියෙන්නෙ ඒකත් මාසයක් ඕනේ වෙන්නෙ නෑ නෙ.

    :yes::yes::yes: me too.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මගේ බල්ලටවත් එපා :D දහදාහක් විතර වෙනවනං ගානත් වැඩියි නෙ. බැටරිය විතරයි හොඳකට තියෙන්නෙ ඒකත් මාසයක් ඕනේ වෙන්නෙ නෑ නෙ.

    මගෙත් බල්ලටවත් එපා ඌ කොහොමත් පෝන් පෙන්න බැ කනව