සුභ අලුත් අවුරුද්දක් වේවා
Rating: 7.0/7 (1 vote cast)
ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සැමට සාමය, සතුට,සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වෙිවා යැයි ප්‍රර්ථනා කරන්නට කැමැත්තෙමු. උදාවූ අලුත් අවුරුද්දේ දේශපාලනය කරන්නට කැමති අයට අපට ලබා දෙන්නට ඇති අලුත් අවුරුදු පණිවිඩය පහත පරිදිවේ. ලංකාවේ බහුතරයක් ජනතාවගේ කැමැත්ත ඇත්තේ සාමයෙන්, සතුටින්, දිවි ගෙවමින් සෞභාග්‍යය උදාකර ගැනීමටයි. මේ නිසා දේශපාලනය කරන බොහෝ අයද සිතා සිටින්නේ දේශපාලනය යනු සාමකාමී සහජීවනයෙන් යුතු හිංසනයෙන් තොර වූ ක්‍රීයාවලියක් වන බවයි. නමුත් දේශපාලනය හා අනවරතව බැදී ඇති හිංසනය ඉවත් කර සාමකාමී දේශපානයක් පිළිබදව අපට සිහින මවන්නට පුලුවන.නමුත් දේශපාලනය යනුම සාමකාමී ක්‍රීයාවලියක් නොව එය හිංසනය සමග බැදී ඇති ක්‍රියාවලියකි. පවතින සමාජ ක්‍රමය පෙරලා දමා නව සමාජ ක්‍රමයක් ගොඩ නැගීම සාමකාමී ක්‍රියාවලියක් මගින් කළ නොහැකිය. අප විසින් අරගල කල යුත්තේ පවතින ධනවාදී සමාජයට එරෙහිවයි. එය හිංසනයෙන් තොරව ඉටුකල හැකි ක්‍රීයාවලියක් වන්නට අවකාශයක් නැත. මේ නිසා තවදුරටත් දේශපාලනය කරන්නට කැමති අයට අපට කියන්නට ඇත්තේ සාමකාමී ජීවිතයක් ගත කිරීම තරමි දේශපාලනය කිරීම පහසු නැති බවයි.
පසුගිය දිනෙක සුනාමී අනතුරු හැගවීමේ සංඥා නිකුත් වීමත් සමගම ජනතාව දැඩිව කළබල වූ ආකාරය අප දුටිමු. භූවිද්‍ය නිළධාරීන් විසින් නිවරදිව ගණනය කළ යුතු ගණනය කිරීම් මගින් හරියටම තීරණය කර ජනතාවට අනතුරු හැගවීම් නිකුත් කළ යුතු වුවත් මෙහිදී සිදු වූයේ විකාරයකි. මෙන්න සුනාමියක් එනවා යැයි ඇමතිවරු නිවෙිදන නිකුත් කලේය. නියෝජ්‍ය ඇමතිවරු, අමාත්‍යංශ ලේකම්වරු පමණක් නොව බස් ගැමුණු පවා නිවෙිදන නිකුත් කලෝය. කැමති එකෙකුට කැමති පිස්සුවක් නටන්නට හැකි අප වැනි රටක ජාතික අපදාවකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් දක්නට නැත. ජාතික අපදාවක් පවා සුපර්ස්ටාර් නාගඩමක් බවට පත්කර වන්නට හැකි මාධ්‍ය නඩයක් සිටින අප වැනි රටක කෙලී මහරාජාගේ සිරස, එදිරිසිංහලාගේ ස්වර්ණවාහිනිය, අමුණුගමලාගේ දෙරණ වැනි පෞද්ගලික නාලිකා පමණක් නොව රාජපක්ෂ පවුලේ නාලිකාව වන ස්වාධීන රූපවාහිනිය, සහ ජාත්‍යන්තර දේශපාලන සහ සමාජ විශ්ලේශක මහා බුද්ධිමත් මොහාන් සමරනායකගේ ජාතික රූපවාහිනිය පවා පිස්සු කෙලියේය.
අවසානයේ මේ ජන මාධ්‍ය සුනාමී නාඩගම හරහා ජනතාවගේ සිහි බුද්ධිය මුලුමනින්ම මේ මාධ්‍ය ගහලයන් විසින් නැති කර දැමිමේය. මේ නිසා දෙහිවල විශාල කන්ද තරණය කර කිසිසේත්වත් නුගේගොඩට සුනාමි රළ එන්නට නොහැකි බව අමතකර කර නුගේගොඩ ජනතාව පවා බත්තරමුල්ලට දිවිවේය. පළමු සුනාමි රළ තම නාලිකාවෙන් පෙන්වන්නට මාධ්‍ය ආයතන පොරකෑවේය. සිරස මෙය පටිගත කර එවන අයෙකුට තෑග්ගක් ලබා දෙනබව ප්‍රකාශ කලේය. බැරි වෙලාවත් ඇත්තටම සුනාමියක් ආවේ නම් තෑගි ගන්නට එය පටිගත කරන්නට ගොස් පිරිසකට ජිවිතය පවා අහිමි වන්නට ඉඩ තිබුනි.
ඉහත සුනාමී නාඩගම හරහා අලුත් අවුරුද්දේ අපට දේශපාලනය ගැන අලුතින් හිතන්නට ලබා දෙන පණිවිඩය කුමක්ද? නායකත්වයෙන් තොරව සමාජය සංවිධානය කරන්නට ගිය පසු අවසානයේ සිද්ධ වෙන්නේ මෙවැනි නාඩගම්ය. කැමති කැමති අයට නිවෙිදන නිකුත් කරමින් කැමති අයට කැමති දේ කරමින් රට පාලනය කරන්නට යාම මගින් බිහිවන්නේ දේශපාලන විකෘති සතුන්ය. දේශපාලනය කරිීමේ දී නිවරදි නායකත්වයක් යටතේ එය සංවිධානය කළයුතු බව අප දිගින් දිගටම දැරූ මතයයි. ගල් ගහන ආරාබි විප්ලවය උඩදැමූ උදවියට අප දිගින් දිගටම කීවේ මේ නායකත්වයක් නැති බොරු ගෝරි නිසා මුලු සමාජයම අවුල් විය හැකි බවයි. අද වන විට එය සත්‍යයක් බවට පත්ව තිබේ. මේ නිසා අලුත් අවුරුද්දේ අප සමග දේශපාලනය කරන්නට කැමති අයට අප කියන්නේ නිවරදි නායකත්වයක් වටා පැහැදිලි දැක්මක් සහිතව පවතින ලෝක ධනවාදී ක්‍රමයට එරෙහිව අප විසින් දියත් කර තිබෙන අරගලය සමාජ විප්ලවයක් දක්වා පරිවර්තනය කිරීමේ දී දේශපාලනය කරන්නට කැමති අයට අප වටා එක්වන්නට පලුවන. අලුත් අවුරුද්දේ අලුනිත් හිතන්නට ආරාධනා කරමි.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

Last edited: