අලුතින් හිතමු

obama2

Member
Apr 18, 2012
424
30
0
සුභ අලුත් අවුරුද්දක් වේවා




Rating: 7.0/7 (1 vote cast)


ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සැමට සාමය, සතුට,සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වෙිවා යැයි ප්‍රර්ථනා කරන්නට කැමැත්තෙමු. උදාවූ අලුත් අවුරුද්දේ දේශපාලනය කරන්නට කැමති අයට අපට ලබා දෙන්නට ඇති අලුත් අවුරුදු පණිවිඩය පහත පරිදිවේ. ලංකාවේ බහුතරයක් ජනතාවගේ කැමැත්ත ඇත්තේ සාමයෙන්, සතුටින්, දිවි ගෙවමින් සෞභාග්‍යය උදාකර ගැනීමටයි. මේ නිසා දේශපාලනය කරන බොහෝ අයද සිතා සිටින්නේ දේශපාලනය යනු සාමකාමී සහජීවනයෙන් යුතු හිංසනයෙන් තොර වූ ක්‍රීයාවලියක් වන බවයි. නමුත් දේශපාලනය හා අනවරතව බැදී ඇති හිංසනය ඉවත් කර සාමකාමී දේශපානයක් පිළිබදව අපට සිහින මවන්නට පුලුවන.නමුත් දේශපාලනය යනුම සාමකාමී ක්‍රීයාවලියක් නොව එය හිංසනය සමග බැදී ඇති ක්‍රියාවලියකි. පවතින සමාජ ක්‍රමය පෙරලා දමා නව සමාජ ක්‍රමයක් ගොඩ නැගීම සාමකාමී ක්‍රියාවලියක් මගින් කළ නොහැකිය. අප විසින් අරගල කල යුත්තේ පවතින ධනවාදී සමාජයට එරෙහිවයි. එය හිංසනයෙන් තොරව ඉටුකල හැකි ක්‍රීයාවලියක් වන්නට අවකාශයක් නැත. මේ නිසා තවදුරටත් දේශපාලනය කරන්නට කැමති අයට අපට කියන්නට ඇත්තේ සාමකාමී ජීවිතයක් ගත කිරීම තරමි දේශපාලනය කිරීම පහසු නැති බවයි.
පසුගිය දිනෙක සුනාමී අනතුරු හැගවීමේ සංඥා නිකුත් වීමත් සමගම ජනතාව දැඩිව කළබල වූ ආකාරය අප දුටිමු. භූවිද්‍ය නිළධාරීන් විසින් නිවරදිව ගණනය කළ යුතු ගණනය කිරීම් මගින් හරියටම තීරණය කර ජනතාවට අනතුරු හැගවීම් නිකුත් කළ යුතු වුවත් මෙහිදී සිදු වූයේ විකාරයකි. මෙන්න සුනාමියක් එනවා යැයි ඇමතිවරු නිවෙිදන නිකුත් කලේය. නියෝජ්‍ය ඇමතිවරු, අමාත්‍යංශ ලේකම්වරු පමණක් නොව බස් ගැමුණු පවා නිවෙිදන නිකුත් කලෝය. කැමති එකෙකුට කැමති පිස්සුවක් නටන්නට හැකි අප වැනි රටක ජාතික අපදාවකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් දක්නට නැත. ජාතික අපදාවක් පවා සුපර්ස්ටාර් නාගඩමක් බවට පත්කර වන්නට හැකි මාධ්‍ය නඩයක් සිටින අප වැනි රටක කෙලී මහරාජාගේ සිරස, එදිරිසිංහලාගේ ස්වර්ණවාහිනිය, අමුණුගමලාගේ දෙරණ වැනි පෞද්ගලික නාලිකා පමණක් නොව රාජපක්ෂ පවුලේ නාලිකාව වන ස්වාධීන රූපවාහිනිය, සහ ජාත්‍යන්තර දේශපාලන සහ සමාජ විශ්ලේශක මහා බුද්ධිමත් මොහාන් සමරනායකගේ ජාතික රූපවාහිනිය පවා පිස්සු කෙලියේය.
අවසානයේ මේ ජන මාධ්‍ය සුනාමී නාඩගම හරහා ජනතාවගේ සිහි බුද්ධිය මුලුමනින්ම මේ මාධ්‍ය ගහලයන් විසින් නැති කර දැමිමේය. මේ නිසා දෙහිවල විශාල කන්ද තරණය කර කිසිසේත්වත් නුගේගොඩට සුනාමි රළ එන්නට නොහැකි බව අමතකර කර නුගේගොඩ ජනතාව පවා බත්තරමුල්ලට දිවිවේය. පළමු සුනාමි රළ තම නාලිකාවෙන් පෙන්වන්නට මාධ්‍ය ආයතන පොරකෑවේය. සිරස මෙය පටිගත කර එවන අයෙකුට තෑග්ගක් ලබා දෙනබව ප්‍රකාශ කලේය. බැරි වෙලාවත් ඇත්තටම සුනාමියක් ආවේ නම් තෑගි ගන්නට එය පටිගත කරන්නට ගොස් පිරිසකට ජිවිතය පවා අහිමි වන්නට ඉඩ තිබුනි.
ඉහත සුනාමී නාඩගම හරහා අලුත් අවුරුද්දේ අපට දේශපාලනය ගැන අලුතින් හිතන්නට ලබා දෙන පණිවිඩය කුමක්ද? නායකත්වයෙන් තොරව සමාජය සංවිධානය කරන්නට ගිය පසු අවසානයේ සිද්ධ වෙන්නේ මෙවැනි නාඩගම්ය. කැමති කැමති අයට නිවෙිදන නිකුත් කරමින් කැමති අයට කැමති දේ කරමින් රට පාලනය කරන්නට යාම මගින් බිහිවන්නේ දේශපාලන විකෘති සතුන්ය. දේශපාලනය කරිීමේ දී නිවරදි නායකත්වයක් යටතේ එය සංවිධානය කළයුතු බව අප දිගින් දිගටම දැරූ මතයයි. ගල් ගහන ආරාබි විප්ලවය උඩදැමූ උදවියට අප දිගින් දිගටම කීවේ මේ නායකත්වයක් නැති බොරු ගෝරි නිසා මුලු සමාජයම අවුල් විය හැකි බවයි. අද වන විට එය සත්‍යයක් බවට පත්ව තිබේ. මේ නිසා අලුත් අවුරුද්දේ අප සමග දේශපාලනය කරන්නට කැමති අයට අප කියන්නේ නිවරදි නායකත්වයක් වටා පැහැදිලි දැක්මක් සහිතව පවතින ලෝක ධනවාදී ක්‍රමයට එරෙහිව අප විසින් දියත් කර තිබෙන අරගලය සමාජ විප්ලවයක් දක්වා පරිවර්තනය කිරීමේ දී දේශපාලනය කරන්නට කැමති අයට අප වටා එක්වන්නට පලුවන. අලුත් අවුරුද්දේ අලුනිත් හිතන්නට ආරාධනා කරමි.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
 
Last edited:

obama2

Member
Apr 18, 2012
424
30
0
ලලිත්-කුගන් කොල එළියෙන් ලැබෙන පණිවිඩය

ලලිත්-කුගන් කොල එළියෙන් ලැබෙන පණිවිඩය

Posted on 13 April 2012.
Rating: 7.0/7 (1 vote cast)


ජන අරගල ව්‍යාපාරයේ ලලිත් සහ කුගන් රජයේ අත්අඩංගුවේ පසුවන බව ලංකා නිවිස් වෙබි අඩවියේ වාර්ථා කර තිබේ. මේ අනුව අපට තීරණය කරන්නට සිදු වන්නේ මහින්ද රාජපක්ෂ රෙජිමයේ සුවිශාල වෙනසක් මේ වන විටත් සිදු වෙමින් පවතින බවයි. මේ විප්‍යර්යාසය අහුබු ලෙස සිදු වූවක් බව අපට නිගමනය කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැත. මේ වෙනස පසුපස එකිනෙක හා අනවරතව බැදුනු යම් සිදුවීම් මාලාවක් පවතින බව අපේ හැගීමයි.

පසුගිය දා රජයේ අත්අඩංගුවට පත් කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල නිදහස් කිරීම ඇතැමුන් සිතන ආකාරයෙන් උද්ඝෝෂන වලට බියේ රජය විසින් සිදු කළ දෙයක් නොවන බව පැහැදිලිය. ඒවා මගින් යම් බලපෑමක් ඇතිවුවද හුදෙක් මේ පැහැර ගැනීම සහ නිදහස් කිරීම මගින් රාජපක්ෂ රෙජිමයේ අභ්‍යන්තරයේ යම් සුවිශේෂි වෙනස්කම් රාෂියක් සිදු වෙමින් පවතින බව අපේ නිගමනයයි.

අප විසින් දීර්ඝ කාලයක් කළ නිරීක්ෂන වලට අනුව මේ වන විට රටේ සමස්ථ දේශපාලන දේශයේම යම් යම් වෙනස් වීම් රාෂියක් සිදු වන බව පැහැදිලි වන නමුදු ඒ වෙනස්කම් වලට නිශ්චිත හේතු තවමත් පැහැදිලිව අවබෝධ කර ගන්නට අවස්ථාවක් නොලැබිනි.

පසුගිය දිනෙක මවිබිම පුවත් පතෙහි වෙබි අඩවි ගෝඩ් පාදර් ගැන ලිපියක් පලවිය. මේ ලිපිය මගින් රුවන් ෆර්ඩිනනස් මහතා ගැන තොරතුරු රාෂියක් අනාවරණය කර තිබූ අතර අපට ලැබුනු තොරතුරු ුඅනුව මේ ලිපිය සම්පාදනය කර තිබෙන්නේ තුෂාර ගුණරත්න මහතායි. මෙම ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය සිලෝන් ටුඩේ පුවත් පතෙහි පලකර තිබූ අතර එය පලකර තිබුනේ හනා ඊබිරාහිමි මෙනවිය විසිනි. ඇය ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යපාරයේ ලේකම්වරියයි. මෙම ක්‍රියාව මගින් අපට පැහැදිලි වන්නේ ටිරාන් අලස් සහ මහින්ද රාජපක්ෂ රජය අතර මේ දක්වා ඇතිවුන සාකච්ඡා අසාර්ථකව ඇති බවය. මේ අනුව මේ නව ප්‍රවනතාවය තුල ටිරාන් අලස්ලාගේ ඉදිරි අරමුණු අපට යම් පමණකින් පැහැදිලිය.
ලලිත් සහ කුගන් දෙපල පිළිබදව ලැබුනු කොල එළිය අපට දේශපාලනයේ නව දිශානතියක් ගැන අලුතින් හිතන්නට අවස්ථාවක් ලබා දී ඇත. ඉදිරියේ දී මහින්ද රාජපක්ෂ රෙජිමයේ සුවිශේෂි පරිවර්තනයන් රාෂියක් සිදුවනු ඇතිබව අපට විස්වාසය.

ජන අරගල ව්‍යාපාරයේ ප‍්‍රධානීන් දෙදෙනෙකු වන ලලිත් සහ කූගන් යන දෙදෙනා මේ වන විට පොලිස් සුබ සාධක ගොඩනැගිල්ලේ 06වන මහලේ රඳවා ගෙන සිටින බව ඉතා විශ්වාසවන්ත ආරංචිමාර්ගඋපුටා දක්වමින් “ලංකා නිව්ස් වෙබ්” වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
එහි මෙසේද දැක්වේ:
පිටකොටුව මැනිං වෙළෙඳපොළ ඉදිරිපස නවීන ආකාරයෙන් ඉදිකළ තට්ටු 06කින් සමන්විත මෙම ගොඩනැගිල්ල විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කෝඹලවිතාන මහතා අධ්‍යක්‍ෂ (පොලිස් සුබ සාධන) ලෙස සිටි සමයේ රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් වැය කොට ඉදිකරනු ලැබූවකි. එසේ රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් වෙන් කොට පොලිස් නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු සඳහා මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලැබුවද මේ වන විට එම ගොඩනැගිල්ල තුළ, ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝග මත පැහැරගෙන එනු ලැබූවන් ප‍්‍රශ්න කිරීමේ වධකාගාරයක් ලෙස ක‍්‍රියාත්මක වේ.
මෙම ගොඩනැගිල්ලේ බිම් මහළ සහ 06වන මහල කොළඹ දිස්ත‍්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා යටතේ පාලනය වේ. මෙම ඒකකයට පිවිසිය හැක්කේ නම් කරන ලද පොලිස් නිලධාරීන්ට පමණක් වන අතර, මුළු ගොඩනැගිල්ලටම විශේෂ ආරක්‍ෂාවක් යොදා තිබේ.
අනුර සේනානායක මහතා වෙනුවෙන් මෙම වධකාගාරය ‘‘අළුගෝසු පෙරේරා’’ නමැති සේනානායක මහතාට අතිශයින් හිතවත් පොලිස් පරීක්‍ෂකවරයෙකි. පොලිස් උපසේවයේ උප පොලිස් පරීක්‍ෂකවරයෙකුව සිටි මෙම පෙරේරා නැමැත්තා පොලිස් නිත්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කර ගනිමින් කෙටි කලක් තුළදී පොලිස් පරීක්‍ෂක තනතුරට උසස් කොට ඇත්තේ ආරක්‍ෂක ලේකම්වරයාගේ නිර්දේශය මතය. කිසිදු පොලිස් පරිපාලන රාජකාරියක් නොදන්නා මෙම පොලිස් පරීක්‍ෂකවරයා, ආරක්ෂක ලේකම්වරයාගේ ‘‘අළුගෝසු ඒකකයේ’’ ක‍්‍රියාකාරී සාමාජිකයෙකි. පසුගියදා සිදු වූ පැහැරගෙන යෑම් සිද්ධීන් ගණනාවකටම මොහු සම්බන්ධය. මෙම පොලිස් පරීක්‍ෂකවරයා පිළිබඳ අපගේ වෙබ් අඩවිය පළමුවරට හෙළිදරව් කරනු ලැබුවේ 2011ජනවාරි 27වැනිදාය. ‘‘මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීම මෙම පොලිස් නිලධාරියාගේ මෙහෙයවීම මත සිදු වූවකි.
පසුගිය දෙසැම්බර් 09වැනිදා යාපනයේදී පැහැරගෙන යනු ලැබූ ලලිත් – කූගන් දෙදෙනා මේ වන විට පොලිස් සුබසාධන මූලස්ථානය තුළ රඳවා ගෙන සිටින්නේ මෙම පොලිස් පරීක්‍ෂකවරයාගේ අධීක්‍ෂණය යටතේය. පොලිස් සුබසාධන ගොඩනැගිල්ලේ 06වන මහලේ එක් කාමරයක රඳවා ගෙන සිටින ලලිත් – කූගන් දෙදෙනාගෙන් මේ වන විටත් දිගින් දිගටම ප‍්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි. ඔවුන් දෙදෙනා පිළිබඳව අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති හඹයාස් කෝපස් අයදුම්පත‍්‍රය පිළිබඳ රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඔවුන් දෙදෙනාට පමුණුවන ලද දරුණු කායික වධ හිංසා හේතුවෙන් ඇති වූ කැළල් හා තුවාල මේ වන විටත් මැකී ගොස් නොමැති නිසාය.
ඔවුන් දෙදෙනා ඝාතනය කොට ඇති බවට පළ වී තිබූ වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ඔවුන් දෙදෙනා පොලිස් සුබ සාධන ගොඩනැගිල්ලේ 06වැනි මහලේ රඳවා සිටින බවත්, අප අවධාරණයෙන් යුතුව ප‍්‍රකාශ කොට සිටිමු.
එසේම පසුගියදා පැහැරගෙන යනු ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධානීන් වන කුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනෙවිය මෙම ගොඩනැගිල්ලේ පිහිටි වාහන අංගනයට යාබද රහස් කාමර තුළ රඳවාගෙන ප‍්‍රශ්න කර තිබේ. ඔවුන් දෙදෙනා නිවැරදි හඳුනා ගැනීමට ලලිත් – කූගන්ගේ සහයද ලබා ගෙන ඇත. ලලිත් – කූගන් දෙදෙනා ලබා දී තිබූ කටඋත්තර සහ කුමාර් – දිමුතු ලබා දුන් ප‍්‍රකාශ අතර පරස්පරතා තිබූ හෙයින් දීර්ඝ වශයෙන් විමර්ශනය කර තිබේ.
එසේ ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව කුමාර් ගුණරත්නම් මහතා ද වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි වධකාගාරයට ගෙන ගොස් ප‍්‍රශ්න කිරීම් සිදු කර ඇත. කොළඹ අපරාධ කොට්ඨාශයට ගෙනවිත් ඇත්තේ ඉන් අනතුරුවය.
http://3mana.com/wp/wp-admin/post-new.php
Menaka Suduwalige liked this post
 

obama2

Member
Apr 18, 2012
424
30
0
භාතිය – සන්තුෂ වෙළඳ දෙබෑයන් අමරසිරි පිරිස&#353

භාතිය – සන්තුෂ වෙළඳ දෙබෑයන් අමරසිරි පිරිස්ට තර්ජනය කරලා

Posted on 11 April 2012.
Rating: 7.0/7 (1 vote cast)


අමරසිරි පිරිස් ගායන ශිල්පියාගේ ගිට අවසරයකින් තොරව වසර දෙකහමාරක් තිස්සේ ජංගම දුරකථන ජාල සදහා රින්ග් ටෝන්ස් වශයෙන් භාවිතාකිරීමට අමරසිරි පිරිස් මහතාගෙන් අවසරයකින් තොරව භාවිත කොට රුපියල් ලක්ෂ 80 කට වැඩ මුදලක් උපයා සතයක් හෝ අමරසිරි පිරිස් මහතාට ලබා නොදී සිටියදී අමරසිරි පිරිස් මහතා භාතිය සන්තුෂ් යන වෙළෙන්දන් දේපල වෙත තම මුදල් ලබා දෙන ක්‍රියාමාර්ගයක් ගන්න ලෙස ඉල්ලා ඇත ඊට එකග නොවුණු තැන මාද්‍ය මගින් තම වේදනාව නම් නොකියා පවසා ඇත. මෙය ඔස්සේ ගිය වෙබ් මාධ්‍ය කිහිපයක් භාතිය සංතුෂ්ව කොටු කරගෙන ඇත. පසුව ලැබුණු තොරතුරුවලට අනුව ටොරන හිමිකරුත් අමරසිරි පිරිස් මහතාගේ ගීත කොල්ල කා මුදල් හම්බකොට ඇත මෙම හේතුව නිසා භාතිය සන්තුෂ් සියලු කුණු ටොරානා මත දමා සුද්ද වීමට උත්සහ ගෙන ඇත.

ඒ අනුව හිතවත් ඉරිදා ටැබ්ලොයීඩ කතුවරුන් කිහිපදෙනෙකුට සංග්‍රහ කොට චෝදනාව වෙනතකට යොමුකිරීමට උත්සහ ගෙන ඇත. අමරසිරි පිරිස් මහතාගෙන් අවසරයකින් තොරව අමරසිරි පිරිස් මහතා නමින් පිළිතුරු ලියන්නත් තරම් මොවූ සහ දිවින මීවිත කතුවරයා පහත තත්වයකට ඇද වැටි ඇත සන්තුෂ් වීරමන් වෙළෙන්දාගේ පියා හමුදාවේ විශ්‍රාමික කර්නල් වරයෙකි මොහු ගොඨාභගේ ලගම හිතවතකු බව කියා අමරසිරි පිරිස් මහතාව භිය කොට ඇත ලක්ෂ අසුවක් දිය නොහැකි බවත් ඕනැ නම් ලක්ෂ එකහමාරක් දියහැකි බවත් විද්‍යුත් මාධ්‍ය වෙත කතා කොට කිසිවක් සිදු වුයේ නැතයී කියන්නේනම් පමණක් ලක්ෂ තුනක් දෙන්නම් යැයිද භාතිය සන්තුෂ වෙළෙන්දන් දේපල පවසා ඇත.

මින් ඉදිරියට කිසිලෙසකින් හෝ ඍජුව හෝ වක්‍රව අවැසි සහගත ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කළහොත් සිරස වැනි මාධ්‍ය ජාලවල අමරසිරි මහතාගේ ගීත විකාශය වීම රජා මහේන්ද්‍ර මහතා ලවා නැවත දැමිය හැකි බවද දැන්ව ඇත. මෙම කුට වෙළෙන්දන් දෙපළ නිසාම අමරසිරි පිරිස් මහතාට ලදුනේ ගීතය වේදිකාවේ ගායනය තහනම් වී ඇත්තේ මුදල් වංචාවට අමරසිරි පිරිස් මහතාද සම්බන්ද යැයී ගීතයේ වත්මන් හිමිකරුවන්ට සැක උපදින නිසාය සත්‍ය වශයෙන් අමරසිරි පිරිස් කලාකරුවා වංචාවකට ලක්ව ඇත. ගීත රසිකයන් වන ඔබ මින් ඉදිරියට මෙම අසාධාරණ රටේ හොරුන් සහ කලාකරුවන් නිවැරදිව හදුනා ගන්න. සරස්වතී දෙවියනි හොරුන්ට දඩුවම් දෙනු මැනවි.
 

obama2

Member
Apr 18, 2012
424
30
0
රුක්ෂාන් ජයවර්ධන පෑලියගොඩ දී දමා යයි.

රුක්ෂාන් ජයවර්ධන පෑලියගොඩ දී දමා යයි.

Posted on 11 April 2012.
Rating: 7.0/7 (3 votes cast)


පසුගිය දා රජයේ ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන රදවා තබා ප්‍රශ්ණ කර පසුව නිදහස් කරනු ලැබූ කුමාර් ගුණරත්නම් සහෝදරයා සහ දිමුතු ආටිගල සහෝදරිය අත් අඩංගුවට පත් මෙහොතේ පටන් ජන අරගල කණ්ඩායම සමග මොවුන් බොරා ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියෙකු වශයෙන් කටයුතු කල රුක්ෂාන් ජයවර්ධන නැමති ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාධරයා හදිසියේම පෑලියගොඩ ප්‍රදේශයේ දමා ගොස් ඇති බව අපට වාර්ථාවේ.

රුක්ෂාන් ජයවර්ධන යනු ජාත්‍යන්තර කීර්තියට පත් මානව හිමිකම් ක්‍රියාධරයෙකි. සාමාන්‍යයෙන් කූඩා මල්ලක් කරේ එල්ලා ගෙන රටපුරා ඇවිදින රුක්ෂාන් ජයවර්ධන මේ රටේ මානව හිමිකම් ක්‍රියාධරයන් අතර ඉදිරි පෙළ සාමාජිකයෙකි. ඔහු විසින් විවිධ පුද්ගලයන් හට විවිධ අවස්ථාවන් හිදී මානව හිමිකම් ප්‍රශ්ණ පැනනැගුන පසු ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය සමග සාකච්ඡාකර ඒ අයගේ ජීවිත ආරක්ෂාව සලසා දෙමින් විදෙස් රටවල දේශපාලන රැකවරණය ලබා දෙන්නට සියලු කටයුතු සම්පාදනය කර දෙන්නට දැඩි උත්සහයක් ගනු ලබන ආකාරය අප දැක ඇත්තෙමු.

නමුත් මෙලෙස මොහුගේ පිහිටෙන් දේශපාලන රැකවරණය පතා විදෙස්ගත වූ බොහෝ අය පළමුව කරන්නේ රුක්ෂාන් අමතක කර දැමීමයි.
ජන අරගල ව්‍යාපාරයේ ඉදිරිපෙළ නායකයින් දෙදෙනෙකු පැහැර ගත් මොහෝතේ ජන අරගල ව්‍යාපාරයට රුක්ෂාන් හමුවන්නේ තමන් බේරා ගන්නට පැමිණි ඉටු දෙවියෙකු පරිද්දෙනි. මේ කාලය තුල ජන අරගලයේ චමීර කොස්වත්තලා කෑවේ,බීවේ පමණක් නොව නාන්නට අවශ්‍ය නම් නාන්නට දැයි උපදෙස් ගත්තේ රුක්ෂාන් ජයවර්ධනගෙනි. මේ කාලය තුල රුක්ෂාන් ද ඉතා වෙහෙස මහන්සි වී සිය ජාත්‍යන්තර සම්බන්ධතා උපරිමයෙන් භාවිතා කරමින් මේ ව්‍යාපාරයට උපරිමයෙන් උදව් කලේය.


නමුත් හිටි අඩියේ සිය අතුරුදන් වූ සාමාජිකයන් දෙදෙනා නැවත නිරුපද්‍රිතව පැමිණිමත් සමගම ජන අරගල ව්‍යපාරය රුක්ෂාන් ජයවර්ධන නම් මානව හිමිකම් ක්‍රියාධරයා පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්හැර දමා ගොස් තිබේ.
මෙයින් මහත් අපහසුතාවයට පත් රුක්ෂාන් ජයවර්ධන මහතා අපෙන් විමසා සිටින්නේ තමන්ට සිදු වූයේ කුමක්ද යන්න වටහා දෙන ලෙසයි. සාමාන්‍යයෙන් ජන අරගල ව්‍යාපාරයට මෙවැනි දේ කිරීම පහසු බව අපට අවබෝධ වුයේ මීට පෙරයි. අනාගතයේ දී හැලපෙයාට, සිරිතුංගට, බාහුට, අමාරිස් අයියාටත් මේ ඉරණම අත්වන බව පැහැදිලිය.මේ වන විටත් රුක්ෂාන් ජයවර්ධන ගේ දුරකථනයට පවා සම්බන්ධ නොවන ජන අරගල ව්‍යපාරය දැන් හැසිරෙන්නේ මොහු පිටසක්වල ජීවියෙක බවට කල්පනා කරමිනි.