අලුතෙන් ගෙයක් wiring කරද්දී බලන්න ඕනේ දේවල්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,987
    13,887
    113
    🤍
    හොදට වයරින් කරල එක්ස්පීරියන්ස් තියන කෙනෙක් ඕන
     
    • Like
    Reactions: lgayyamp

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    ඔව් හොදට plan කරන්න ඕනේ. බිත්ති දිග යවන්න පුලුවන් හැම තැනම බිත්ති දිග යවන්න ඕනේ. මගේ පණ්ඩිත කමට ඔක්කොම මම තනියම කරන්න ගිහිල්ල, හැම තැනම අනවශ්‍ය විදිහට slab එකෙන් බට බස්සලා, එතකොට cost එක වැඩි.
     
    • Like
    Reactions: lgayyamp

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    EV එකක් එහෙම ගන්න ඉන්නවානං ඒවට චාජින් පොයින්ට් දාගන්න ලයින් ඇදලා තියන්න
    පුලුවන් තරං ප්ලග් වලට වෙන වෙනම වයර් දාගන්න
    AC කරන්න අයිඩියා එකක් නැතත් සල්ලි ප්‍රශ්නයක් නැත්තං ඒවට වයර් දාගන්න
    රවුටර් එහෙම හයි කරන්න තැන් ගැන හිතලා ඒවට ප්ලග් හරි වයරින් ලයින් හරි දාල තියන්න, ගෙදර ලොකු නං රිපීටර් එහෙම සෙට් කරන තැන් ප්ලෑන් කරලා තියන්න. (මේක මට පස්සෙ කරන්න උනේ එතකොට බිත්ති කඩලා හෙන කෙලියක් කරන්න උනා)
    උඩ කමෙන්ට් වල තියන සේරම දේවල් හිතන්න ඕන

    බිත්තිවලත් සේරම පුලුවන් නං අඟලෙ කන්ඩියුට් එක දාගන්න, එතකොට රෙපයොර් එකක් හරි පස්සෙ මොනවා හරි කරන්න උනොත් හරි ලේසියි
    ස්මාට් ස්විච් CCTV ගැන හිතන්න, සමහරු CCTV වලට වෙනම බට දානවා ඒකත් හොඳ විදියක්
     

    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    cctv වලදි dvr එකක් නැතුව nvr එකක් පාවිච්චි කරොත් වෙනම dvr line එකක් ඕනි නෑ නේද. Connect වෙන්නෙ wireless නෙ. එහෙම කරන එකේ අවාසි ඇති මොනව හරි හැබැයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,723
    113
    ගෙයක් මුල ඉදන් වයරින් කරනකොට බලන්න ඕනේ දේවල් මොනවද?
    උගත් පාඩම් තියනවනන් දාගෙන යමු.
    මමනම් කරපු ලොකුම ගොන් වැඩක් තම single phase එක 3phase කරපු නැති එක. මට ඒක ඕන වෙන්නෙ 5KW++ solar ගහන්න වහලේ.

    අනිත් එක තමා wiring කරද්දි. බිත්ති වල වයර් යන තැන් photo ගහපන්, මොකද පස්සෙ කාලේක ඇනයක් ගහන්න උනොත් ඕකක වදින්න චාන්ස් වැඩි.

    හරියට හිතලා බලපන් කොතනද, මොනාටද පාවිච්චි කරන්නෙ කියලා. එහෙම කරලා point ටික හරියට design කරගනින්.

    හැම කාමරේකටම 15A ලයින් එකක් ඇදපන් AC එක හයි කරන්න. AC නැතත් "මෙතන තමා ගහන්නෙ" කියලා plan කරලා ඒක හයි කරපන්.

    උඹලා වැඩ කරන තැන්වලට, TV එක තියෙන තැන් වලට plug point 2 2 වගේ ගහපන්.

    මමනම් CCTV එකට වෙනම TV ගහලා නෑ. කරලා තියෙන්නෙ ගෙදර TV එකට HDMI multiplexer එකකින් ෆීඩ් එක දීලා තියෙන්නෙ. button එක press කරපු ගමන් CCTV එකට මාරු වෙනවා.

    මේක මගේ personal opinion එකක්. අමුතු අමුතු ලයිට් සෙටප් එහෙම ගහන්න යන්න එපා මොකද කැඩුනාම ඒ ජාතියම හොයන්න බෑ.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    ගෙයක් මුල ඉදන් වයරින් කරනකොට බලන්න ඕනේ දේවල් මොනවද?
    උගත් පාඩම් තියනවනන් දාගෙන යමු.
    - හරියට වැඩේ කරන එකෙක් හොයාගණින්
    - බාල බඩු දාන්න එපා (සන්බොක්ස්-වයර්-ස්විච්- ප්ලග්- ට්‍රිප් එක- මේන් එක
    - ගේ ලොකුයි නම් Earth 2-3ක් වත් දාපන්
    - සමහර බාස්ලා පොලව යටින් අදිනවා ලේසියට. ඒක කරන්න එපා බැරිම නම් විතරක් එහෙම දාපන්. ඒ දානකොට බටේ ටිකක් ලොකු එකක් දාපන් හදිස්සියකට වයර් එකක් ඇදගන්න පුලුවන් විදියට. පොලොව ටයිල් කරනවා නම් බටේ දෙකෙලවර ටයිල් අලවන්න එපා. අලවනවා නම් සිලිකන් ටිකක් වගේ දාලා අලවන්න හදිස්සියකට කලවන්න පුලුවන් වෙන්න.
    - ට්‍ර්ප් ස්විච් - මේන් ස්විච් බ්‍රේකර් දානකොට orange එකෙන් දාන්න
    - ගෙදර කුස්සියට/ සාලෙට / බාත්රූම් එකට / මාස්ටර් බෙඩ් රූම් එකට / ගෙදරින් එලියේ තැන් දෙකකට විතර 13amp / 15amp පොයින්ට් දාගන්න. එලියෙන් දාන ඒවට වෙනම බ්‍රේකර් එකක් දාන්න ඕන වෙලාවට විතරක් දාගන්න පහසු විදියට.
    - පුලුවන් නම් main line එක under ground ගන්න හරි විදියට insulation කරලා. මිදුලේ ගස් හිටවනකොට ඒක ලේසී. මිදුල හරහා වයර් යන්නෙත් නෑ.
    - Earth ඔක 0 Ohms තියාගන්න
    - Solar / Generator වලට Change over එකක් දාලා pannel එක හදාගන්න. ඒවට වයර් එකක් දාලා වෙනම තියාගන්න. පොඩි ගානක් වියදම් උනත් කමක් නෑ ඒවට ආය පිටින් වයර් / බට ඇද ඇද දගලන්න ඕන නැති නිසා.
    - Voltage meter එකක් කැමති නම් ඇඩ් කරගන්න. ලංකාවේ කරන්ට් එක එච්චරකටම ස්ටේබල් නිසා. දැන් තියන LED බල්බ් වලින් Dim current එක හොයන්න බෑ. ගෙදර තියන විදුලි උපකරණ වල ආරක්ෂාවට ඒකක් දාගන්න එක හොදයි. සමහර වෙලාවට 60v අඩු වෙනවා වහිනකොට.
    - CCTV වලටත් ඕනි නම් බට ටික දාලා වයර් කරගන්න
    - උඹට හැකියාවක් තියනවා නම් 3Phace වලට වයරින් කරගන්න. වාසි පසුවට තේරේවි - අවාසි මුලින් තේරේවි.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    Uda tiyana tika hari godak aya missing yanne

    - Garden light breaker provision
    - Home theater speaker wire provisions
    - Network wire provisions
    - Wifi extender mesh provisions
    - roller gate provisions
    - 15amp Wire provisions
    - Placement of main switch box to save wiring
    - Solar provisions
    - Proper earth wiring (earth wire ganan nisa godak un earth dannet na dan + mulu gedarama wire adala ground karan natuwa each switch eka gavin ground karanawa) kelinma mulu gedarama badu pichenna gannawa
    - No plan in electrical goods you have and how many switches needed ( switch line ganan nisa eka switch ekak dala 250 multi plug gahanna nam hitan inne itin katha karala wadak na
    - Breaker isolation plan and section plan (godak un unta oni vidiyata breaker gahanne. kussiya off karama toilet eket off wenawa)
    - breaker wala load capacity balannet na (ganan wadi nisa gedara hama tanama single breaker wire karala daanawa) ai ititin supirima naamak nanna wenne passe
    - upstair/ downstair MAIN SWITCH isolations (passe wenama meter dekak gahanawa nam separate wiring wenna oni



    - Maintain proper wiring/ plumbing plan. ada neme tava aurudu 10,20kin oni wenne. ai itin mula indala naanawa mewa nattan

    me okkoma karanna nam itin gedara hadana gaanama yai
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙයක් මුල ඉදන් වයරින් කරනකොට බලන්න ඕනේ දේවල් මොනවද?
    උගත් පාඩම් තියනවනන් දාගෙන යමු.
    වයරින් කරන එවුන් බලාගෙන එන්නෙ උන් බඩු ලිස්ට් එක දීල ඌ කියන කඩෙන් අපි බඩු ගන්නකල්. එහෙම නොකරොත් උන් වැඩේ බාගෙට කරනවා. ඒ නිසා මුලින්ම කියන්න බඩු තමන් ගෙනත් දෙන බව. 😀

    ගොඩක් වයරින් කරන එවුන් අරන් එන්නෙ ටෙස්ටර් එකයි අඬුවයි. වෙන ටූල්ස් මොකුත් නෑ.

    හොඳ මහත conduit බට දාපන්. ඕන වුනොත් වැඩිපුර ලයින් අදින්න පුළුවන් වෙන්න.

    distribution box එක ගෙදර මැද්දෙ දාගන්නෙ නැතුව, ගෙට යාවුන ගරාජ් එකක් වගේ තියෙනවා නම් ඒකට දාන්න.