මගේ අත්දැකීම් ටිකක් කියන්නම්,
01. අනිවා හොද ප්ලෑන් අදින කෙනෙකුට කියල ඩයග්‍රම් එක ඇද ගන්න, කීය ගියත්.
02. සී සී ටී වී වලට වෙනම වයරින් කරන්න, හරියට ප්ලෑන් කරන්න කැමරා කොහෙටද එන්න ඕන කියලා
03. ලිවින්, ඩයිනින් එකද මදි නොකියන්න ලයිට් දාන්න. ස්පොට් ලයිට්ස් දාන්න.
04. කිචන් එකට ලයිට්ස් වැඩියෙන් දාන්න ස්විච් 2-3 ඔන් වෙන්න
05. අනිවා ප්ලග් වලට 7/0.53 වයර් දාන්න අඩුම සහ වැඩි විදුලියන් යන ඒවා ට 7/0.67 දන්න.
06. හොදම ට්‍රිප් ස්ව්ච් එකක් දාන්න.
07. වයරින් බට, ජන්ක්ශන් බොක්ස් තියෙන තැන් ඔක්කොම ෆොටෝ ගහ ගන්න
08. බෙල්, රෝල ගේට්, තාප්පෙ ලයිට්ස් කල් තියා ප්ලෑන් කරන්න
09. ඩේට වයර් ප්ලෑන් කරන්න, දැන් හිතෙයි වයි ෆයි හොදයි කියලා, ඒත් පස්සට ඕන වෙනවා
10. හරියට සර්කිට් කඩල බ්‍රේකර්ස් දාන්න
11. පුලුවන් නම් පොලවෙන යන වයර් ටිකක් දාන්න පස්සෙ කාලෙක වෙනම ලයින් අදින්න පුලුවන් වෙන්න
12. ඒ සී, ගීසර් වගේ ඒවට ටූ පෝල් ස්විච් දාන්න අමතක කරන්න එපා
13. එක්කො 100% තඹ කම්බියක් හරි ලොකු ජී අයි බටයක් ගන්න එර්ත් එකට
14. කුස්සියේ කුකර් එකට, එලියට අදින ෆෑන් එකට, සීලින් ෆෑන් එකට ප්ල්ග්, ස්විට්ච් තියන්න
** මතක ඇතුව සැලැබ් එක දාන්න කලියෙන් ඔක්කොම ජන්ශන් බොක්ස් සීල් වෙලාද, බට තැලිලද කියල එකින් එක බලන්න. මම ඔක්කොම බලලත් එක තැනක් මිස් වෙලා එතනින් කොන්ක්‍රීට් ඇතුලට ගිහින් තිබ්බා.
තව මතක් උනොත් කියන්නම්