
හදකම්පා කරවන ශෝචනීය පුවතක් බංගලි දේශයෙන් පසුගිය දිනක අසන්නට ලැබුණි.
අඩු අදායම්ලාභී කම්කරුවෙකු වූ 24 හැවිරිදි අබ්දුල් රෂිඩ් ඉකුත් අගෝස්තු 4 වෙනිදා රජයේ රෝහලට ගියේ දරුවෙකු ලැබීමට සිටි තම බිරිඳ වෛද්යවරයෙකුට පෙන්වීමටය. පසුගිය කාලයේ ශිෂ්‍ය ව්‍යාපාරය දරුණු අතර හැරුනු නිසා රජයේ රෝහල් බොහොමයකට කැරලි ගැසූ ශිෂ්‍යන් විසින් රජයට අයත් රෝහල් බොහොමයක් විනාශ කර දැමුණි. ඉතිරිව තිබු රෝහල් පෝලිම ඉතා දිග වූ බැවින් බිරිඳ ට බංකුවක වාඩිවී සිටීමට උපදස් දී රෂිඩ් පෝලිමට එකතු විය. මේ වන විට ශිෂ්‍යයන් විසින් පෙළපාලියක් යමින් තිබුණි. බංග්ලාදේශයේ අවාමි පක්ෂයේ අයද පොලිසියද පෙළපාලියට රබර් උණ්ඩවලින් වෙඩි තැබූ අතර උණ්ඩ කීපයක් අබ්දුල්ටද වැදුනේය . ඔහුට ශල්‍ය ක්‍රම දෙකක් කොට උණ්ඩ අටක් උදරයෙන් ඉවත් කරනු ලැබිණ. මේ අතර ඔහුගේ බිරිඳට දරුවා ලැබිණ. ශල්‍ය කර්ම දෙක සඳහා ගාස්තුව ටකා 17000ක් විය එහෙත් ගෙවන්නට මුදල් ඔහු අත නොවීය. කුලී වැඩ කිරීමෙන් ඔහු දිනකට ඉපයූ ආදායම ටකා 450 ක් විය. අවසානයේ රෝහල් ගාස්තු ගෙවන ලෙස රෝහල ඔහුට බලකළේය. තර්ජනය කළේය. රෂිඩ් කැරලි මෙහෙයවූ ශිෂ්‍ය නායකයින් වෙත ගොස් ඔහුගේ අවනඩුව කීවද ඔවුන් එය එක තබ දොයිතුවකට ගණන් ගත්තේ නැත. අවසානයේ ශිෂ්‍යන් විසින් රෂිඩ්ව බැන වැදි එලවා දැමුහ.
අවසානයේදී අලුත උපන් දරුවා විකිනීමට ඔහු සහ බිරිඳ තීරණය කළහ. දරුවන් නැති යුවලක් ටකා 37000 කට දරුවා ඉල්ලාසිටි බැවින් රෂිඩ් සහ ඔහුගේ බිරිය එක්ව දරුවා එම මුදලට විකුණනු ලැබිණ. එහෙත් ලැබුනේ ටකා 25000ක් පමණි. ඉතිරි මුදල තවම ලැබී නැත. එම මුදල ඉල්ලා සිටියත් එම යුවල රෂිඩ්ව මග හරිමින් සිටියි.
Last edited: