අල ලූනු ටින් මාලු අඩු නෑලු
අයවැයෙන් අඩුවට කන්න දෙන බව පැවසූ බඩු වලටත් ඇණකොන්ඩා..
නම් කිහිපයක් ගැසට් නිවේදනයෙන් හැලෙයි..
අයවැය මගින් ගෑස් ඇතුළු භාණ්ඩ 11 ක මිල පාලනය කරන බවට සඳහන් කළත් (26* වනදා නිකුත් කළ පාරිභෝගික කටයුතු අධිකාරියේ
ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ගෑස් ඇතුළු භාණ්ඩ 07 ක් පිළිබඳව පමණක් බව පාරිභෝගික අයිතීන් සුරැුකීමේ සංවිධානය සඳහන් කරයි.
එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ අයවැය ලේඛනයට අනුව පරිප්පු, ගෑස්, හාල්මැස්සන්, කට්ටා කරවල,
සාලයා කරවල, කඩල, දේශීය කිරිපිටි, ටින් මාළු, ළදරු කිරිපිටි, අල, බී ලූනුවල මිල පාලනය කරන බවට සඳහන් කර තිබු බවයි.
එහෙත් ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ගෑස්, හාල් මැස්සන්, පරිප්පු, කට්ටා කරවල, සාලයා කරවල, කඩල, දේශීය කිරිපිටි පමණක්
මිල පාලනය කරන බවද ඔහු පවසා සිටියේය. එම ගැසට් නිවේදනයට අනුව ටින් මාළු, ළදරු කිරිපිටි, අල, බී ලූනු ගැසට් නිවේදනයට ඇතුළත් කර
නොමැති බවද හෙතෙම සඳහන් කළේය.