අවශ්‍ය නම් කංජිපානි ව ගෙනත් දෙන්නම් - දුමින්ද ජයතිලක..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1721123117-police-IP-L.jpg


    තමන්ට බලය පවරන්නේ නම් කංජිපානි ඉම්රාන් ලංකාවට රැගෙන ඒමේ හැකියාව තමන්ට තිබෙන බව මේ වනවිට ප්‍රංශයේ රැඳීසිටින හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පවසයි.

    කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ දුමින්ද ජයතිලක මහතා මරණ තර්ජන ඇති බව පවසමින් පසුගියදා විදේශගතවී තිබුණි.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ උපන් දින සාදයට දුමින්ද ජයතිලක ද එක්වී තිබූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරගිය ප්‍රචාරයන්ට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    "පාතාලයේ මිනිස්සු සමග මගේ සම්බන්ධයක් නැහැ. ඒක මට අවශ්‍ය දෙයකුත් නෙමෙයි. රැකියාව කරන්න ගිහින් හැමදේම නැති කරගෙන විදේශ රටකට ඇවිත් ජීවත් වෙන මනුස්සයෙක් මම. මගේ ළමයා මාස 05ක් ඉස්කෝලේ යන්නේ නැහැ. බිරිඳට ඉන්න තැනක් නැහැ. ගෙවල් 12කට ගියා. ඒ අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒවා කවුරුත් කතා කරන්නේ නැහැ."

    "ලංකාවේ පාතාල මර්දනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් රැකියාව කරපු සුවිශේෂී කෙනෙක්. මම අදටත් ජාත්‍යන්තර පොලීසියේ සාමාජිකයෙක්. කංජිපානි ඉම්රාන් ප්‍රංශයේ ඉන්නවා නම් ලංකාවට ගේන්න මට පුළුවන්. ඒකට මට අවශ්‍ය බලය පවරන්න."

    "කංජිපානි ලංකාවට ගෙනාවයි කියලා පාතාලය හෝ කුඩු ජාවාරම නතර වෙන්නේ නැහැ. නමුත් ලංකාවට අවශ්‍ය නම් මගේ කොටස කරන්න මම පැකිලෙන්නෙත් නැහැ."