කාමරයේ තනි නොතනිය මැකුව වෙලේ
එකටම හිඳන් එකටම අපි හැඬුව දිනේ
දුරකට ඇවිත් දරුවන් සිහි කෙරුව කලේ
අප දෙන්නාට හිටියේ අපි නොවෙද අනේ
අතටම තිබුනු සුදු සාරිය පටලාලා
මුව ළඟ සිනාවත් ලාවට පූදාලා
අඩු සපු ලීයකින් පෙටිටියකුත් සාදා
උඹ නිදි අරන් සංසාරය යාවීලා
මහතැන් නැතත් අපි එකටම ආ කලට
වයසත් මෝරලා හැත්තෑ අට දොහට
වැඩිහිටි නිවහනේ සුදු කොඩි රෙදි කඩට
උඹෙ දුක දැනුනේ නෑ තනිවූ කල සිටම
වැඩි කල් නොගොස් සුදු සාරිය පටලාලා
සිරිමහ බෝධියේ අනුහස් සිහිකරලා
හුස්මත් අරන් මේ සැමටම සමුදීලා
එන්නම් මමත් හිටපන් උඹ මග බලලා
ඡායාරුව - Dhammi Anurapura
පද රචනය - හසිත හේරත්



