අවාරේ සිරිපා වන්දනාව

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අවාරේ සිරිපා වන්දනාව

මම පොස්ට් 6000 ක් සම්පූර්න කලා. ඒක සනිටුහන් කරන්නට මේ පොස්ට් එක දාන්න හිතුව.

මතකද මම පහුගිය දවසක අවාරේ සිරිපා වන්දනාවෙ යනව කියල නූලක් දැම්ම. ඔන්න අපි ඒ චාරිකාව ගිහින් ආව. නමුත් අවසනවකට මට සිරිපාදෙ නගින්න හම්බවුනේ නැ. මගෙ දකුනු කකුලෙ දනිස්සෙ පොඩි ආබාධයක් ඇතිවුනා. ඒත් අපිත් එක්ක ගිය අනිත් කට්ටිය ඒ කර්තව්යය කරා.

කොහොම උනත් මමයි තව යාලුවෙකුයි මග නැවතුනා.

මේ චාරිකාව කරන්න මූලික හේතුව උනේ මගෙ යාලුවෙක් සිරිපාදෙ ගැන පොතක් ලියනව. ඒකට ඔනෙ පින්තූර ගන්න තමයි මේ චාරිකාව යොදා ගත්තෙ.

රත්නපුරේදි අපි මුලින්ම ගියේ සමන් දෙවලෙට. අපි ගිය වෙලවෙ සමන් දෙවලෙ වහල තිබුනෙ.
mg0016.jpg

mg0012h.jpg

මෙ තියෙන්නෙ සමන් දෙවලෙට ආතුල්වෙන පාර. මීදුමත් එක්ක ලස්සන හින්ද මේ පින්තූර ගත්ත

mg0014d.jpg

මේ ඉන්නෙ සමන් දේවලෙ අලිය.

කට්ටිය චාරිකාව පටන් ගත්තේ රත්නපුර - පලාබද්දල මාර්ගය, මේ පාරෙ පඩි 9606 ක් තියනව. මේ පාර යුධ හමුදාවෙන් සම්පූර්නයෙන්ම හදල තියෙන්නේ. කට්ටියගෙ අදහස තිබුනෙ මස්කෙලිය - මරේ තේවත්ත මාර්ගයෙන් පහලට බහින්න.

ඒ හින්ද අපි දෙන්න රත්නපුරේ ඉදන් මස්කෙලියට එන්න පිටත් උනා.

අපිට තිබුන ලගම පාර තමයි බලන්ගොඩ - බගවන්තලාව හරහ මස්කෙලියට එන එක. ඒ එන අතරතුරේ තමයි මේ පින්තුර 2ක ගත්තෙ.

img0017voh.jpg

මෙතන උස අඩි 4300 ක් / මිටර් 1320 ක් වෙනව
img0018plb.jpg

එතනම තියනව නැරබුම් කුටියක්. මෙතනින් බලන්ගොඩ සානුව ලස්සනට පෙනව.


ඔය අතරතුරේ අපි කාසල්‍-රේ ප්‍රදේසයට ආව. එතනදි තමයි මේ පල්ලිය දැක්කෙ
img0024g.jpg

මේක හදල තියෙන්නෙ 1878 වසරේ

කොහොම කොහොම හරි අපි මස්කෙලියට සේන්දු උනා.

අපෙ නවාතැන උනේ මරේ එස්ටේට් එකේ Fishing Hut කියන නවාතැන්පලයි. මේ නවාතැන මස්කෙලිය වැවිලි සමාගමේ, නාවින්නෙ කාර්යාලයෙන් වෙන්කරවා ගන්න ඔනෙ.
img0027uz.jpg

මේ නවාතැන ගාවින් බත්තුලුඔය ගලාගෙන යනව. වතුර නම් මාර සීතලයි.
img0031ktd.jpg

img0032st.jpg


මෙතනට සිරිපාදෙ ලස්සනට පේනව
mg0062j.jpg


මේ තියෙන්නේ නවාතැනේ ලග ගත්ත පින්තූර ටිකක්

img0147vx.jpg


mg0133.jpg


img0058bk.jpg


img0048zg.jpg

මේ දොඩම් නෙමෙයි, මාමලේඩ්. ඒ පැත්තෙ ඔනෙ තරම් තියනව. මිරිකල drink එකක් විදිහට හරි රසයි

img0043dn.jpg


img0090lq.jpg

img0086nf.jpg

මෙයා හිටියෙ එහා ඉවුරෙ

පහුවෙනිද උදේ හොදටම වැස්ස. එතකොට අපේ නවාතැනට අමුත්තෙක් ආව. එයත් වැස්සෙන් බේරෙන්න එතන තිබුන ආවරනයක වැහැව්ව.
img0180he.jpg
img0179si.jpg
img0183b.jpg

මෙයා තමයි කැහිබෙල්ල - ලන්කාවට ආවේනික කුරුල්ලෙක්. …මම සටසට ගාල පින්තූර 2-3ක් ගත්ත.

මේ පින්තූර ඔක්කොම ගත්තෙ මගෙ Canon 500D DSLR Camera එකෙන්. ඔක්කොම photos Camera RAW (CR2) format එකෙන් තියෙන්නේ. jpeg වලට convert කරල size reduce කරන කොට පොඩ්ඩක් අපැහැදිලි කමක් වෙලා.

පොස්ට් එක හොද නම් comments දෙන්න. ඒ එක්කම Rep දුන්නොත් සතුටින් බාර ගන්නව