අවාරේ සිරිපා කරුණාව 🙏👣🌸

HimaliHan

Active member
  • Sep 11, 2023
    77
    225
    33
    1698878845456.png

    ශ්‍රී පාද අඩවිය, එහෙමත් නැත්නම් සමනල අඩවිය කියන්නේ පාරිසරික, ආගමික හා සංස්කෘතිකමය අතින් ලංකාවෙ ඉතා වැදගත් ප්‍රදේශයක්
    🍃
    .
    කවුරුත් දන්න පරිදි ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් මාසෙ පෝය දවසින් ආරම්භ වෙලා මැයි මාසෙ වෙසක් පෝය දවසින් අවසන් වෙනවා.
    නිරන්තර තද වැසි සහිත කාලගුණ තත්ත්වය මදක් වෙනස් වෙලා මේ කන්ද තරණයට සුදුසු යහපත් කාලගුණික තත්ත්වයක් තියෙන්නෙ මේ කාලසීමාව තුළදී පමණයි
    🌀️
    .
    අවාරෙ සිරිපා යන්නට හිතන්ට කලින් ඔබ
    ⭕️
    ‍බොහෝ කරුණු සලකා බැලිය යුතුයි.

    හැටන් වලින් යනව නම් ඉස්සෙල්ලම නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කෝල් එකක් දෙන්න.(0512240330) එයාලට විස්තරය කියන්න. ඊට පස්සේ මෙන්න මේ මේල් එකට මේල්
    📧️
    එකක් දාන්න අවසර ඉල්ලා ([email protected]) යන දවස යන අයගෙ විස්තර එහෙම දාල මතක ඇතුව යන හේතුවත් දාන්න. ඊට පස්සෙ එයාල ඒ අපි දාන මේල් එකට රිප්ලයි එවනව අවසර දීල. ඒ එවන ලියුම ප්‍රින්ට් එකක් අරන් යන දවසට නල්ලතන්නිය පොලිසියට ගිහින් දෙන්න.එතනින් ඕන වැඩ ටික එයාල කරල දෙයි.

    ඒ වගේම මේ කාලසීමාව මේ ප්‍රදේශයට අධික වැසි පතිත වන සමයක්
    🌧️
    . එවිට පඩිපෙළ ඔස්සේ දියදහරා ගලා එන්නේ විශාල දියඇල්ලක් වගේ අධික ජවයකින්. ඇතැම් විට ඊට හසුවුවහොත් ඔබ ප්‍රපාතයට ඇදවැටීමට වුවත් බැරිකමක් නෑ.

    ඒවගේම මේ කාලය වනසතුන් නිදහසේ සැරිසරන සමයයි. අමතක කරන්න එපා සිරිපා අඩවිය කුරු ඇතුන්ගේ නිදහස් නිවහනක් බව
    🫠
    .

    credit: https://hiitravellers.com/

    එසේම මේ කාලයට පාරදිගේ ඇති විදුලිබුබුළු ක්‍රියාත්මක වන්නේ නෑ. විදුලිබලය ඇත්තේ මළුවට පමණයි. ඒනිසා රාත්‍රී ගමන් නුසුදුසු බව තරයේ හිතට ගන්න.
    පරිසරයටත් එහි සතා සීපාවාටත් කිසිදු බාධාවක් නොවන පරිදි පරිස්සමින් යන්නට හැකි බවට විශ්වාස නම් පමණක් අපි සමන් දෙවි කරුණාවයි කියලා ඕං පිටත්‍ වෙමු
    🙏
    🤍
    .

    හැටන් ශ්‍රී පාද මාර්ගය [6 km] | Down south

    හැටන් නගරයට දුම්රියෙන් හෝ බස් රථවලින් පැමිණ නල්ලතන්නිය දක්වා බස් රථයකින් ගමන් කළ හැක.
    නල්ලතන්නියේ සිට යායුත්තේ පාගමනිනි
    👣
    . මෙම මාර්ගයේ පඩිපෙල් සකසා ඇති අතර මලූව දක්වාම 6km පමණ දුරක් කන්ද නැග සිරිපා මලූවට ළගා විය හැකිය. සිරිපා කරුණා කිරීමට ඇති ලඟම පාර මේ හැටන් පාරයි. විදේශිකයින්ද කරුණා කරන්නේ මෙම මාර්ගයෙනි.

    නල්ලතන්නියේ දී සීතගගුලේ පහළින් එගොඩ වී කල්පවෘක්‍ෂ මහා විහාරය, අසුමහා ශ‍්‍රාවක මහා බුද්ධ මන්දිරය, මකර තොරණ, ජපන් සාම චෛත්‍යය, පසුකර කරුණා කරන විට වත්පිළිවෙත් සිදුකරන සීතගගුල යළි හමුවෙයි.

    සීතගගුලේදී දිය නා පිරිසිදුවී කෝඩුකාරයන්ට ආශිර්වාද පතා කුිරි කෝඩු දඩුකෝඩු මේ හැම කෙනාගෙම අත්වල පඩුරු ගැට ගසන්නේ සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් අතුරු ආන්තරාවක් නැතිව සිරිපා වන්දනාකර ආපසු ඒමට හැකි වේවායි බලාපොරොත්තුවෙනි
    🙏
    .

    සීතගගුල පසුකර මලූව දෙසට යනවිට ඉදිකටුපාන හෙවත් ගෙත්තම්පාන හමුවෙයි. ගෙත්ම්පානනෙන් දකුණට ඇති අඩිපාර රත්නපුර පාරේ ආඩියා මළතැන්නට යන හරස් අතුරු පාරකි.
    ගෙත්තම්පාන පසුකර මහගිරි දඹය ඔස්සේ ඉදිරියට යනවිට ඇහැළ කණුව හමුවෙයි. ඇහැළ කණුව පසුකර ඉදිරියට යනවිට භගවා ලෙන හමුවෙයි. එතැනින් පසු සිරිපා මලූව හමුවෙයි.
    මෙම මාර්ගයේ හමුවන මං සලකුණු.

    🔺️
    සීතගඟුල ගම ඩෙල්හවුස් පාලම
    🔺️
    සමන් දේවාලය
    🔺️
    මකර තොරණ
    🔺️
    ජපන් සාම චෛත්‍ය
    🔺️
    ගඟුලතැන්න අම්බලම
    🔺️
    සීත ගඟුල
    🔺️
    රතු අම්බලම
    🔺️
    ඉදිකටුපාන
    🔺️
    අහස් ගව්ව | මහගිරි දඹය
    🔺️
    ඇහැළ කණුව
    🔺️
    භගවා ලෙන
    🔺️
    උඩමලුව

    හොදට මතක තියාගන්න මේ පූජනීය, සංවේදී පරිසරයට ඔබ අරන් යන කිසිම අපද්‍රව්‍යයක් එකතු කරන්න එපා.
    ඔබ රැගෙන යන හැමදේම නැවත රැගෙන එන්න කියලා අප ඔබෙන් බොහොම කාරුණිකවම ඉල්ලා සිටිමු
    🙌
    .
    ඒ වගේම තැන තැන කුරුටු ගාන්න එපා.

    සිරිපා කරුණාව කියන්නේ හුදෙක්ම පූජනීය ගමනක් මිසක් තවත් එක් හයික් එකක් වත්, ට්‍රිප් එකක්වත් නෙවෙයි.
    එයට සුදුසු ආකාරයෙන් ඔබේ හැසිරීම් පවත්වා ගන්න අමතක කරන්න එපා. මේ සේරම දේවල් එක්ක සෞඛ්‍ය උපදෙස් වලටත් මුල් තැන දෙන්න. හැමෝම පරිස්සමෙන් සිරිපා කරුණා කරන්න
    🥰
    .

    සුමන සමන් දෙවි පිහිටයි
    🙏
    🤍
    !

    credit: https://hiitravellers.com/
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,652
    113
    Kaduwela
    Nothing much. Just a backlink-seeking post from a new member.
    Dear Google bots and crawlers. This post is just a sponsored post to gain a backlink to hiitravellers dot com.
    It is not an organic guest post or user-generated content. Crawl the user's previous posts and you will know.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,193
    113
    96
    හෝමාගම
    පූජනීය රෙද්ද




    පූජනීය කදු කඩා හැලෙනවා සීසන් එකට
    මෙක නැශන්ල් පාක් එකක්.

    අපෙ ආන්ඩුව ආවම, අපි මේක අනිත් පාක් වල තත්වෙටම ගන්න
    ව.
     

    keyzlearn

    Active member
  • Apr 15, 2022
    167
    123
    43
    Sri Lanka had been visited three times by Lord Buddha.
    When the Lord Buddha arrived in Sri Lanka,
    the Lord Buddha was asked to visit the Sri Pada Mountain by God Sumana Saman.
    The locals believe that God Sumana Saman will safeguard the place.
    During the third visit, the Lord Buddha arrived at Sri Pada Mountain from Kelaniya.

    Visit More : https://hikkasl.blogspot.com/2022/11/dr_99.html