අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් යුවතියක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,264
    47,112
    113
    අතපසුකිරීමක් හෝ නොසැලකිලිමත් කමක් ජීවිතයක් අහිමිවීමෙන් වුවද කෙළවර විය හැකිය.

    එලෙස නොසැලකිල්ලක් නිසා යුවතියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ ඛේදජනක පුවතක් බත්තරමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

    30 හැවිරිදි හංසිනී භාග්‍යා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරියක්ය.
    රාජකාරිය නිමාකොට හංසිනී පසුගිය 11 වැනිදා පස්වරු 6.40ට පමණ තම නවාතැන වෙත පැමිණ තිබුණේය.
    ඇය තවත් හිතවතියක් සමග නවාතැන් ගෙන සිටින්නේ බත්තරමුල්ල ප්‍රධාන වීදිය සම්පත් පෙදෙසේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මාලයේය.
    හංසිනී සිය රාත්‍රී ආහාරය සූදානම් කරමින් සිට ඇති අතර, නාන කාමරයේ සිට ඇති මිතුරියට කෑගැසීමක් ඇසී තිබෙන්නේ යමක් ඇදවැටෙන ශබ්දයක් ද සමගින්ය.
    වහා නාන කාමරයෙන් ඉවතට පැමිණ බැලූ මිතුරියට සිය ඇස් අදහාගත නොහැකි වී ඇත්තේ නවාතැන පසුපස තිබූ අනාරක්ෂිත ස්ථානයකින් පහළට වැටී සිටි හංසිනී දැකීමත් සමගයි.
    ඉහළ මහලෙන් සෘජුවම පහළට නිරාවරණය වන එම අනතුරුදායක ස්ථානයේ කලක සිට කිසිදු බැම්මක් හෝ ආවරණයක් තිබී නොමැත.
    වහාම 1990 ගිලන්රථයක් ගෙන්වාගෙන හංසනී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නට නිවැසියන් කටයුතු කර තිබුණි.
    කෙසේ නමුත් රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හංසිනී ඊයේ පස්වරුවේ මෙලොව හැරදා ගියාය.
    දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා වන හංසිනී උපාධිධාරිණියක්ය.
    ඇගේ අවාසනාවන්ත මරණය සමාජ මාධ්‍ය තුළ පවා දැඩිලෙස කතාබහට ලක්ව තිබේ.
    ඇය සිටි නවාතැනේ අනතුරුදායක ස්ථානය පිළිසකර කර තිබුණා නම් මේ වටිනා ජීවිතයට මේ ඉරණම අත් නොවේ.
    හංසිනී සිය ජීවිතයෙන් මෙලෙස සමුගන්නේ කුලී නිවෙස් හිමියන්ට පමණක් නොව සමස්ත රටටම පාඩමක් කියාදෙමින්ය.

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    අඩේ, කොට්ටාවේ කොල්ලෙකුත් ස්ලැබ් එකෙන් වැටිලා මැරිලා ලු. එයා වරායේ ඉංජිනේරු කෙනෙක්.
     
    • Sad
    Reactions: Schrodinger Cat

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕවට නීති නැත්නම් හදන්න ඕන.

    ගෙවල් කාමර කුලියට දෙන උන්, Airbnb කරන උන්ට නඩු දාන්න පුළුවන් වෙන්න
     
    • Like
    Reactions: Hyperx99 and Cenon

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ඕවට නීති නැත්නම් හදන්න ඕන.

    ගෙවල් කාමර කුලියට දෙන උන්, Airbnb කරන උන්ට නඩු දාන්න පුළුවන් වෙන්න
    :yes: :yes: :yes: :yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    ඕවට නීති නැත්නම් හදන්න ඕන.

    ගෙවල් කාමර කුලියට දෙන උන්, Airbnb කරන උන්ට නඩු දාන්න පුළුවන් වෙන්න
    thamun jeewath wena thana , brush ekak dala poddak madinna barida ban..ekatath gewal kuliyata dena eka pali wenna kohomada..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,659
    28,696
    113
    අඩේ, කොට්ටාවේ කොල්ලෙකුත් ස්ලැබ් එකෙන් වැටිලා මැරිලා ලු. එයා වරායේ ඉංජිනේරු කෙනෙක්.
    mekada?

    සිවිල් ඉංජිනේරුවරයා වහලයෙන් ඇද වැටී මරුට​

    කතෘ මණ්ඩලය 2024 ඔක්තෝබර් මස 15 බැලුවෝ - 3940

    (ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
    පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍රික සිවිල් ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

    මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය හිරිපිටිය බෝගහවිල පාර , පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ ධනුෂ්ක රුක්ෂාන් රාජපක්ෂ නමැති (41) හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.

    මෙම පුද්ගලයාගේ බිරිඳ අවුරුදු එකහමාරක සහ තුනක දරු දෙදෙනා බලා ගනිමින් නිවස තුළ සිටියදී වර්ෂාවත් සමග ඉහළ මහලේ වහලයෙන් ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවිකිරීම සඳහා තනිවම වහලයට නැග එය සවි කිරමින් සිටියදී අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටි නිවෙස් දෙකක් අතර අඩි නමයක් පමණ වූ හිස් බිමකට ඇද වැටී අනතුරක් සිදුව තිබේ.

    මේ බව කිසිවක් නොදත් යාබද නිවසේ කාන්තාවක් පිටිපස දොර විවර කර පිටතට පැමිණීමේදී ඒ ඉදිරිපිට පුද්ගලයකු වැටි සිටිනු දැක , පසුව විපරම් කර බැලීමේදී ඒ යාබද නිවසේ පුද්ගලයා බවට හඳුනාගෙන ඔහුගේ බිරිඳට දන්වා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන ගොස් ඇතත් වෛද්‍යවරුන් පරීක්ෂා කොට පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි. - https://www.lankadeepa.lk/news/සවල-ඉජනරවරය-වහලයන-ඇද-වට-මරට/101-659994

    පසුව හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පනීත සෙනෙවිරත්න මහතා මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට හා ඉදිරිපත් වූ සාක්ෂි වලට අනුව උසක සිට පහළට වැටීමෙන් මොළයට සුසුම්නාවට සිදු වූ බරපතල තුවාල මරණයට හේතුව බවට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය.

    සිද්ධිය වූ ස්ථානයේ වහලයේ තිබී බැටරියකින් පණ ගැන්වෙන ඩ්‍රිල් යන්ත්‍රයක් හා අනතුරට ලක්වූ පුද්ගලයා වැටී සිටි ස්ථානයේ තිබී මිටියක් හා හිස් වැසුමක් පොලිස් නිලධාරීන් සොයාගෙන ඇති අතර වහලය මත සිටියදී පය ලිස්සා අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි. - https://www.ada.lk/breaking_news/සිවිල්-ඉංජිනේරුවරයා-වහලයෙන්-වැටී-මරුට/11-412503
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mekada?

    සිවිල් ඉංජිනේරුවරයා වහලයෙන් ඇද වැටී මරුට​

    කතෘ මණ්ඩලය 2024 ඔක්තෝබර් මස 15 බැලුවෝ - 3940

    (ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
    පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍රික සිවිල් ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

    මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය හිරිපිටිය බෝගහවිල පාර , පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ ධනුෂ්ක රුක්ෂාන් රාජපක්ෂ නමැති (41) හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.

    මෙම පුද්ගලයාගේ බිරිඳ අවුරුදු එකහමාරක සහ තුනක දරු දෙදෙනා බලා ගනිමින් නිවස තුළ සිටියදී වර්ෂාවත් සමග ඉහළ මහලේ වහලයෙන් ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවිකිරීම සඳහා තනිවම වහලයට නැග එය සවි කිරමින් සිටියදී අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටි නිවෙස් දෙකක් අතර අඩි නමයක් පමණ වූ හිස් බිමකට ඇද වැටී අනතුරක් සිදුව තිබේ.

    මේ බව කිසිවක් නොදත් යාබද නිවසේ කාන්තාවක් පිටිපස දොර විවර කර පිටතට පැමිණීමේදී ඒ ඉදිරිපිට පුද්ගලයකු වැටි සිටිනු දැක , පසුව විපරම් කර බැලීමේදී ඒ යාබද නිවසේ පුද්ගලයා බවට හඳුනාගෙන ඔහුගේ බිරිඳට දන්වා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන ගොස් ඇතත් වෛද්‍යවරුන් පරීක්ෂා කොට පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි. - https://www.lankadeepa.lk/news/සවල-ඉජනරවරය-වහලයන-ඇද-වට-මරට/101-659994

    මේ වැස්සෙ ඇස්බැස්ටස් වහල වලට නගින්නෙ මොකාද යකෝ. මටත් වහලෙට යන්න උවමනවත් තියෙනව් පොඩි ඩ්‍රේන් එක්ක් සුද්ද කරන්න. මම මේ ඉවසන් ඉන්නව දවස් 3ක්වත් පායනකන්. ඇස්බැස්ටස් එකේ දියසෙවල ලිස්සනව පට ගාල. අල්ලගන්න තැනක්වත් නෑනෙ.
     
    • Like
    Reactions: Mugen and monson

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,118
    113
    34
    Kalutara
    මේ වැස්සෙ ඇස්බැස්ටස් වහල වලට නගින්නෙ මොකාද යකෝ. මටත් වහලෙට යන්න උවමනවත් තියෙනව් පොඩි ඩ්‍රේන් එක්ක් සුද්ද කරන්න. මම මේ ඉවසන් ඉන්නව දවස් 3ක්වත් පායනකන්. ඇස්බැස්ටස් එකේ දියසෙවල ලිස්සනව පට ගාල. අල්ලගන්න තැනක්වත් නෑනෙ.
    සිවිල් ඉංජිනේරුවරයෙක් නේ. අපිට වඩා දන්නවා ඇති ඒක නිසා.. 🤔
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සිවිල් ඉංජිනේරුවරයෙක් නේ. අපිට වඩා දන්නවා ඇති ඒක නිසා.. 🤔

    මගේ ගෙදරත් මම ඇඳල වහලෙ ඈන්ගල් එක තීරණය කලේ මමමනේ. ඉතිං මම දන්නව ඒකෙ රිස්ක් එක. වැටුනොත් මමත් අඩි 22ක් බිමට
     
    • Sad
    Reactions: Heshan Daminda