අවිස්සාවේල්ලේ දැරියකට 35 දෙනෙක් අතවර කරş
re post නම් සොරී...
By gossiplankanews
re post නම් සොරී...

අවිස්සාවේල්ලේ දැරියකට 35 දෙනෙක් අතවර කරලා

පොලිසියට තොරතුරු හෙළිවී 8 දෙනකු අල්ලා ගනී
පුද්ගලයන් තිස්පස් දෙනකුගේ ගොදුරක් වෙමින් විටින් විට ලිංගික අතවරයන්ට ලක්වූ දහතුන් හැවිරිදි ළාබාල දැරියක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් අවිස්සාවේල්ල පොලිසිය ඊයේ (4 දා) එම දැරියට අතවර කළ සැකකරුවන් අටදෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.
අවිස්සාවේල්ල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඩබ්. කේ. පී. අශෝක කුමාර මහතා වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම දැරිය සොයාගත් අවිස්සාවේල්ල නොවිසඳුණ අපරාධ විමර්ශන ඒකකය පසුව දැරියගෙන් ලද තොරතුරු මත මෙම සිද්ධිය අනාවරණය කරගෙන ඇත.
සිද්ධියත් සමග පොලිසිය භාරයට ගත් මෙම දැරිය මේ වන විට පොලිස් රැකවරණය යටතේ පසුවේ.
අවිස්සාවේල්ල ප්රදේශයේ දුෂ්කර ගම්මානයක දිළිඳු පවුලක සිටි මෙම දැරියට ළාබාල වියේදීම පුද්ගලයන් කිහිප දෙනකු බලහත්කාරයෙන් අතවර කර ඇත.
එසේ අතවරයට ලක් වීමෙන් පසු දැරියගේ මිත්තණියක ඇතුළු වැඩිහිටියන් වරින් වර ඇයව කාමාතුරයන් සඳහා මුදලට අලෙවි කිරීම හේතුවෙන් මෙලෙස ඇය පුද්ගලයන් තිස්පස් දෙනකුගේ පමණ ලිංගික ගොදුරක් වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙසේ ඇය ලිංගික අතවරයන්ට ගොදුරු වන අතරවාරයේ සිදුව ඇති මිනිස් ඝාතනයක තොරතුරුද මේ වන විට පොලිසියට වාර්තා වී ඇති අතර පොලිසිය ඒ පිළිබඳවද පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.
සීතාවකපුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී අතුල වීරසිංහ හා අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරී ඩී. එස්. සූරියආරච්චි යන මහත්වරුන්ගේ උපදෙස් මත අවිස්සාවේල්ල පොලිස් ස්ථානාධිපති ඩබ්. කේ. පී. අශෝක කුමාර, නොවිසඳුණ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුජිත් ඕල්ටර් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.