අවි ගබඩාවේ අවි 3422ක හිඟයක්

monson

Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    අවි ගබඩාවේ අවි 3422ක හිඟයක්

    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබී සොයාගත් අවි ගබඩාවේ සඳහන් අවි ප්‍රමාණයට වඩා පරීක්ෂා කිරීමේදී හමුවූ අවි තොගය අතර අවි 3422ක හිඟයක් පවතින බව පොලීසිය සඳහන් කරයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නිකුත්කර ඇති සම්පූර්ණ ගිනි අවි ප්‍රමාණය 3473 ක් වුවද, ගබඩාවේ තිබී ඇත්තේ ගිනිඅවි 151 ක් පමණක් බවයි.


    පැවැති ප්‍රමාණය
    1%28963%29.gif

    2%281323%29.gif


    - http://www.ada.lk/article/46660/අවි-ගබඩාවේ-අවි-3422ක-හිඟයක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    ගෝඨාගේ අතුරු හමුදාව ‘රක්නා ලංකා‘ සතු රහසිගත තවත් විශාල අවි ගබඩාවක් ගාල්ල නාවික හමුදා කඳවුරෙන් සොයා ගනී: පොලිසිය සීල් තබයි

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.19, ප.ව.10.45) ගෝඨාභය රාජපක්ෂගේ එක් අතුරු හමුදාවක් ලෙස ක්‍රියා කළ රක්නා ලංකා පුද්ගලික ආරක්ෂක සේවයට අයත් රහසිගත අවි ගබඩාවක් ගාල්ල නාවික හමුදා කඳවුරේ තිබී පොලිසිය විසින් අද සොයා ගන්නා ලදී.

    මෙම අවි ගබඩාව නාවික කඳවුරේ පිහිටා තිබූ සුභ සාධක ගොඩනැගිල්ලේ ඉහල මාලයේ පිහිටා තිබිණ. එය අඩි 20 ක් පමණ පළල අඩි 80 ක් පමණ දිගින් යුත් විශාල අවි ගබඩාවක් වන අතර එවැනි විශාල අවි ගබඩාවක් පුද්ගලික ආරක්ෂක සේවයකට කිසිසේත්ම අවශ්‍ය වන්නක් නොවන බව ආරක්ෂක ප්‍රධානීහු පවසති. අනෙක් අතට පුද්ගලික ආරක්ෂක සේවයකට අයත් අවි ගබඩාවක් රහසිගතව නාවික හමුදා කඳවුරක පවත්වාගෙන ගියේ කෙසේද යන්න ප්‍රශ්නයකි.

    රාජපක්ෂවරුන්ගේ රහසිගත ක්‍රියා සඳහා යෝෂිත රාජපක්ෂ සම්බන්ධ නාවික හමුදාව අවභාවිතා කෙරිණ. පෙර සිටි නාවික හමුදාපතිවරයෙක් වූ සෝමතිලක දිසානායක (වත්මන් රූපවාහිනී සංස්ථාවේ සභාපති සෝමරත්න දිසානායකගේ සොයුරා) දැනටමත් ගෝඨාභයගේ තවත් අතුරු හමුදාවක් ලෙස ක්‍රියා කරන ඇවන්ට් ගාඩ් නාවුක ආරක්ෂක අංශයේ උපදේශකයෙක් ලෙස ලක්ෂ 7 ක් පමණ ඉහල මාසික වැටුපකට සේවය කරන්නෙකි. ඊට පසු හිටපු නාවුක හමුදාපති ජයනාත් කොළඹගේ සම්පූර්ණයෙන්ම චීන ඔත්තු කාරයෙක් ලෙස ක්‍රියා කරමින් රාජපක්ෂ වරුන්ට කඩේ ගිය අයෙකි. වත්මන් නාවික හමුදාපති ජයන්ත පෙරේරා ද රාජපක්ෂවරුන්ට දුරින් ඥාතීත්වයක් දක්වන්නෙකි. මෙවැනි කොන්දක් නැති නාවුක හමුදාපති වරුන් නිසා යෝෂිත රාජපක්ෂ හරහා නාවුක හමුදාව රාජපක්ෂ වරුන්ගේ රහසිගත ක්‍රියා සඳහා අවභාවිතා කිරීමට මග පෑදී තිබිණ.

    කෙසේ වෙතත් ගාල්ල නාවුක හමුදා කඳවුරේ පිහිටි ඉහත කී රහසිගත අවි ගබඩාවට අද සවස පොලිසිය විසින් මුද්‍රා තබන ලදී

    පසුගිය 18 දා ජාතික හෙළ උරුමය විසින් කරන ලද පැමිණිල්ලක් මත රක්නා ලංකා පුද්ගලික ආරක්ෂන සේවයට අයත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වාගෙන ගිය අවි ගබඩාවකටද පොලිසිය විසින් මුද්‍රා තැබුවේය. පසුගිය මැතිවරණ භීෂණ ක්‍රියා සඳහා රක්නා ලංකා භටයන් සහ ආයුධ භාවිතා කෙලේ යැයි ජාතික හෙළ උරුමය පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් විය.


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    Dinouk Colombage @Dinouk_C · 2h 2 hours ago

    Second Rakna Lanka armoury discovered by police in Galle, contains several thousand weapons #lka
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔය අඩු 3000 තමඉ ටග් මහනුවර නෑවෙ තියෙන්නෙ.............. just connect the dots BMICH is main armory and main bulk of the weapons are at the ship where it is required .... number of weapons found in ship matches the missing amount. further weapons cant counted this each weapon and all the parts inside a weapon has serial number which should count as per the ledgers. let's see what Police says at last(the police should be very cautious to not to reveal partial information to the press that is how the real police work should be done). Ituru tika alexandriya we thiyana nawe athi
    :P
     
    Last edited:

    Similar threads