අවුරුද්දකට බිලියනයක්‌!!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අවුරුද්දකට බිලියනයක්‌!!

    අවුරුද්දකට බිලියනයක්‌ විකිණෙන සුවඳ කූර
    රට දැය සුවඳ කරන සුමේධගේ සුපුවත


    මීට වසර 5000 කට විතර ඉස්‌සර ඊජිප්තු වැසියන් ආ.මික කටයුතුවලදී සහ රජුන් සතුටු කිරීම සඳහා සුවඳ ලාටු දැල්වූ බවට සාක්‍ෂි තිබෙනවා. පූර්ව ඓතිහාසික යු.යට අයත් ඊජිප්තුවේ සොහොන් ගෙවල් තුළින් සුවඳ බෝල හමු වී තිබෙනවා..........

    පිටරටින් නිමි ඇඳුම් ගෙන්වා මෙරටදී විකුණන ව්‍යාපාරිකයකු වන සුමේධ ඇල්පිටියගේ ජීවිතයේ කඩඉම් අවුරුද්ද 1989 ය. එම වසරේදී තායිලන්තයේ පන්සලක වැඩ විසූ භික්‍ෂුන් වහන්සේ නමක්‌ විසින් ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්‌ කර ශ්‍රී ලංකාවේ අංක එකේ හඳුන්කූරු නිෂ්පාදකයකු බවට ඔහු පත් කළේය. ඒ කතාව මෙසේය.

    1989 අවුරුද්දේ එක්‌ දවසක ඔහු සුපුරුදු පරිදි නිමි ඇඳුම් තො.යක්‌ ඇණවුම් කරනු පිණිස තායිලන්තයට යන්නේය. ඇඟළුම් ආයතන කිහිපයකට ගොස්‌ ඇඳුම් මිල ගිවිසගෙන අවශ්‍ය ගනුදෙනු නිමකරන ඔහුට සවස්‌ කාලයේදී විවේකයක්‌ ලැබෙන්නේය.

    ,ඉතින් එදා හවස්‌ වරුවේ මම බැංකොක්‌ නගරයේ ඇවිදින්න ගියා. ඔහොම යනකොට මට හම්බ වුණා පන්සලක්‌. මම තායිලන්තයේ දී ඕනෑ තරම් පන්සල්වලට යනවා. ඒ අනුව මම මේ පන්සල ඇතුළට ගිහින් පිළිම වහන්සේලාට වැඳ නමස්‌කාර කරලා ආපහු එන්න හදනකොටම මා ඉස්‌සරහට භික්‌ෂුන් වහන්සේ නමක්‌ ආවා.

    ,මහත්තයා ලංකාවෙද?, උන්වහන්සේ මගෙන් ඇහුවා.

    ,එහෙමයි හාමුදුරුවනේ...!,

    ,මම ලංකාවේ ඉඳලා මෙහෙ ඇවිත් පදිංචිවෙලා ඉන්න භික්‍ෂුවක්‌. ලංකාවේ ඉඳලා බෞද්ධයන් ඕනෑ තරම් තායිලන්තයට එන බව මම දන්නවා. ඒත් එයින් කෙනෙක්‌ මේ පන්සලට එන්නේ කලාතුරකින්. මහත්තයත් ඒ වගේම අවුරුදු ගාණකින් මෙහෙ ආපු ලාංකිකයෙක්‌. යමු තේ එකක්‌ බොන්න...,

    ඉතින් මම ඒ භික්‌ෂුවත් එක්‌ක උන්වහන්සේගේ ආවාසෙට ගියා. අපි තේ බොන අතරෙ මම දැක්‌කා උන්වහන්සේගේ මේසේ උඩ තිබුණ ලංකාවේ හඳුන්කූරු පැකට්‌ එකක්‌. ,ඔබ වහන්සේට ලංකාවෙන් හඳුන්කූරු ඇවිල්ල වගේ..., මම කිව්වා.

    ,මහත්තයා ඔය හඳුන්කූරු පැකට්‌ එක ඇරලා බලන්නකෝ..., උන්වහන්සේ කිව්වා. මම හෙමිහිට ඇරලා හඳුන්කූරු එළියට ගත්තා. එතැන තිබුණා කූරු හතක්‌ විතර තෙල් කඩදාසියක ඔතලා. තෙල් කඩදාසිය ගැලෙව්වාම හඳුන්කූරුවල කලුපාට කුඩු මුලු අතේම ගෑවුණා. ඒකෙ සුවඳත් මහ ඇල්මැරුණු සුවඳක්‌...

    ,පේනවා නේද මහත්තයෝ ලංකාවේ බඩුවල හැටි..., උන්වහන්සේ ඊට පස්‌සෙ මට තායිලන්ත හඳුන්කූරු පැකට්‌ එකක්‌ පෙන්නුවා. ඒක ඉතාම අනර්ඝ තත්ත්වයෙන් නිෂ්පාදනය කරලා තිබුණා. අන්තිම ඉහළ සුවඳ. කූරුවල පැහැය කලු වුණත් අතේ ගෑවෙන්නෙ නැහැ...,

    ,ඔන්න මහත්තයා කරනවා නම් වැඩේ. මහත්තයා අනිත් බිස්‌නස්‌ පැත්තකට දාලා හොඳ හඳුන්කූරක්‌ හදන්න. අතේ නොගෑවෙනල ම.දී නොනිමෙනල හොඳ සුවඳ විහිදුවන හොඳ හඳුන්කූරක්‌ ලංකාවට හඳුන්වලා දුන්නොත් මහත්තයාට ලොකු පිනක්‌ සිද්ධ වේවි....,

    ,හාමුදුරුවනේ... මම හඳුන්කූරු හදන්න දන්නෙ නැහැ...,

    ,පිස්‌සු කතා කියන්න එපා මහත්තයා. පෙර පිනයි මෙලොව ධෛර්යයි තියෙනවා නම් මිනිහෙකුට කරන්න බැරි දෙයක්‌ නැහැ. මහත්තයා මට මේ දැන් පොරොන්දු වෙන්න ඕනෑ ලංකාවට ගිහින් හොඳ හඳුන්කූරක්‌ හදනවා කියලා. මහත්තයාගේ ජීවිතයේ ජය තියෙන්නේ එතැනයි....,

    සුමේධ ඇල්පිටිය ආපසු ලංකාවට ආවේ හොඳ හඳුන්කූරක්‌ හදන තිර අදිටනින් යුතුවය. හඳුන්කූරට තම නම යෙදීමටත්ල තායිලන්තයේදී ලැබුණ මේ අදහසට ගරු කිරීමක්‌ වශයෙන් තම නමට ඉදිරිපිටින් තායි යන්න යොදා තායි සුමේධා යනුවෙන් හඳුන්කූර නම් කරන්නටත් ඔහු තීරණය කළේය. හඳුන්කූරු පත්තු කිරීමට පෙර හඳුන්කූරු සෑදීම ගැන කිසිම අත්දැකීමක්‌ නොවූ බැවින් ඔහු මුලින්ම මේ කර්මාන්තය ගැන පර්යේෂණයක්‌ කළේය. සාමාන්‍යයෙන් කිසිම කර්මාන්තයක්‌ එම කර්මාන්තය අලුතින් කරන්නට අපේක්‍ෂා කරන කෙනකුට කියාදීමේ පෘථග්ජන ස්‌වරූපයක්‌ මේ පුහුදුන් මිනිස්‌ සමාජයේ නැත. මේ අනුව හඳුන්කූරුවලට යොදන සුවඳ වර්ග සොයා සුමේධ ඇල්පිටිය කොළඹ හැම අතුරු පාරකම යන්නට සිදුවිය. සුවඳ නොදැමූ ,අමු හඳුන්කූරු, මිලට ගත හැකි තැන් සොයා රටපුරා යන්නට ඔහුට සිදුවිය. අන්තිමේදී තවත් දෙදෙනකු වැඩට ගෙන හඳුන්කූරු තොගයක්‌ සාදා ඔහු තායි සුමේධා යනුවෙන් මුද්‍රණය කළ පෙට්‌ටිවල ඒවා බහා බෙල්ලන්විල පන්සල ඉස්‌සර පිහිටි මල්කඩවලට ගොස්‌ විකුණන්නට උත්සාහ කළේය.

    1989 දී ලංකාවේ සෑදු හොඳම හඳුන්කූරු පෙට්‌ටියක්‌ රුපියල් 5 කට වඩා මිල වූයේ නැත. එහෙත් සුමේධගේ හඳුන්කූරු පෙට්‌ටියක්‌ රුපියල් 15 කි. ඒ මිල දුටු බෙල්ලන්විල මල්කඩ මුදලාලිලා ඔළුවේ අත ගසා ගත්තේය.

    ,කොහොමද මහත්තයෝ.... හඳුන්කූරු පෙට්‌ටියක්‌ රුපියල් 15 ට විකුණන්නේ...රෑ, ඔව්හු ඇසූහ. පාන් රාත්තලකුත් රුපියල් 10 නේ....,

    ,දැන් හාමුදුරුවනේ ඔබ වහන්සේ මාව අමාරුවේ දැමුවා වත්ද!, සුමේධ තායිලන්තයේ දී හමුවූ හාමුදුරුවන් ගෙන් සිතින් ප්‍රශ්න කළේය. ඊළඟට ඔහුගේ සිතට ක්‍ෂණික අදහසක්‌ ආවේය. ,කමක්‌ නැහැ, ඔහු මල්කඩ හිමියන්ට කීවේය. මම මේ හඳුන්කූරු පෙට්‌ටි තොගය කඩවල්වලට දෙනවා. විකිණුනොත් සල්ලි දෙන්න. නොවිකිණුනොත් වැඩේ අත්හැර දාමු...,

    එදා තරුණ සුමේධ ඇල්පිටිය ගෙදර ගියේ මහත් කළකිරීමෙනි. හවස පන්සල් ගිය ඔහු බුදුන්ට මල් පහන් පුදා හිත හදා ගත්තේය. ,මට මේ ආත්මේ වීරිය තිබුණට පෙර ආත්මෙන් ගෙනා පින නැතුවා වෙන්න පුළුවන්...,

    සති දෙකකට පමණ පසු සුමේධ බෙල්ලන්විල පන්සල් ගොස්‌ හඳුන්කූරුවලට සිදුවූ දේ බැලීමට මල් කඩවලට ගියේය. ඔහු පුදුමයට පත් කරමින් හඳුන්කූරු සියල්ල විකිණී අවසන් වී තිබිණ. ඒ අතර කඩයකට ආ උපාසිකාවක්‌ ,අර අලුතෙන් ආපු තායි සුමේධ හඳුන්කූරු තියෙනවද...රෑ, කියා අසනවාත් ඔහුට ඇසිණ.

    *** **** **** ****

    එදා හඳුන්කූරු කර්මාන්තය සඳහා පිටකොටුවෙන් සුවඳ ද්‍රව්‍ය ගත් සුමේධ ඇල්පිටිය අද තම සුවඳවලින් වැඩිහරිය ගෙන්වන්නේ ස්‌පාඤ්ඤයෙනි. ,අද මා ළඟ පනස්‌දෙනෙක්‌ විතර වැඩ කරනවා, පිටකෝට්‌ටේ පිහිටි සිය ප්‍රධාන කාර්යාලයේ දී මා හමුවූ ඔහු කීවේය. ,ලංකාවේ හඳුන්කූරු හදන ක්‍රම දෙකක්‌ තියෙනවා. පළමුවැනි ක්‍රමය අතින් හැදීමයි. දෙවැනි ක්‍රමය තමයි මෙෂින්වලින් හඳුන්කූරු හදන එක. මේ දෙවිදියටම මගේ හඳුන්කූරු නිෂ්පාදනය වෙනවා. නමුත් ගන්නෝරුවේ විතරක්‌ පවුල් 100 ක්‌ විතර මගේ හඳුන්කූරු අතින් හදලා ජීවත් වෙනවා. ලංකාවේ මුලින්ම හඳුන්කූරු පිටරට යෑව්වේ මමයි. අදටත් මගේ හඳුන්කූරු පිටරට යනවා. ඒවා අතින් හදපු හඳුන්කූරු,

    සුමේධ ඇල්පිටිය මාසයකට හඳුන්කූරු මිලියනයක්‌ පමණ නිපදවනු ඇතැයි මට සිතේ. ඔහු ළඟ විවිධ සුවඳ වර්ග යෙදූ හඳුන්කූරු වර්ග 50 කට වඩා ඇත. එසේම සුවඳ කට්‌ටකුමන්ජල් කුඩු සහ පිරිත් කරන ලද සුවඳ කුඩුද ඔහු නිපදවයි. ලංකාවේ මුල්වරට හඳුන්කූරු ,ගිෆ්ට්‌ පැක්‌, හඳුන්වා දී ඇත්තේ සුමේධය. ඔහු ළඟ ඇති විශේෂිත හඳුන්කූරු අතර පැය 72 ක්‌ එක දිගට දැල්වෙන හඳුන්කූරු සහ පැය 4 ක්‌ එක දිගට දැල්වෙන හඳුන්කූරුද ඇත. හුඟ දෙනෙක්‌ මේ වර්ගවල හඳුන්කූරු ගෙනියන්නේ බාරහාරවලට. එහෙමත් නැත්නම් දෙවරු තුන්වරු පිරිත් කියද්දිත් මේ හඳුන්කූරු පාවිච්චි වෙනවා... සුමේධ කියයි.

    *** **** **** ****
    සුමේධ ඇල්පිටියගේ අදහසට අනුව ශ්‍රී ලංකාවට හඳුන්කූරු ආවේ මෙයට වසර දහස්‌ .ණනකට පෙර ඉන්දියාවෙනි. එහෙත් ලෝක ඉතිහාසය තුළ හඳුන්කූරුවලට තිබෙන තැන ඊට වඩා පැරැණි බව ඔහු කියයි.

    ,මීට වසර 5000 කට විතර ඉස්‌සර ඊජිප්තු වැසියන් ආගමික කටයුතුවලදී සහ රජුන් සතුටු කිරීම සඳහා සුවඳ ලාටු දැල්වූ බවට සාක්‍ෂි තිබෙනවා. පූර්ව ඓතිහාසික යුගයට අයත් ඊජිප්තුවේ සොහොන් ගෙවල් තුළින් සුවඳ බෝල හමු වී තිබෙනවා. මේ සුවඳ බෝල දල්වන්නට පුළුවන්. එය හඳුන්කූරේ මූලික අවස්‌ථාවක්‌. බැබිලෝනියන් ශිෂ්ටාචාරය තුළින් දෙවියන් සහ රජුන් සතුටු කිරීමට සුවඳ ද්‍රව්‍ය දැල්වීම සිදුවුණා. බැබිලෝනියාවෙන් ග්‍රීසියටත් ඉන්පසු රෝමයටත් මේ සුවඳ දැල්වීම පැතිර ගියා...,

    මෙයට අවුරුදු 5000 කට පෙර පැවති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළත් මෙවැනි සුවඳ දැල්වූ බවට සාක්‍ෂි තිබේ. මුල් යුගයේදී සුවඳ හමන දැව කුඩු කර ඒවා සමඟ සුවඳ හමන මල් වර්ගවල කුඩු මිශ්‍රකර දැල්වීම සිදුවිය. මෙයට වසර 4000 කට පෙර චීනයද සුවඳ වර්ග දැල්වීමට පටන් ගත්තේය. කුරුඳු කුඩුල සුදු හඳුන් කුඩුල සැවන්දරා කුඩු යනාදිය ඔවුන් විසින් දල්වනු ලැබ ඇත. අද වන විට මෙලොව ආගම් වැඩි හරියක්‌ දෙවියන්ට හෝ ශාස්‌තෘවරුන්ට සිය භක්‌තිය දැක්‌වීම සඳහා හඳුන්කූරු හෝ සුවඳ කුඩු දැල්වීම සිදු කරයි.

    ශ්‍රී ලංකාවේ වාර්ෂික හඳුන්කූරු පරිභෝජනය කූරු මිලියන 1000 ඉක්‌මවන බව අප කීවොත් ඔබ එය විශ්වාස කරනවාද!

    අනුර සොලමන්ස්‌

    http://www.divaina.com/2016/05/29/nimna08.html

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හඳුන් කුරු වගේ ඒවා පොඩි පොඩි තැන් වලත් හදනවා ලංකවේ
    අනිවා ඒවා වගේ දේවල් ලංකවේ හදන ඒවා ගන්න ඉන්දියන් ඒවා නොගෙන
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea Gana thava poddak dana gatha yuthuya. Mea Mahathmaya ,Hadun kuru hadanna igena gatthe ------IDB eken[Industrial development board,Katubaddha] . TV Program ekakata ava. Ohu kiwwa-----IDB one day training ekedi ------Hadun kuru nispadanayata one day training ekata avilla sitiya siyalu dena Gahanu aya lu. Ekama Pirimi kena Mea Mahatha Vitharailu. IDB
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    555sbc.jpg
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හඳුන් කුරු වගේ ඒවා පොඩි පොඩි තැන් වලත් හදනවා ලංකවේ
    අනිවා ඒවා වගේ දේවල් ලංකවේ හදන ඒවා ගන්න ඉන්දියන් ඒවා නොගෙන

    :yes::yes: