අවුරුද්දට මාපියන්ට බුලත්

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
අවුරුද්දට මාපියන්ට බුලත්

ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. ඈත එපිට ගමක පාසලේ ඉගෙන ගෙන උසස් පෙළ සඳහා ගාල්ල නගරයේ පාසලකට පැමිණි ඔහු උසස් පෙළ හොඳින් සමත්වූයේ මවගේත් පියාගේත් කැපවීම හේතුවෙනි.

විශ්වවිද්‍යාලයට යාමටත් පෙර ඔහුට ටැබ් පරිගණකයක් ලැබුණේ රජයේ උසස් නිලධාරියකු වූ තාත්තාගෙනි. ටැබ් එක අතට ගත් මේ පුත‍්‍රයා නිතරම තම විවේක කාලය ගත කළේ ෆේස්බුක් හා අන්තර්ජාලයේ සැරිසරමිනි. කොයි වේලාවෙත් ඔහුගේ අතේ ටැබ් එක වැරදුණේ නැත.

අලූත් අවුරුද්දට ගමේ ආ පුතා අම්මාත් තාත්තාත් නැගණියත් සමඟ එක්ව නිවෙස පිරිසුදු කිරීමේ පටන් සියලූ දෑ සිදු කළේය. එසේ වුවද විවේකයක් ලැබෙන සෑම විටකදීම ටැබ් එක අතට ගෙන පරිගණක ක‍්‍රීඩාවක යෙදීම ඔහුගේ පුරුද්ද වී තිබිණි.

අලූත් අවුරුද්දත් උදා විය. නැකතට කිරිබතක් සෑදූ අම්මා එය මේසයට ගෙනැවිත් තැබුවාය. ආහාර අනුභව නැකතට කිරිබත් ටිකක් අතට ගත් තාත්තා තම පුතාට ද කිරිබත් කටක් කැවුවේ මහත් සෙනෙහසිනි. ආහාර අනුභවයෙන් පසු අලූත් අවුරුද්දේ මාපියන්ට බුලත් අතක් දී වැඳීම සිංහල බෞද්ධයන්ගේ සිරිතකි. අන් සෑම අවුරුද්දකදීම එය මේ නිවසේ ද සිදුකැරිණි.

ටැබ් එක අතට ගත් මේ පුතා තාත්තා අසළට ගියේය. ටැබ් එක දෑතින්ම අල්ලා එය තාත්තා අත තැබිණි. පුතාගේ අතින් ටැබ් එක තාත්තා අතට මාරුවෙද්දී පුතා තාත්තාගේ කකුල් දෙක අල්ලා පසඟ පිහිටුවා වැන්දේය. බුලත් හුරුල්ලක් රැුගෙන තාත්තාට වඳින්නට ආ නංගී අයියා කළ ඒ දෙය තේරුම් ගත නොහැකිව බලා සිටියාය.

තාත්තා ටැබ් එක දෙස බලද්දී එහි තිරය මත දිස්වන්නේ බුලත් හුරුල්ලක ඡුායාරූපයකි.

ගමක ඉපදී හැදී වැඞී විශ්වවිද්‍යාලයට ගොස් තාක්ෂණය සමඟ දිවිගෙවන මේ පුතා අලූත් අවුරුද්දට මාපියන්ට බුලත් දුන්නේ ඒ ආකාරයෙනි.
 
  • Like
Reactions: Rosantha

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ඊලඟ පාර අවුරුද්දට පුතා වැඳගෙන ඉන්න ෆොටෝ එකක් ටැබ් එකට දාගෙන ඇවිත් ඒක දෙමව්පියන්ට පෙන්නලා "මේං මං ඔය දෙන්නට වැන්දා....!" කියලා කිව්වට පුදුම වෙන්න දෙයක් නෑ.... :) :) :) :)