අවුරුද්දයි අමතකයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,735
    1
    57,955
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුද්දයි අමතකයි

    අවුරුද්දයි අමතකයි.මේකයි දේශපාලනය ඔබට දෙන වටිනාකම
    _______________________________________..(මෙය ජාතිවාදයට හවුලක් නොව ජාතිවාදය එක සිදුවීමකින් අවුලවන පාදඩ දේශපාලකයට මතක් කරදිමකි.)



    2013වෙසක් දිනය උදා වූයේ හරියටම අදින් අවුරුද්දකට පෙරයි.එනෙම මැයි මස 24 වෙනිදායි..එදා මුලු රටම එකම ගිනිජාලාවකින් අලුවෙලා ගියා..ඒ ඉන්ද්‍ර රතන හිමියන් ගව ගාතනය නවතාලන්න රජය යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුය යන අදහසින් තමන්ගේම ශරිරයට ගිනි තබගෙන සිය දිවි හානි කරගත්ත නිසා..මේ සිය දිවි හානි කර ගැනිම පිලිබදව විවිද මත රට පුරා පැතිරෙන්න ගත්තා..එහිදී දර්ම රාජ්‍යක් ගොඩ නගමු කියමින් කැසිනෝ කුඩු රාජ්‍යකට ජනතාව තල්ලු කරන්න යටින් ගින්දර ගෙනියන පාටලීලා ලොකු මාධ්‍ය සංදර්ශන පවත්වලා මේ සිදු වීම තමන්ගේ පක්ශයේ අනාගතයට හයියක් කරගන්න සිතා ගනිමින් මෙය පාරමිතාවක් කියමින් උදම් ඇනුවා..නමුත් ඒ ටික කාලයක් පමනයි..මේ සිදු විමත් සමගම ස්වාමින්වහන්සේලා ඇතුලු බෞද්ධ පිරිසක් ලොකු පාගමනක් දියත් කලා..මේ හිමි යන්ගේ ජීවිත පරිත්‍යගය වෙනුවෙන් හෙට දිනයේදී තවත් ජිවිත පරිත්යාග කරන්න අප සූදානම් කියමින් රජයට ගව ගාතනය නවතන්න බල කරමින්..නමුත් ඉන්ද්‍ර රතන හිමියන්ගේ සිය දිවි නස ගැනීම මෙන්ම මේ ගමනද බීරි අලින්ට වීනා වැයිමක් සේ උනා..කාලය කෙමෙන් ගමන් කලා..මේ සිදු වීම සම්බන්දයෙන් එය රුපගත කරන්න මාද්‍ය සහය ලබදුන් ආයතනයේ සේවකයින් පිලිබදව නිතිය ක්‍රියාත්මක කරවන්න කියා ජනතාව ඉල්ලිමක් කල..නමුත් සිදු වුයේ කුමක්ද?එය නිකන්ම නිකන් සිය දිවි හානි කර ගැනීමක් බවට තීන්දුවක් දි අදාල අද්‍යක්ශක වරුන් සහ ඡායාරූපශිල්පින් නිදහසේ මේ සිදු වීම විකුනාගෙන කෑවා.
    තමන්ගේ අදම දේශපාලනය වෙනුවෙන් මිනිසුන්ගේ ශ්‍රමය විකුනගෙන කන්න මේ දේශපාලනය කොතරම් නම් තිරිසන්ද කියා පොඩ්ඩ්ක් දැන් ආපසු හැරී බලන්න කාලය උදාවෙලා..මේ සිදු වීමේ උනුසුම සමග මුහුනුපොත පුරා ලොකු කතා ගොඩක් පතුරවන්නත් ඉන් අදාල දේශ්පාලකයින්ට ලොකු වෙලද ප්‍රචාරනයක් ලබා ගන්නත් පිරිස් මේ සිදුවීම භාවිතා කලා..නමුත් උන්වහන්සේ එකහෙලා කියූ වච්නයට ඉල්ලීමට කිසිවෙකුත් අද වෙනතුරුත් ඇහුම් කන් දී තිබුනේ නෑ..මේ ලිපිය ඔබ කියවන්නට ගෙන පැය 24ක් යන විට මේ පිලිබදව සමහර විට වෙනත් පල කිරීම් තිබෙන්නට් පිලිවන්..නමුත් මේ වනවිට කිසිවෙකුත් මේ පිලිබදව දැනීමකින් තොරයි .කොටින්ම කීවොතින් ඔවුන්ට මේ සිදු වීම අද අමතක වෙලා ගිහින්..ඒ ඔවුන් මේ සිදු වීම දෙස බැලුවේ ආගමික ගැටුම් කාරී මානසිකත්වයකින් සහ හුදේ දේශපාලන අරමුනකින් නිසාවෙනි..
    එදා උනුසුමත් සමග මින් ප්‍රයෝජන ගන්නට සිතූ දේශපාලකයා මෙය ගිනි ජාලාවක් කරවා ආගමික ගැටුමක් බවට පත් කල..අද ඔහුට ඉන්ද්‍ර රතන හිමියන්ගෙන් වැඩක් නෑ..හෙට ඔහුට මේ කිසිම දේකින් පලක් නෑ..මොකද ඔහුට අමතක වීමේ රෝගය දුමින්දගෙන් බෝ වී ඇති නිසා..නමුත් එදා ඉදන් අප මේ සිදු වීම අනුමත නොකලත් අපට තවමත් මේ ස්වාමින්වහන්සේ ගේ අරමුන අමතක නෑ..උනවහන්සේ උත්සාහ කලේ කිසිවක් නොතේරෙන සත්වයකුට ජීවිත දානය ලබා දෙන්න..නමුත් උන්වහන්සේ ගේ දිවි තොර කර ගැනීමේ වටිනාකමක් අද සමාජගත වී නෑ.අඩුම තරමින් වත්මන් පාලකයා මීට දුන් පොරොන්දුව ක්‍රියාතමක කරලා නෑ..අප සිටින්නේ එක තැනකය..එනම් සතුන් සියල්ලට ජීවිත දානය දිය යුතුය යන තැනයි..නමුත් ඒ තැනට යන කලින් අපි එක තැනකින් පටන් ගත යුතුය.ඒ තැන ගවයා හෝ වීම පිලිබදව ගැටලුවක් නැත..නමුත් එද මාස 6ක් කාලය ඉල්ලූ පාලකයා අද වෙන තුරුත් නිහඩ වී ඇත..අඩුම තරමින් සිය දිවි නසාගත් හිමි වෙනුවෙන් එක වචනයක් කියන්නට ඔහුට අවශ්‍ය නොවීය.එදා උන්වහන්සේ ගේ පරිත්‍යගය වෙනුවෙන් පාරට බැස ගත් සමහරක් කියා සිටියේ අපිත් සියදිවි හනි කරගන්න බවයි..නමුත් අද ඒ කිසිවෙකුත් නිහඩයි..
    සිය දිවි හනි කර ගැනීම අප බුදු දහමට අනුව අනුමත නොකරමු..එය දුකුලා ඇවතකි..නමුත් සේ පාපය කරගෙන හෝ ඉන්ද්‍රරතන හිමියන් උත්සාහ කලේ ජීවිතයක් බේරා ගන්නටය..නමුත් අද මේ සියල්ල අම්තක වී කිසිත් නොවූ මිනිසුන් සේ අප අගම වල කුනු සොයමින් කල් ගත කරනු පෙනේ..විය යුත්තේ මෙයද යන්න සිතීමට කාලය උදා වී ඇත..කෙටියෙන්ම කීවොත් බුදු දහම අලෙවි භාන්ඩයක් අලෙවි ලාංජන්යක් කරගත් පාදඩ දේශපාලන කරමෙයෙන් උඩු දුවවන නිර්මානය කරවන ආගමික ගැටුම් පිලිබදවද බුද්දිමත් කතිකාවතක් ඇරබීමට කාලය මෙය ය..එදා ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිතයේ වටිනාකම වෙලදාමකට පමනක් හරවා ගත් මේ දේශපාලනය හෙට ඔබේ ජීවිතය ඔබ කුමක් වෙනුවෙන් පරිත්‍යග කලත් එහි වටිනාකමට සොච්චමක් දී අත පිසදාගෙන මහා ලොකු මාධ්‍ය සංදර්ශන පවත්වාවි.
    ඒ වෙනුවෙන් ඔබට කියා නීති විරෝදී දේ කන්නට උසි ගන්වාවි..මිනිසුන්ගේ තරාතිරම ආගම අනුව කපා කොටා ගන්නට ඔබව මෙහෙයවන්නට පටන් ගනීවි..නමුත් බෞද්ද ඔබ බුද්දිමත් වන්න.කැප කිරීම් කල යුත්තේ යතාර්තවත් ගමනකට පමනි..එය දර්මානුකූල ගමනක් වේ නම් ඒ කැප කිරීම තුල ඔබ රජයනු ඇත..එය දර්මානුකූල නොවේ නම් ඔබේ ලෙයින් ඔබේ මසින් පාදඩ දේශපාලකය බඩ කට පුරවා ගනු ඇත..අවසානයේ ඔබ බේරා ගන්න සටන් කරන ජාතිය ආගම වෙනුවෙන් ඔබ සියල්ලෝම මිය ගිය පසු උන් වෙනත් ජාතියක් ආගමක් එක අත්වැල ලා ගනිමින් උන්ගේ ගමන කිසිත් සිදු නොවූවා සේ ගමන් කරාවී..වරක් නොව දෙතුන් වරක් සිතන්න..
    කාටත් අමතක උන ඉන්ද්‍ර රතන හිමියන්ගේ කතාවෙන් අපට ගත හැක්කේ එයයි..
    එකේනෙකා කොටා ගන්න ලේ වලින් සටන් නොකරන සාමය සහ දාර්මිකත්වය රජය හෙටක් වෙනුවෙන් පෙල ගැසී අපි බුද්දිමත් ගමනක් යමු..
    ඔබ සියලන්ටම සම්මා සම්බුදු සරනයි.





    madyawediya
     

    Similar threads