අවුරුදු නැකත් චාරිත්‍ර වල තියෙන විද්‍යාත

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    අවුරුදු නැකත් චාරිත්‍ර වල තියෙන විද්‍යාත

    අවුරුදු නැකත් චාරිත්‍ර වල තියෙන විද්‍යාත්මක පසුබිම දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො පොඩි project එක්කට ඕන වෙලා තියෙනවා ,ලොකු උදව්වක් ,
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕවගෙ ඇති බටහිර විද්‍යාත්මක පදනමක් නෑ :no: :no:
    ඕන්නං ඉතිං නැකැතට වැඩ කරන එක කන එක අරක මේකෙන් වෙලාවට වැඩ කරන්න පුරුදු වෙනවයි, කැවුම් කොකිස් වල තෙල් කාපුවාම ඒ ශක්තිය පිට කරන්න ඕනෙ නිසා තමා අවුරුදු ක්‍රීඩා තියෙන්නෙයි වගේ සම්බන්ධකම් ටිකක් දාල වචන හරඹයක් අරං ගියෑකි ඔය වැඩසටහන් වලට එහෙම එන පෙරදිග චින්තනය ගැන හීනමානෙන් පෙලෙන බටහිර අනුකාරකයො කියනව වගේ :dull: :dull:
    මං අහගෙන එක පාරක් කව්ද මනුස්සයෙක් දොරමඬලාවට ඇවිත් කියනව සිංහල බෙහෙත් කොප්පෙ දිය කරද්දි සුලියක් හැදෙන්න 108 පාරක්ද කොහෙද හැඳි ගාන්නෙ බ්ලැක් හෝල් එකක් වගේ වෙලා විශ්ව ශක්තිය අවශෝෂණය කරගන්න කියල :oo: :oo:
    ඔහොම්ම කරපං ඉතිං මේකටත් කොණ්ඩ කැවුමෙ කොන්ඩෙ අනික් පැත්තට හරෝල අවකාශෙයි කාලෙයි වක්‍ර වීම පෙන්නන්න තියෙන පොටෝ එකක් දාල ඒකත් එක්ක සන්සන්දනය කල්ල මෙන්න බලන්න අපි කොන්ඩ කැවුම් ඉව්වෙත් සාපේක්ශතාවාදය දැනගෙන, ආස්මි එකේ නූල් ටික ස්ට්‍රින්ග් තියරියට දාල මෙන්න බලන්න අපි ආස්මි හැදුවෙත් ස්ට්‍රින්ග් තියරිය දැනගෙන කියල බහුබූත ගොඩක් ලිව්වෑකි :dull: :dull:
    බටහිර විද්‍යාවෙ තියෙන මොනා හරි මගුලක රූපයක් එක්ක අපේ මොකක් හරි රූපයක් සන්සන්දනය කලා නං ඇති මෙහෙ ඉන්න බටහිර අනුකාරකයො ඡේද 2 පනිද්දි සුරාන්තෙට පත් වෙනව :angry: :angry:
    පෙරදිග චින්තනේ ඇති බටහිර ඊනියා විද්‍යාත්මක බාවයක් නෑ :no: :no:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    බොහොම ස්තුතියි බන් මේ විස්තර ටික කිව්වට , ගොඩක් වටිනවා ,ඔය මීන රාශියෙන් මේෂ රාශියට එන scene එකේවත් විද්‍යාත්මක පදනමක් නැද්ද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,570
    16,403
    113
    ඕවගෙ ඇති බටහිර විද්‍යාත්මක පදනමක් නෑ :no: :no:
    ඕන්නං ඉතිං නැකැතට වැඩ කරන එක කන එක අරක මේකෙන් වෙලාවට වැඩ කරන්න පුරුදු වෙනවයි, කැවුම් කොකිස් වල තෙල් කාපුවාම ඒ ශක්තිය පිට කරන්න ඕනෙ නිසා තමා අවුරුදු ක්‍රීඩා තියෙන්නෙයි වගේ සම්බන්ධකම් ටිකක් දාල වචන හරඹයක් අරං ගියෑකි ඔය වැඩසටහන් වලට එහෙම එන පෙරදිග චින්තනය ගැන හීනමානෙන් පෙලෙන බටහිර අනුකාරකයො කියනව වගේ :dull: :dull:
    මං අහගෙන එක පාරක් කව්ද මනුස්සයෙක් දොරමඬලාවට ඇවිත් කියනව සිංහල බෙහෙත් කොප්පෙ දිය කරද්දි සුලියක් හැදෙන්න 108 පාරක්ද කොහෙද හැඳි ගාන්නෙ බ්ලැක් හෝල් එකක් වගේ වෙලා විශ්ව ශක්තිය අවශෝෂණය කරගන්න කියල :oo: :oo:
    ඔහොම්ම කරපං ඉතිං මේකටත් කොණ්ඩ කැවුමෙ කොන්ඩෙ අනික් පැත්තට හරෝල අවකාශෙයි කාලෙයි වක්‍ර වීම පෙන්නන්න තියෙන පොටෝ එකක් දාල ඒකත් එක්ක සන්සන්දනය කල්ල මෙන්න බලන්න අපි කොන්ඩ කැවුම් ඉව්වෙත් සාපේක්ශතාවාදය දැනගෙන, ආස්මි එකේ නූල් ටික ස්ට්‍රින්ග් තියරියට දාල මෙන්න බලන්න අපි ආස්මි හැදුවෙත් ස්ට්‍රින්ග් තියරිය දැනගෙන කියල බහුබූත ගොඩක් ලිව්වෑකි :dull: :dull:
    බටහිර විද්‍යාවෙ තියෙන මොනා හරි මගුලක රූපයක් එක්ක අපේ මොකක් හරි රූපයක් සන්සන්දනය කලා නං ඇති මෙහෙ ඉන්න බටහිර අනුකාරකයො ඡේද 2 පනිද්දි සුරාන්තෙට පත් වෙනව :angry: :angry:
    පෙරදිග චින්තනේ ඇති බටහිර ඊනියා විද්‍යාත්මක බාවයක් නෑ :no: :no:
    :eek::baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විද්‍යාත්මක පසුබිමක් ඇතුව හෝ නැතා මේ සිංහල අව්රුද්ද කියන උත්සවය අපේ හිත් වලට මොන තරම් දැනෙනවද, ඒ දැනෙන විදිහ සාමානය බර්ත්ඩේ පාටි එකක් හරි වෙඩින් එකකට හරි වඩා කොච්චර වෙනස්ද. හැමදේකම නැවුම් බවක් දැනෙනවා නේද. (ඔබ අව්රුදු සමරන අයෙක් නම් මේ දේ දැනිලා ඇති) ගෙදර ඔක්කොමලා එකතු වෙලා එක වෙලාවකට ගනුදෙනු කරලා, කෑම කාලා, අලුත් ඇදුම් ඇදලා මොන තරම් සතුටින් ඉන්නවද. ගෙදර එක එක්නෙනා වෙන වෙනම කන නූතන සමාජයේ අඩුම තරමේ එක තදවසකවත් එහෙම එකතු වෙන එක වටින්නේ නැද්ද. ඈත ඉන්න දරුවෝ අඩුම තරමේ එදාටවත් ගම්පලාත් වලට ගිහින් එකතු වෙන එක හොද නැද්ද.

    නැකැත් වල විද්‍යාත්මක පසුබිමක් ඇතුව හෝ නැතා මිනිස්සුන්ගේ හිත්වල මේ ඇතිවෙන ප්‍රබෝධය, සතුට, හිතවත්කම් නිසා යහපතක් වෙන්නෙ නැද්ද. අපේ මුතුන් මිත්තෝ මේ චාරිත්‍ර පිලිගන්නේ නැතුව මේ චාරිත්‍ර නැති කරලා දාලා තිබුනනම් අද අපිට මෙහෙම ආතල් එකක් තියෙයිද? ඒ නිසා අනාගත පරපුරටත් මේවා මේවිදිහටම දායාද කරන එක අපේ යුතුකම හා වගකීම.
     
    May 10, 2012
    466
    122
    0
    255
    අළුත් අවුරුද්ද


    ප්‍රශ්ණ සියල්ලටම දන්නා අයුරින් පිළිතුරු සපයන්න.
    (කාලය විනාඩි 10 යි.)
    -----------------------------------------------------------------------------------


    (1) "අවුරුදු" යන හෙළ වදනේ නියම අරුත වන්නේ
    i) දින 365 ක කාලයයි
    ii) අව්ව රුදු වීම හෙවත් රෞද්‍ර වීම යන්නයි
    iii) අවුර් (හීබෘෘ බසින් ඉර හැදින්වූ වචනය හෙළ බසට බිදී ඇත.) + ඉද්ද(ඉද්ද ගැහුවාක් මෙන් සෘජු පිහිටීම) ="අවුර් ඉද්දු " = අවුරිද්දු = අවුරුදු
    iv) අ (ඒම/පැමිණීම) + වරු (වාරය) +දු (දුනු පස) =අ + වරු + දු =අවරුදු =අවුරුදු


    (2)දැනට ඇති පැරණිම ලේඛන සාක්‍ෂිය අනුව ලංකාවේ ප්‍රථම වරට රාජ්‍ය අනුග්‍රහය ඇතිව අවුරුදු චාරිත්‍ර උත්සව සිරියෙන් සිදු කොට ඇත්තේ
    i) ක්‍රි.ව. 550 දී පමණ සීගිරි කාශ්‍යප රජුගේ සොයුරු මුගලන්ගේ පුත් කුමාරදාස රජුගේ කාලයේදීය.
    ii) රාවණා රජුගේ කාලයේදීය
    iii) නිශ්ශංක මල්ල රජුගේ කාලයේදීය.
    iv) පලමු වන විජයබාහු රජුගේ කාලයේදීය.


    (3) "නොනගතය" යනුවෙන් අදහස් කරන්නේ
    i) නැකැත් නැති යන අර්තයයි.
    ii) නො(නොවේ) + අගත(පැමිනීම) =නොනගත
    iii) නො(නොවේ.) + අනගත(නොපැමිණීම) = නොඅනගත =නොනගත
    iv) ගනන් ගත යුතු නැති බවයි.


    (4) මුළු රටම එකම නැකැත් වේලාවට අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සිදුකිරීම ආරම්භ වූයේ
    i) තොටගමුවේ ශ්‍රී රාහුළ හිමිගේ ප්‍රධානත්වයෙන් හයවන පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහයෙන් ක්‍රි.ව. 1450 පමන සිට
    ii) ඇස්.ඩබ්.ඩී.ආර්. බණ්ඩාරණායක අගමැති තුමාගේ ප්‍රධානත්වයෙන් ඇති කල අළුත් අවුරුදු නැකැත් කමිටුව මගින් 1955 සිට
    iii) එවකට සංස්කෘත ඇමැතිව සිටි වි.ජ.මු. ලොකුබණ්ඩාර ඇමැති තුමාගේ ප්‍රධානත්ව පිහිටවූ අළුත් අවුරුදු නැකැත් කමිටුව මගින් 1992 වසරේ සිට
    iv) ඉතා ඈත අතීතයේ සිටම මුළු රටේම අය එකම නැකැත් වේලාවට අවුරුදු චාරිත්‍ර සිදු කොට ඇත.එය ආරම්භ වූයේ කවදාදැයි නිශ්චිත සදහනක් නැත.


    (5) නව සද බැලීමේ අවුරුදු චාරිත්‍රය සම්බන්දයන් සාවද්‍ය වන්නේ පහත සදහන් කුමන කරුණද?
    i) අභිනව චන්ද්‍ර මාස හා සූර්ය මාස වෙනුවෙන් අවස්ථා දෙකකදී නවසද බැලීම සිදු කරයි.
    ii) පරණ අවුරුද්ද හා අළුත් අවුරුද්ද වෙනුවෙන් අවස්ථා දෙකකදී නව සද බැලීම සිදු කරයි.
    iii) නව සද බැලීමේ චාරිත්‍රයෙන් බලාපොරොත්තු වන්නේ ලබන්නාවූ අළුත් අවුරුද්දට නව ආලෝකයක් ලබා ගැනීම ,ඇස් පෙනීම ලේ ගමන ආදිය යහපත් වීමයි.
    iv)නව සද බැලීමේ චාරිත්‍රයට සෙනසුරාදා දිනයන් යොදා නොගනී.

    (6) උසස් අධ්‍යාපනය සදහා විද්‍යා අංශයෙන් විශ්ව විද්‍යාල වරම් ලැබූ ඔබට එහිදී වැඩිපුර අධ්‍යාපනය ලබන විට පෘථිවියේ අක්‍ෂීය පූර්වායනය (පෘථිවි අක්‍ෂය කැරකෙන බඹරයක කේතු පෘෂ්ඨය මත ආවර්තනය වීම) සංසිද්ධිය දැන ගැනීමට ලැබේ.මෙම පූර්වායනය සම්පූර්ණයෙන් වටයක් සිදු වීමට වසර 26000ක් පමන ගත වන බවත් ඒ අනුව වසර 2166(26000/12 =2166) ක් වැනි කාලයක් ගතවූ විට පෘථිවියට සාපේක්‍ෂව රාශි චක්‍රය එක් ලග්නයකින් ඉදිරියට යන බවත් ඒ අනුව නියම තාරකා විද්‍යාවට අනුව වර්තමානයේදී සූර්යයා මේෂ රාශියට පිවිසීම අප්‍රේල් 13,14 දිනයන් වල නොව අප්‍රේල් 22 ,23 දිනයන් වල සිදු වන බවත් තවත් වසර 2000 කින් පමණ අළුත් අවුරුදු උත්සවය සැමරීම මැයි මාසයේ සිදු විය යුතු බවත් ඔබට දැන ගැනීමට ලැබේ.මෙය දැනගත් පසු බුද්ධිමත් සිංහලයෙකු ලෙස ඔබ කල යුතු කාර්යය වන්නේ
    i) 21 වැනි සියවසට ගැලපෙන තාරකා විද්‍යාව අනුව බලන විට අළුත් අවුරුද්ද සැමරීම අප්‍රේල් 13,14 දිනවල නොව අප්‍රේල් 22,23 දිනවල පැවැත්විය යුතු බවත් වහාම එය සම්මත කොට ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසට ජනාධිපති තුමාට හා සංස්කෘතික ඇමති තුමාට ලිපියකින් දැන්වීම.
    ii) ජ්‍යොතිෂය මූලික කොට ඇති අළුත් අවුරුද්ද සම්පූර්ණයෙන් අශාස්ත්‍රීය වූ දෙයක් බව වටහා ගෙන අවුරුදු සැමරීම නොකොට සිටීම
    iii) තාරකා විද්‍යාව අනුව සූර්යයා මේෂ රාශියට පිවිසීම අප්‍රේල් 22,23 ආසන්න දිනයකදී සිදු වුවත් අපේ රටේ එය සැමරීම අප්‍රේල් 13,14 දිනවල සිදු කරන්නේ මන්ද? ඒ සදහා බැදුනු ජ්‍යොතිෂ සිද්ධාන්ත හා තාරකා විද්‍යා සිද්ධාන්ත අතර වෙනසක් තිබේද යන්න සොයා බැලීම
    iv) සූර්යයා මේෂයට පිවිසීම පිළිබද විග්‍රහ විමර්ශන කුමටද?එය කුමන දිනයක සිදුවුවත් අපට මොකද?අවුරුද්ද ලබනවා යැයි සදහන් වෙලාවට චාරිත්‍ර ඉටු කරල අළුත් අවුරුද්දේ අසිරිය විදගැනීමට සිතා ගැනීම


    (7) පරණ අවුරුද්දට ස්නානය හා අළුත් අවුරුද්දට හිස තෙල් ගෑමේ චාරිත්‍ර වලදී අනුගමනය කෙරෙන පිළිවෙතක් නොවන්නේ..
    i) පරණ අවුරුද්දට ස්නානයට නානු සාදා ගන්නේ පරණ අවුරුදු දිනයට අදාළ වෘක්‍ෂයේ පත්‍ර යුෂ වලිනි
    ii) හිස තෙල් ගෑමේදී හිසට උඩින් එදිනට නියමිත වෘක්‍ෂයේ පත්‍රද පයට ඊට පෙර දිනයට නියමිත වෘක්‍ෂ පත්‍රද යොදා ගනී.
    iii) හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරන විට කතා නොකර සිටිය යුතුය.
    iv) පරණ අවුරුද්ද සදහා ස්නානයේදී ඉෂ්ඨ දේවතාවන්ට තුති පුදයි.

    (8) ජනවාරි 01 දිනෙන් ආරම්භ වන කැළැන්ඩර වර්ෂය සදහා වූ පලාඵල විස්තර විද්‍යත් මුද්‍රිත මාධ්‍යවලින් කියවා අසා දැක මාස හතරක් පමණ ගතවන විට එම මාධ්‍ය වලින්ම අප්‍රේල් 13 දිනෙන් ලබන අළුත් අවුරුද්ද සදහා වූ පලාඵල විස්තරද ඔබට අසන්නට දකින්ට ලැබේ.එම පලාඵල වලට පොදු කාලය වූ අප්‍රේල් ,දෙසැම්බර් කාල වකවානු සදහා එකිනෙකට වෙනස් පලාඵල විස්තර මෙන්ම එකම වර්ෂ ක්‍රමයට අදාළව විවිධ පුවත්පත් වල එකිනෙකට වෙනස් පලාඵල දැකීමෙන් පසු ඔබට සිතෙන්නේ.

    i)කේන්දර පලාඵල බැලිල්ල පොදුවේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.තමන්ගේ කේන්ද්‍රය ජ්‍යොතිෂවේදියකු ලවා පරීක්‍ෂා කල යුතුයි.
    ii) මේ මොන මගුලක්ද මේ....එක එක පත්තර වල එක එක විදියට තියෙන පලාඵල කියවල ඔළුව අවුල් කරගන්නේ නැතිව තමන්ගේ පාඩුවේ වෙන දෙයක් වෙච්චාවේ කියල බලාගෙන ඉන්නවා.
    iii) අනේ ලබන ආත්මෙදිවත් මේ පලාඵල ලියපු ජ්‍යොතිෂවේදීන්ගේ තාත්තා වෙලා උපදින්න තියෙනවනම්.එතකොට මට පුළුවන් උන්ගේ .................
    iv) එක් එක් පුවත්පත් වල ඇති පලාඵල විස්තර කැටිකොට තමා විසින්ම පොදු පලාඵල විස්තරයක් සකස් කර ගැනීමට සිතේ


    9) අවුරුදු සංක්‍රාන්තිය හා බැදුනු ජ්‍යොතිෂ සිද්ධාන්තයක් නොවන්නේ.
    i) රවි මේෂ රාශියට සංක්‍රමනය වන වේලාවටම රවි රේවතී නැකතේ සිට අස්විද නැකතට පිවිසේ
    ii).රවි මේෂ රාශියට සංක්‍රමනය වන වේලාවටම සදු රේවතී නැකතේ සිට අස්විද නැකතට පිවිසේ
    iii) රවි මේෂ රාශියට පිවිසෙන මොහොතේ තත්කාලය(නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මතුවන ලග්න දොලහට අයත් තරු රාශිය ලග්නය ලෙස සලකා එහි ග්‍රහ පිහිටීම් දැක්වෙන කේන්ද්‍රය) අනුව ලග්න දොලහේ පලාඵල විස්තර හා අවුරුදු සංක්‍රාන්තිය රටට ජනතාවට බලපාන අන්දම සලකා බලයි.
    iv) නොනගතය සදහා වෙන්වී ඇති කාලය ඉංග්‍රීසි පැය 12 විනාඩි 48කි

    10) අං කෙළිය ක්‍රීඩාව
    i) නාථ දෙවියන් පිදීමේ ශාන්ති කර්මයකි.
    ii) පත්තිනි දෙවියන් පිදීමේ ශාන්ති කර්මයකි.
    iii) විශ්ණු දෙවියන් පිදීමේ ශාන්ති කර්මයකි.
    iv) කඩවර දෙවියන් පිදීමේ ශාන්ති කර්මයකි.
    https://lankajhothisha.blogspot