අවුරුදු නිවාඩුව උපන්නේ මෙහෙමයි
වසර 132 කට පෙර අලුත් අවුරුදු නිවාඩුව උපන්නේ මෙහෙමයි
සිංහල අලුත් අවුරුද්ද යනුවෙන් සිංහලයන් අතර හැඳින්වෙන මෙම උත්සවය මීට කලකට ඉහත භාවිතා වූයේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යනුවෙනි. එහෙත් සිංහල යනු ජාතියක් වන අතර හින්දු යනු ආගමික සංස්කෘතික සන්දර්භයක් වන බැවින් මේ සිංහල හින්දු යන යෙදුමෙහි කිසියම් පරස්පරතාවයක් දැකියහැකි විය.
ඒ අනුව 1984 සිට මෙය සිංහල සහ දෙමළ අලුත්අවුරුද්ද යනුවෙන් නිල වශයෙන් විව්යවහාර කෙරින.
සිංහල අලුත් අවුරුදු නිවාඩුව භුක්තිවිදින බොහෝ දෙනෙක් සිංහල අලුත්අවුරුදු නිවාඩුවේ යටගියාව පිළිබඳව නොදනිති. දැනට මෙරට සිංහල අලුත් අවුරුදු නිවාඩුව ක්‍රියාත්මක වී වසර 132 කි. ඒ පිළිබඳ යටගියාව මෙලෙසිනි.
1885 වසරේ දී ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස අලුතෙන් පත් වූ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා බෞද්ධයන්ට වෙසක් නිවාඩුව ලබාදීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකොට තිබිණ. ඒ අනුව එවක අප්‍රේල් 28 වෙනිදා වෙසක් නිවාඩුව ලෙස රජය මඟින් ප්‍රකාශයට පත්කරන ලදී.
1886 වසරේ ජනවාරි 14 ව්‍යවස්ථාදායක සභාවේ දී විවාදයට ගැනුණු 1886 අංක 4 දරන නිවාඩු ආඥා පනත් කෙටුම්පත ඒ සඳහා ඉදිරිපත් කරන ලද්දේ එවක භාණ්ඩාගාර වැඩබලන ලේකම්ව සිටි පැටර්සන් මහතා විසිනි. සාමාන්‍යයෙන් මෙම ව්‍යවස්ථාදායක සභාව තුළ තරමක් හෝ උණුසුම් වූයේ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ පනත් විවාදයට ගැනුණු විට පමණි. සෙසු බොහෝ පනත් කෙටුම්පත් සභාවට ඉදිරිපත් වූ සැනින් කිසිම වාද විවාදයකින් තොරව ඔහේ සම්මත විය. මෙම නිවාඩු ආඥා පනත් කෙටුම්පත ද එවැනි ඇල් මැරුණු එකකි. මේ සඳහා සහභාගිවූයේ නිළ ලත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ නිළ නොලත් එක්මන්ත්‍රීවරයෙකු පමණි.
"රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කරද්දී මිනිසුන් අඩුවෙන්ම රාජ්‍ය සේවයට වාර්තා කරන දින ගැන විශේෂයෙන් සැලකිය යුතු යැයි මා සිතනවා. එසේ නොකළහොත් ඒ දිනවල ඔවුන් නැවතත් නිවාඩු ගැනීම නිසා රජයට හිමිවන ආදායමේ යම් අඩුවක් වෙන්න පුළුවනි. සෑම වසරකම අප්‍රේල් එකොළහ එසේ මිනිසුන් වැඩි පිරිසක් නිවාඩු ලබාගන්නා දිනයක්. ඒ එදා ඔවුන්ගේ අලුත් අවුරුදු දිනය නිසයි. ඒ හින්දා අප්‍රේල් එකොළහ මුල්කොට අලුත් අවුරුද්ද නමින් නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධ යෝජනාවක් මේ කෙටුම්පත මගින් ඉදිරිපත් කරනවා." මධ්‍යම පළාත් ආණුඩව් ඒජන්ත ටෙම්පලර් මහතා කීය.
"බොද්ධ විතරක් නෙමෙයි යාපනයේ හින්දු මිනිස්සුන්ටත් ඒ දවස තරමක් වැදගත්. ඒ හින්දා ඒ මිනිස්සුන්ටත් යම් වටිනාකමක් දෙන්නත් එක්ක අපි ඔය නිවාඩුව බෞද්ධ සහ හින්දු අලුත් අවුරුද්ද කියලාම ප්‍රකාශයට පත් කරමු." සභිකයෙකුගෙන් හඬක් නැගුණි.
"මම හිතන්නේ ඒකෙත් පුංචි පරහක් තියෙනවා. මොක ද මේ රටේ බෞද්ධයන්ගේ අලුත් අවුරුද්ද කියන්නේ බුද්ධ වර්ෂය මුල් කොට ගත්තු වෙසක් උත්සවය. ඒ නිවාඩුව අප්‍රේල් 28 වෙනිදාට දීලා ඉවරයි. එතකොට මේ රටේ බෞද්ධයන්ට අලුත් අවුරුදු දෙකක් වෙනවනේ." සභාවේ නිල නොලත් සභික පත් කළ මන්ත්‍රී ලිච්මන් මහතා කීය.
"ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඕක සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කියලා නම් කරමුකෝ. ප්‍රශ්නෙ ඉවරයිනේ."
පැටර්සන් මහතා එසේ කී පමණින් ව්‍යවස්ථාදායක සභාවේ සෙසු සභිකයෝ හිස් වනා එය අනුමත කළහ. මෙම සිංහල අලුත් අවුරුද්දට මුලින්ම "සිංහල සහ හින්දු" යන හැඳින්වීම ලැබීමේ බොහෝ දෙනෙකු නොදත් සැබෑ නිදාන කතාව එයයි.
එහෙත් ශ්‍රී ලංකාවේ සෑම සිංහලයකුම බෞද්ධ නොවන බැවින් එම හැඳින්වීම ද සර්ව සාධාරණ නොවේ. විජමු ලොකුබණ්ඩාර මහතාගේ නිර්වචනය අනුව එය සිංහල දෙමළ වශයෙන් හැඳින්වීම තුළද පරස්පරයක් මතුවන්නේ සෑම දෙමළ ජාතිකයෙකුම මෙම අවුරුද්ද හා සෘජු සම්බන්ධයක් ඇති හින්දු ආගමිකයෙකු නොවන බැවිනි.
ඒ කෙසේ හෝ වසර 132 ක් මුළුල්ලේ ජාති ආගම් බේදයකින් තොරව මුළු රටම මෙම නිවාඩුව භුක්තිවිදිති.
අතීතයේ මෙම නිවාඩුව සම්මත කෙරෙන කාලයේ අප්‍රේල් 11 වෙනිදාට යෙදුණු සිංහල අලුත් අවුරුදු නිවාඩුව දැන් අප්‍රේල් 14 වෙනි දිනට යෙදී ඇත්තේ සිංහල අවුරුද්දට පාදක වන චන්ද්‍ර,සූර්ය දින දර්ශනයට අනුව සෑම ව්‍යවහාර වර්ෂ 72 ට වරක්ම සිංහල අවුරුද්ද එක් දිනයකින් ආපස්සට යන බැවිනි. ඒ අනුව තව වසර කිහිපයකින් මෙම අලුත් අවුරුද්ද අප්‍රේල් 15 වෙනිදාට යෙදෙනු වැලැවිය නොහැක.
තිලක් සේනාසිංහ