අවුරුදු පලාපල

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    604059_227052670752727_1486642729_n.jpg


    මේෂ ලග්නය

    මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ උච්චව 10 වැන්නේද, ගුරු දෙවැන්නේ ද, සඳු 4 වැන්නේ ද, ශනි සහ රාහු 07 වැන්නේද, සිකුරු 8 වැන්නේද, රවි බුධ 9 වැන්නේද, කේතු ලග්නයේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවෙනු ඇත.

    ධනය
    මිල මුදල් ලාභ ලැබේ. ආදායම වැඩිවේ. පඩි වැඩි වේ. රාහු සහ සෙනසුරු මහදශා අන්තර් දශා ගත කරන අයගේ මුදල් හානි වේ.
    අධික වියදම් ඇති වේ. රෝගාබාධ සඳහා මිල මුදල් වැය කිරීමට සිදු වේ. විවාහ වූ අයට නම් බිරිඳට හෝ ස්වාමියාට ධන ලාභ හෝ සැප ලැබෙන කාලයකි.
    රැකීරක්‍ෂා
    රැකීරක්‍ෂා වලින් උසස් වීම් ලැබේ. වෙළ හෙළදාම් ව්‍යාපාර වලින් ලාභ ලැබේ. භාරගෙන කරන වැඩ වලින් හෝ ආරම්භ කරන වැඩ වලින් ලාභ හා දියුණුව ඇති වේ. අලූතින් රැකී රක්‍ෂා ලැබේ. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට කරගෙන එන රැකී රක්‍ෂා වලට අවහිරතා හෝ සමහර විට රැකී රක්‍ෂා නැති වීමටද ඉඩ ඇත.
    තනතුරු දරන අයට ස්ථාන මාරුවක් හෝ වෙන පලාතකට යාමට සිදු වේ.
    ගෘහජිවිතය
    ගරු නම්බු ලැබේ. සැපවත් කාලයකි. රසවත් කෑම බීම සංග‍්‍රහ ආදිය ලැබෙන්නට පුලූවන. වාසනාව මතුවන කාලයකි. උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ. ඥාති මිත‍්‍රයෝ තමා සොයාගෙන එයි. ඔවුන්ගෙන් උපකාරද ලැබේ. ශුද්ධ භූමි වලට යාමට ඉඩ ලැබේ. සතුරන් ගෙන් ජය ලැබේ. පවුලේ පිරිස වැඩි වේ. සමහර විට දරු උපතක් හෝ ඇති වේ. සුදුසු වයස නම් විවාහය හෝ කම්සැප හෝ ස්ත‍්‍රී සැප ඇති වේ. ගුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගය දක්වා ඉතා යහපත් කාලයකි.
    සෙනසුරු මහදශා අන්තර් දශා ගත කරන අයට දරු ශිෂ්‍ය ආදීන්ගෙන් වෙන්වීමක් සිදු වේ. මහජනයා සමග කරන කටයුතු වලදී අවුල් වියවුල් දෝෂාරෝපනවලට හසුවේ. ප‍්‍රසිද්ධ සතුරන් ඇති වේ. රාජ දඩුවම් පවා ලැබිය හැකිය. ගොවිතැන් වැඩ කරන අයට ඒවා පාලූ වීමෙන් අලාභ හානි ඇති වේ. පවුලේ කරදර මතු වේ. දේශපාලන කටයුතු වල නිරත වන අයට ප‍්‍රයෝජන ලැබිය හැකි කාලයකි. නිතර ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩ වලට බාධා හා ප‍්‍රමාද වීම් ඇති වේ. තම ස්වාමිපුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් වෙන් වීමට සිදු වේ. බොරු චෝදනා වලට හසු වේ. තද ලෙස සිත් කම්පා ඇති වීමට කරුණු යෙදේ. තමාගේ තිබුණ සැප සම්පත් එක් අතකින් හීන වී යයි. මේ කාලයේ නඩු හබ වලට පැටලූන හොත් ඉන් තමාට අවාසි විය හැක. බොහෝ කැලබිලි සහිත චංචල සහගත කාලයක් වේ. නොයෙක් ආකාරයේ වැදගැම්මකට නැති හිංසා පීඩා ඇති වේ.
    අධ්‍යාපනය
    අමුතු දේ ඉගෙන ගැනීමට හා දැන ගැනීමට ඉඩ ලැබේ. ඥාණය වැඩි දියුණු වේ. විභාග වලින් ජය ලැබේ. වර්ෂය මුල කාලයේදී උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ රටවලට යාමට සිදු විය හැක.
    සෞඛ්‍යය
    තම භාර්යාවට හෝ ස්වාමියාට අසනීප වැලඳෙන්න පුලුවනි. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට ලිංගා බාධ, වාත ආබාධ, හිරිවාත, අජීර්ණ රෝග ආදිය අසනීප වලට ඉඩ තිබේ. ශරීර ශක්තිය හීන වේ. විශේෂයෙන් මුත‍්‍රා දෝශ, ධාතු දුර්වලත්වය, වකුගඩු වල ආබාධ ඇතිවිය හැකිය. ඇතැම් විට ශල්‍යකර්මයක් හෝ කිරීමට තරම් අසනීප ආබාධ වැලඳීමට ඉඩ ඇත.
    ශුභ දවස් :- ඉරිදා, අඟහරාවාදා, සෙනසුරාදා

    ශුභ අංකය :- 1, 2, 3, 4, 5, 7, 9

    ශුභ වර්ණ :- රතු සහ නිල්

    ශුභ මැණික් :- රතු කොරල්, රතු මැණික්




    563859_227052680752726_2080345262_n.jpg


    වෘෂභ ලග්නය

    වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 7 වැන්නේද, ගුරු ලග්නයේද, සඳු 3 වැන්නේද, ශනි සහ රාහු 6 වැන්නේද, රවි, බුධ 8 වන්නේද, කුජ 9 වැන්නේද, කේතු 12 වැන්නේද, ගෝචර කරමින් ආරම්භවන මෙම වර්ෂය ඔබට මිශ‍්‍රඵල ගෙනදෙන වර්ෂයකි.

    ධනය
    ධන ලාභ ලැබේ. දේපළ දියුණු වේ. ණය තුරුස් වලින් නිදහස හෝ ණය ගණුදෙනුවකින් ලාභ ලැබේ. ආදායම වැඩි වේ. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබේ. කරන කියන සෑම කටයුත්තකින්ම ලාභ සහ දියුණුව ඇති වේ. සමහර විට නැති වී ගිය වස්තුව පවා ලැබෙන්නට ඉඩ ඇත.

    රැකී රක්‍ෂා
    රැකී රක්ෂාවල දියුණුව ඇති වේ. රැකී රක්‍ෂා තනතුරු වලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එය ලැබෙනවා ඇත. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්‍ෂාව පිළිබඳ ස්ථාන මාරුවක් ලැබීමට නියමයි. මේ කාල සීමාව තුළදී රැකී රක්‍ෂා උසස්වීම් පිළිබඳව වෑයම් නොකල යුතුය.

    ගෘහ ජීවිතය
    උත්සව වලට සහභාගි වීමට සිදුවේ. සොර සතුරන්ගෙන් කරදර ඇති නොවේ. සතුරන් පරාජය කළ හැකිය. තමා කැමති ආකාරයට කම්සැප විඳීමට ඉඩ තිබේ. සිතේ ප‍්‍රීතිය හේතුවන වස්තුව ලැබේ. තමාට සිතෙන ආකාරයට ගෙදර දොර පාලනය කිරීමට ඉඩ ලැබේ. බඩු රැස්කර ගැනීමට ඉඩ ලැබේ. තමාට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීමට ඉඩ ලැබේ. දියුණුවට කටයුතු සැලසේ. සැපවත් වේ. ආහාරපාන වර්ග ලැබේ. ස්ත‍්‍රීන්ට පුරුෂයන් සමගද පුරුෂයන්ට ස්ත‍්‍රීන් සමගද ආශ‍්‍රය ඇති වේ. තමාගේ නම හොඳ වේ. තමාට සිතෙන වේලාවට ගමන් බිමන් ආදිය යාමට ඉඩ ලැබෙන නිදහස් කාලයකි. තමා සමාජයෙහි ප‍්‍රසිද්ධ වන අතර සමාජයට ප‍්‍රිය වේ. ගුරු මහ දශා අන්තර් දශා ගතකරන අයට දුර බැහැර ගමන් යාමට සිදු වේ. වර්ෂය මැද භාගය දක්වා නින්දා අපවාද වලට මුහුණ දීමට සිදු වේ. නිතරම බියක් ඇතිව කටයුතු කිරීමට සිදු වේ. මෙම කාලය ඇතුලත බොහෝ සේ සතුරන්ගෙන් ඈත් වී කටයුතු කිරීම යහපත් වේ. තමා ආශ‍්‍රය කළ මිතුරෙකුගේ හෝ හිතවතෙකුගේ විපතක් දැන ගැනීමට හැකි වේ. නොයෙක් ක‍්‍රම වලින් එකපිට එක කරදර ඇති වේ. විශේෂයෙන් මේ කාලයේදී ඊර්ෂ්‍යාකාරයින් හෝ සතුරන් හෝ නීතියේ පිහිට පතා පොලීසියේ හෝ උසාවි වලට නීතිඥයන් සොයා යයි. නඩුවලට පැටලිය හැකි කාලයකි. මේ කාලයේදී ගෙදර දොර කරදර ඇති වේ. පවුලේ අයගෙන්ම තමාට සිත්තැවුල් ඇතිවන කාරනා ඇසීමට සිදු වේ. පිටතැන්වල නතර වීමට සිදු වේ. පිටතැන්වල නතර වීමට සිදු වේ. උසස් අයගෙන් උපකාර පිහිට සොයා ගිය නමුත් එයින් වඩා හොඳ ප‍්‍රතිඵල නොලැබේ. ලොකු ජයග‍්‍රහණයක් ලැබීමට නොපුලූවන. උසස් අය සමග ආරවුල් හා ඒ අය තමාගැන අප‍්‍රසන්න වීමට හේතු තිබෙන බැවින් ඉතා පරිස්සමෙන් නුවණින් යුක්තව ක‍්‍රියා කලයුතු කාලයකි.

    අධ්‍යාපනය
    විභාග වලින් ජය ලැබේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගය දක්වා ඉගෙනුම පහල බසී. විභාග වලින් අසමත් වේ. ධාරණ ශක්තිය අඩුවේ. තමාගේ තිබුණු නුවණ අඩු වී යයි. වර්ෂය මැද භාගයෙන් පසුව ඉගෙනීමේ වෙනසක් සිදු වේ. නැතහොත් අමුතු ඉගෙන ගැනීමකට බැදීමට සිදුවේ.

    සෞඛ්‍යය
    ශරීරය දුර්වල වේ. නැතහොත් අසනීපයක් හෝ වැලඳේ. එය ලේ අඩුකමක් හෝ වැඩි කමක් විය හැකි වේ. ශරීරය කෘශ වේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට ශරීර සනීපය ඇති වේ. යම් අසනීපයකින් පෙලෙමින් සිටියේ නම් එය සුව වේ.

    ශුභ දවස් :- බදාද, සිකුරාද, ඉරිදා

    ශුභ අංක :- 6

    ශුභ වර්ණ :- සුදු, ක‍්‍රීම්, අයිවරි

    ශුභ මැණික් :- දියමන්ති, සුදුමැණික්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    64398_227052684086059_170607864_n.jpg




    මිථුන ලග්නය

    මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සමග 7 වැන්නේ ද, සඳු දෙවැන්නේ ද, ශනි රාහු 5 වැන්නේ ද, සිකුරු 6 වැන්නේ ද, කුජ 8 වැන්නේ ද, කේතු 11 වැන්නේ ද, ගුරු 12 වැන්නේ ද, තැන්පත් වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් සුභදායක එකක් නොවනු ඇත.

    ධනය
    අධික වියදම් සහිතයි. මුදල් හානි වේ. ලැබීමද අඩු වේ. දරු ශිෂ්‍යය ආදීන්ගේ අසනීප වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සිදු වේ. රහසිගතව හෝ අප‍්‍රසිද්ධව යම්යම් දෙයට මුදල් වියදම් කිරීමට සිදු වේ. ඒවා සමහරවිට පුණ්‍ය කටයුතු වලට විය හැකිය. වියදම් අධිකවීම හා මුදල් හානිය නිතරම පාහේ සිදු වේ.

    රැකීරක්‍ෂා
    තමාගේ රැකී රක්‍ෂා වෙල හෙළඳ කටයුතු වල වටිනාකම තත්ත්වය අඩු වේ. හවුලේ කරන කටයුතු වලින් පාඩු සිදු වේ. රැකී රක්‍ෂා වල ස්ථානීය වෙනසක් හෝ රැකී රක්‍ෂා කටයුතු වල වෙනසක් දක්නට පුලූවන. වර්ෂය මැද භාගය දක්වා රැකී රක්‍ෂා කටයුතු සඳහා විදේශ ගතවීම් යෙදිය හැකිය.

    ගෘහජීවිතය
    සුලු වරදක් නිසා ලොකු දඩුවම් ලැබෙන කාලයකි. තමාගේ හෝ තම පවුලේ දරු ශිෂ්‍යාදීන්ට අසනීප හෝ කරදර ඇතැම් විට කෙනෙකුට මාරක හෝ ඇතිකල හැකිය. ඇවිදිලි වැඩිවේ. කරදර සහිත වේ. දරු ලාභයකට ඉඩ තිබේ. සමහර විට එම දරුවා අවාසනාවන්ත හෝ අනියම් කෙනෙක් විය හැකිය. පවුලෙන් අඹු දරුවන්ගෙන් වෙන්වීමට සිදුවේ. නඩු හබ වලට හසුවීමට හෝ නීතියට විරුද්ධව වැඩ කිරීමට සිදු වේ. සිතට බය ඇතිවන කාලයකි. දුක සේ වාසය කිරීමට සිදු වේ. දරු උප්පත්තියක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකුට නම් තදබල අමාරුකම් ඇතිවිය හැකිය. දරුවන් හිතුවක්කාරී වේ. පිටතැන්වල වාසය කිරීමට සිදු වේ. දේශපාලන කටයුතු වල නිරත වන අයට මහජන ප‍්‍රසාදය නොලැබීමෙන් ඉවතට තල්ලූ වී යාමට ඉඩ ලැබේ. බොරු චෝදනා අපවාද අසන්නට සිදු වේ. ඥාතීන්ගෙන් කරදර හිරිහැර ඇතිවිය හැකිය. බලාපොරොත්තු වන අදහස් ඉෂ්ඨකර ගැනීමට නොහැකි වේ. කෝලහලයකට මැදිහත් වීමට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතුය. පිට පලාත්වල ගමන් යෑමට සිදු වේ. තම තත්ත්වය පහලට වැටිය හැකිය. ගව, එලු ආදී තිරිසන් සතුන් වෙළඳාමෙන් පාඩු සිදුවිය හැකිය. තදලෙස රාගාධික කාලයකි. තමා බලාපොරොත්තු වූ ආකාරයට අදහස් ඉෂ්ඨ කරගත නොහැකි වේ. උගත් මහලු අයගෙන් තමාට රහසිගතව ආධාර ලැබෙනවා ඇත.

    අධ්‍යාපනය
    ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට ගුප්ත විද්‍යාවක් ඉගනීමට ද ඒවා අත්හදා බැලීමට හා ඒ පිළිබඳ සාකච්චා පැවැත්වීමටද සිදු වේ. භූත විද්‍යා ගුප්ත ශාස්ත‍්‍ර ජ්‍යොතිෂ කටයුතු කරන අය අධ්‍යාපනය තුළින් යම් යම් ලාභ ලබයි. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයගේ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිය හැකිය.

    සෞඛ්‍යය
    බඩේ අසනීපයක් සාදයි. ශරීරයෙහි තුවාල හෝ අර්ශස් ආදී රෝගයක් හෝ මතුවන කාලයකි. වසංගත රෝග සෑදීමට පවා ඉඩ ඇත. ශරීර සනීපයද දුර්වල කරයි. සෙම් රෝග නිසා පීඩා විදීමට සිදු වේ. ශල්‍යයකර්ම වලට භාජනය වීමට හැකියාව ඇති අතර ඒවා අසාර්ථකවීමටද ඉඩකඩ ඇත.

    ශුභ දවස් :- බදාද, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා

    ශුභ අංක :- 3, 5

    ශුභ වර්ණ :- කොළ, කහ

    ශුභ මැණික් :- පච්ච
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    555113_227052704086057_1537362498_n.jpg


    කටක ලග්නය

    කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සඳු ස්වක්ෂේත්‍රව ලග්නයේද, ශනි රාහු 4 වැන්නේ ද, සිකුරු 5 වැන්නේ ද, රවි බුධ 6 වැන්නේ ද, කුජ 7 වැන්නේ ද, කේතු 10 වැන්නේ ද, ගුරු 11 වැන්නේ ද, තැන්පත් වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ‍්‍රඵල ගෙනදෙන වර්ෂයකි.

    ධනය
    දේපල වලින් ලැබෙන ආදයම පිළිබඳව කරදරයක් ඇති විය හැක. පාඩු අලාභ හානි සිදුවේ. මුදල් තත්ත්වය පහළ බසී. නැතහොත් විනාශ වී යයි. වෙළහෙළඳ, ව්‍යාපාර වලින් පාඩු හා අලාභ හානි සිදුවේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට මේ කාලය සෑම දෙයින්ම ලාභ ප‍්‍රයෝජන ලැබෙන කාලයකි. මේ කාලයේදී සැලකිය යුතු ධනවතෙක් කරනවා ඇත. අරමුදල් හා බැංකු මුදල් සම්පූර්ණ කරගත හැකි වේ.

    රැකී රක්‍ෂා
    රැකියාවෙන් අස්වීමට හෝ විශ‍්‍රාම ගැනීමට සිදු වේ. රැකී රක්‍ෂා වල තිබුණ තත්ත්වය අඩුවේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්‍ෂා තනතුරු නැවත ලැබේ. උසස් වීම්ද ලැබේ. රක්‍ෂාවක් සොයා සිටින කෙනෙකුනම් මේ කාලයේදී එය ලැබීමට හේතු වේ. නිලතල බලාපොරොත්තු වන අයටද එය ඉෂ්ඨ වේ.

    ගෘහ ජීවිතය
    පවුලේ වැඩිහිටියෙකුගේ මාරකයක් නියමයි. දේපල පිළිබඳ කටයුතු ඇති වේ. දේපල බෙදීම්ද අන්‍ය උරුමක්කාරයින් ඉදිරිපත් වීමද මේ කාලයේ සිදු වේ. සමහර දේපල කොටස් නැති වී යන කාලයකි. සමාජයෙහි තිබුණ හොඳනාමයත් ප‍්‍රසිද්ධියත් පහත වැටේ. අප‍්‍රසිද්ධව වාසය කිරීමට සිදු වේ. භාර්යාවගෙන් හෝ ස්වාමියාගෙන් ඈත්වීමට සිදු වේ. වෙහෙසකර දුරගමන් යාමට යෙදේ. තම කටයුතු පිරිහී යයි. තිබුණ දක්‍ෂකම් නැති වී යයි. කම්මැලි වෙයි. විරුද්ධ කරුවන් ඇතිවේ. මව්පිය වැඩිහිටියන් හා අමනාපකම් ඇති වේ. පහත් අයගේ ආශ‍්‍රය ඇති වීම නිසා නරක වැඩට ඇබ්බැහි වේ. නරකනාම ලැබේ. පදිංචිය පිළිබඳ දුෂ්කරකම් පැනනගී. දක්‍ෂ කර්මාන්ත කාරයන්ගෙන් ද උගත් අයගේද ආශ‍්‍රය හා ඔවුන් ලඟ වැඩ කිරීමට ඉඩ ලැබේ. යහපත් පොරොන්දු ගිවිසුම් වලට බැදීමෙන් සැනසිල්ල ඇතිවීමට පුලූවන. ජල ගැලීම් වලින් කුණාටු වලින් කඩා බිඳ වැටීම් වලින් පාඩු ද ඇතැම්විට දක්නට ලැබේ. මව් පාර්ශවයේ ඥාතියෙකුටද මාරක සිදු වේ. ජීවිතය අදුරු කාලයක් වේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට හිතවත් මිතුරු, මිතුරියන් ලැබේ. ඒ මිත‍්‍රයන්ගෙන් කාලයක් යන තුරුම ප‍්‍රයෝජන ගැනීමට ඉඩ ලැබේ. සැනසිලි දායක ප‍්‍රීතමත් කාලයකි. ශරීර සැප පහසුවද ගෙදර දොර සැනසිලිදායක තත්ත්වයද ඇති වේ. පවුලේ වාසනාවන්ත ප‍්‍රීතිදායක කාලයකි. හොඳ ආහාරපානද ඇඳුම් පැලඳුම් ද යාන වාහනද ලැබෙනවා ඇත. දරු ශිෂ්‍යය ලාභ ලැබෙන කාලයකි. පිට පලාතක සිටි කෙනෙකුට නම් මේ කාලය තුළ ආපසු තම ගමට එන්නට පුලූවන.

    අධ්‍යාපනය
    ඉගෙනීම් වලින් පහල බසී. විභාග වලට ශුභ කාලයක් නොවේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට අමුතු දේ ඉගනීමටද ඉඩ ලැබේ.

    සෞඛ්‍යය
    ශරීර සනීපය අඩු වේ. වාතරෝග වැනි අසනීප වැළදේ. දෙමව්පිය වැඩිහිටියෙකුට විෂමිශ‍්‍ර රෝගයක් වැලදෙන්නට හේතුයි. විශේෂයෙන් මවට වාතරෝග සෑදේ. නමුත් ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයගේ අසනීප වහා සුව වේ.

    ශුභ දවස් :- ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා

    ශුභ අංක :- 2, 7, 9

    ශුභ වර්ණ :- සුදු, ක‍්‍රීම්

    ශුභ මැණික් :- මුතු
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    535007_227052717419389_238874696_n.jpg



    සිංහ ලග්නය

    සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි බුධ සමග 5 වැන්නේද, ශනි රාහු 3 වැන්නේද, සිකුරු 4 වැන්නේද, කුජ 6 වැන්නේද, කේතු 9 වැන්නේද, ගුරු 10 වැන්නේද, චන්‍ද්‍රයා 12 වැන්නේද, තැන්පත්වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් වර්ෂයක් වනු ඇත.

    ධනය
    ධන ලාභ ලැබේ. දේපල ලාභ ලැබේ. කරගෙන ආ ව්‍යාපාර කටයුතු හා අමුතුවෙන් ආරම්භ කරන වැඩ වලින් ලාභ සහ දියුණුව ලැබේ. ලොකු ලාභ පවා ලැබීමට ඉඩ ඇත. ආදායම වැඩි වේ. පතල් වැඩ වලින් ගෙවල් බදු දීම් වලින් ණය ගණුදෙණු වලින්ද ලාභ ලැබෙන කාලයකි.

    රැකී රක්‍ෂා
    රැකී රක්‍ෂා වලින් උසස් වීමට හෝ අමුතුවෙන් රැකියාවක් සොයා ගැනීමට උත්සහ කරන කාලයකි. රැකී රක්‍ෂා වල තත්ත්වය උසස් වේ. රැකී රක්‍ෂා වල ස්ථාන මාරුවීම්ද සිදු විය හැකි වේ. සමහර විට එම ස්ථාන මාරුවීම් දුර බැහැර පළාත් වලද විය හැකිය.

    ගෘහ ජීවිතය
    ගොවිතැන් කරන අයගේ නම් ගොවිතැන් පාලූ වේ. වැරදි මාර්ග වලට උත්සහ කරන කාලයකි. ඥාතීන් විසින් තමාට දොස් පවරනු ලැබේ. දියුණු වීමට ගන්නා වූ අධික උත්සාහයන්ගේ ප‍්‍රථිඵල නොලැබේ. ස්ථානයේ හා තත්ත්වයේ වෙනසක් විය හැකිය. ප‍්‍රයෝජන රහිත අධික ගමන් බිමන් ඇති වේ. උසස් අයගෙන් හෝ ස්වාමියාගෙන් අකරුණාවද අප‍්‍රසාදයද ලැබීමට පුලූවන. සමහර විට ආරවුල් වලට මැදි වන්නට ඉඩ ලැබේ. මේ කාලයේ බොහෝ විට තත්ත්වයට නොගැලපෙන ආකාරයට අයතා කම්සැප සෙවීමට යාම නිසා නින්දාවකට භාජනය වීමට ඉඩ තිබේ. සෙනසුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට සිතට ප‍්‍රීතිමත් කාලයකි. දියුණුව ඇති වේ. යහපත් වැඩකරුවන් ලැබේ. උත්සව වලට හෝ සමාගම් වලට ආරාධනා ලැබේ. නම්බුව ලැබේ. මිනිරන් වැනි භූමියෙන් ලැබෙන වස්තුව ලැබෙන කාලයක් බැවින් ඒ ගැන වැඩට බැසීමට යහපත් වේ. ස්ත‍්‍රීන් සමග ප‍්‍රීතිවීමට ලැබෙන කාලයකි. ස්ත‍්‍රී සැපද මංගල යෝගද ඇති වේ. සෑම උත්සාහයකම ප‍්‍රතිඵල ලැබෙන කාලයකි. වැදගත් ගමන් යාමට සිදුවේ. සමිති සමාගම් වැඩ වලට බැදීමට ඉඩ ඇත. මිත‍්‍ර සංගම් ඇති වේ. සතුරන්ගෙන් ඈත් වී වාසය කිරීමට සිදුවේ. ප‍්‍රසිද්ධ වේ. ද්‍රව්‍ය ලාභ හා ධන ලාභ ලැබෙන වාසනාවන්ත කාලයකි. එහෙත් මේ කාලයේ දී නින්දාවක් ලැබෙන්නටද පුලූවන. පූජ්‍ය ස්ථානවල වන්දනාගමන් යාමට ඉඩ ලැබේ. සමාජ සේවකයන්ද ගුරුවරුන් හා පූජකයන්ද තමාට සහයෝගය දක්වනවා ඇත. ගෞරවය වැඩිවන අයුරින් සමාජසේවයේ නිරත වනු ඇත. වරදෙන් නිදහස ලැබේ. නින්දාවෙන් බේරෙයි. කලින් හමුනොවූ හිතවත් ඥාතීන් සමග ආශ‍්‍රයට වැටේ.

    අධ්‍යාපනය
    ගුප්ත ශාස්ත‍්‍ර සහ අලූත් ශාස්ත‍්‍ර ඉගනීමට වාසනාව ඇත. ගණිත සහ ඉංජිනේරු විෂයන් වල නිරත වන අයට ඉන් ඉතා උසස් ප‍්‍රතිඵල ලබාගත හැකිය. විභාග වලින් ජය ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විදේශ රටවලින් ශිෂ්‍යත්ව ආදිය ලැබිය හැකිය.

    සෞඛ්‍යය
    අසනීප වලින් සුවය ලැබේ. ශරීර සනීපය ඇති වේ. සමහර විට ශල්‍යකර්ම වලට භාජනය වීමට ඉඩ ඇත.

    ශුභ දවස් :- ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා

    ශුභ අංකය :- 1, 4

    ශුභ වර්ණ :- රතු

    ශුභ මැණික් :- පත්මරාග
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    18009_227052730752721_975438740_n.jpg


    කන්‍යා ලග්නය

    කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සමග 4 වැන්නේ ද, ශනි රාහු 2 වැන්නේ ද, සිකුරු 3 වැන්නේ ද, කුජ 5 වැන්නේ ද, කේතු 6 වැන්නේ ද, ගුරු 9 වැන්නේ ද, සඳු 3 වැන්නේ ද, තැන්පත්ව සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ‍්‍රඵල ගෙනදෙන එකක් වනු ඇත.

    ධනය
    මුදල් ලාභද ලැබෙනවා ඇත. නොයෙක් ක‍්‍රම වලින් වාසි සහ ලාභ ලැබේ. ආදායම් වැඩි වීමටද ඉඩ තිබේ. පඩි වැඩි වීම ඇතිවන කාලයකි. වැඩිපුර දීමනාද හිමි වේ. වෙළඳ ව්‍යාපාර ආදිය කරන අයට ඒවායෙන් ලාභ ලැබේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට අධික වියදම් ඇතිවන අතර නිෂ්ඵල දේ සඳහා මුදල් හා ධනය වියදම් කිරීමට සිදු වේ.

    රැකී රක්‍ෂා
    උගත් ශාස්ත‍්‍ර අංශවලින් රැකී රක්‍ෂා බලාපොරොත්තු වන අයට ඒ අංශ වලින් උසස් රැකියා ලැබේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකියාවේ දියුණුවක් හා වර්ධනයක් බලාපොරොත්තු විය නොහැකිය.

    ගෘහජීවිතය
    ආගමික භක්තිය වැඩි වේ. දේව භක්තිය තරමකට ඇති වේ. සමහර විට තරුණ තරුණියන්ට ආදර බන්ධන දෙකක් එකවර පවත්වන්නට ඉඩ ලැබේ. අලූත් දරු ශිෂ්‍යය ලාභ හෝ දරු ශිෂ්‍යයින් සිටිනවා නම් ඔවුන්ගේ උසස් වීම්ද නියමයි. දක්‍ෂ අන්දමින් කටයුතු කරගෙන යා හැකි කාලයකි. සිත් සතුටට කරුණු නිතර ඇති වේ. සතුරන් පරාජයටපත් වේ. ප‍්‍රීතිමත් දුරබැහැර ගමන් වන්දනා ගමන් යෑමට සිදු වේ. සමහරවිට මුහුදෙන් තරනය කිරීමට පවා සිදු වේ. ගෙදරදී හෝ පිටදී ආගමික කටයුතු වලට මැදිහත්වන්න සිදු වේ. භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ පවුලේ අය සමග ආශ‍්‍රය වැඩිවන අතර ඔවුන්ගෙන් උපකාරද ලැබෙනවා ඇත. පූජකයන්ගෙන්ද, අන්‍ය ආගමිකයන්ගෙන්ද, අන්‍ය ජාතිකයන්ගෙන්ද, ආශ‍්‍රය ඇති වීමත් ඔවුන්ගෙන් උපකාර ලැබීමත් නියමයි. මෙය වාසනාවන්ත කාලයකි. මෙම වාසනාව උදාවන්නේ ගෙදරට වී සිටීමෙන් නොව පිටපලාත්වල ආශ‍්‍රයෙන්ය. එබැවින් මේ කාලය තුල ගෙදර අතහැර පිටපලාත් වල වාසයට හෝ ආශ‍්‍රයට යාමට හොඳම කාලයයි. පියාටත් ගුරුවරුන්ටත් මෙම කාලය ඉතා හොඳය. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට හදිසි අනතුරු ඇති වේ. අනුන්ගෙන් යැපෙන්නට සිදු වේ. ගව මහේෂාදීන්ගේ විනාශය සිදු වේ. තැන්තැන් වල නිකරුනේ ඇවීදීමට සිදු වේ. නරක සහ පහත් අයගේ ආශ‍්‍රය ඇති වේ. හීන ජාතිකයන් හා ආශ‍්‍රය ඇති වේ. ස්ත‍්‍රීන්ට පුරුෂයන් හා පුරුෂයන්ට ස්ත‍්‍රීන් සමග ආශ‍්‍රයට යාම නිසා කල කෝලහල ඇති වේ. පවුලේ අවුල් වියවුල් අසමගිකම් ඇති වේ. හිතවත් ඥාතියකුගේ මරණය නියතයි. තම භාර්යාවට හෝ ස්වාමියාට අපලයි දුරදිග නොබලා ඉක්මන් කමින් කරන කතාවෙන් ආරවුල් මතුවන අතර පවුලේ අවුල් වියවුල් ඇතිවිය හැකිය. සැප පහසුකම් නැති කරදර සහිත කාලයකි. ස්ත‍්‍රී ආශ‍්‍රය ඇතිවන නමුත් එය ටි කලකින් නැති වී යයි. චෝදනා වලට හසුවේ. ණය ගණුදෙණු වලට බැදෙන්නට සිදු වේ.

    අධ්‍යාපනය
    ඉගෙනීමේ යෙදී දිටින ශිෂ්‍යයින්ට නම් මේ කාලයේ අලූත් උසස් ඉගෙනීම් වලට බැඳෙන්නට සිදු වේ. තරග විභාග වලින් ජය ලැබේ. උසස් ධර්ම ශාස්ත‍්‍ර ඉගෙන ගැනීමට හා ඒ පිළිබඳ දැනීමක් ලබා ගැනීමට ඉඩ ලැබේ. එසේම මේ කාලයේ ඉගනීමේ යෙදී සිටින අයට අන්‍ය භාෂාවන් පවා ඉගෙනීමට ඉඩ ලැබේ.

    සෞඛ්‍යය
    ශරීර සනීපද යහපත් වේ. තිබූ ලෙඩරෝග ක‍්‍රම ක‍්‍රමයෙන් සුවදායක අතට හැරේ. සෙනසුරු මහදශා අන්තර් දශා ගතකරන අයට ශරීරය දුර්වල වේ. අසනීප වලට හේතුයි දත්මුල් දිය වේ. දත් සෙලවීමට පටන් ගනී. ගබ්සා සිදුවන කාලයකි. තම භාර්යාවට හෝ ස්වාමියාට ද අසනීප ආදිය ගෙන දේ.

    ශුභ දවස් :-බදාද, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා

    ශුභ අංක :- 2, 3, 5, 7

    ශුභ වර්ණ :- කොළ

    ශුභ මැණික් :- පච්ච, ගෝමේද
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    541572_227052740752720_1234615471_n.jpg



    තුලා ලග්නය

    තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 2 වැන්නේ ද, ශනි උච්ච රාශිගතව රාහු සමග ලග්නයේද, රවි බුධ 3 වැන්නේ ද, කුජ 4 වැන්නේ ද, කේතු 7 වැන්නේ ද, ගුරු 8 වැන්නේ ද, සඳු 10 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවනු ඇත.

    ධනය
    බලාපොරොත්තු රහිත අධික වියදම් සිදු වේ. හවුල් ව්‍යාපාර වලින් සීට්ටු දැමීම් ආදියෙන් පාඩු හා අලාභහානි ඇති වේ. ඇතිවන සෑම කරදරයකින්ම ධනහානී හා අධික වියදම් ඇති කරයි. වැඩකට නැති දෙයකට වියදම් කිරීමට සිදු වේ. වැඩි විශ්වාසයක් නැතිව කරන සෑම කටයුතු වලින්ම අලාභ හා පාඩු සිදු වේ.

    රැකී රක්‍ෂා
    රැකී රක්‍ෂා නැවතී තිබුනේ නම් නැවත ආරම්භ වේ. නැති වී ගිය රැකියාවන් නැවත ලැබෙන්නට පුලුවන. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්‍ෂා නැති වී යාමක් හෝ තනතුරු වලින් පහළ වැටීමක්ද සිදු වේ. රැකී රක්‍ෂා වෙනුවෙන් වැඩකරන තරම් වෙහෙසෙනතරම් උසස් වීම් සහ යහපත් තත්ත්වයක් ඇති නොවේ.

    ගෘහ ජීවිතය
    තමාට හෝ අඹු දරුවන්ට විපත්ති කරදර මාරක බය ආදී අපල ඇතිකරන කාලයකි. රාජ දඩුවම් පවා ලබන කාලයකි. කණගාටුවට කරුණක් ඇති වේ. සමහර විට දරුවෙකුගෙන් ඈත් වීමක් හෝ දරුවෙකුට විපතක් නියමයි. ප‍්‍රයෝජන රහිත ගමන් බිමන් අධික වේ. නිතර කයට වෙහෙස මහන්සි ගතියක් දැනේ. කරගෙන ආ වැඩකටයුතු වලට අවහිර බාධා ඇති වේ. චෝදනා, අපවාද, අපකීර්ති ලැබෙන්නට ඉඩ තිබෙන බැවින් තත්ත්වයට නුසුදුසු වැඩ නොකිරීමට සිතට ගත යුතුය. වරින්වර සතුරු උවදුරු ඇති වේ. තමාගැන නරක ආරංචි පැතිරේ. ඥාතීන් සමග හෝ ආශ‍්‍රය කල අය සමග ආරවුල් මතුවේ. සිතේ නොසන්සුන් ගතිය මෙන්ම වැඩ කටයුතු වල එකලසක් නැති තත්ත්වයක් පහල වේ. කලක් ආශ‍්‍රය කල හිතවතෙකුගෙන් ඈත්වීමක් සිදු වේ. ප‍්‍රාණ බයෙන් කල් ගෙවීමට සිදු වේ. නිතර ශරීරයේ කුණුගෑවෙන කටයුතු කිරීමටද එවැනි තැන්වල ආශ‍්‍රය ඇති වීමටද හේතු වේ. සිතට විවේකය නැති වේ. මුහුණේ ලප මතු වේ. ශරීරයේ තිබුණ ලස්සන ගතිය නැති වී මහලූ ස්වභාවයක්, දුර්වල, දුර්වර්ණ ගතියක් ඇති වේ. හිසකෙස් පැසෙන්නට පටන්ගනී. දරාගැනීමේ හා ඉවසීමේ ශක්තිය අඩුවේ. කලකසිට විවාහ පොරොන්දුවක් තිබුණේ නම් එය කැඞීබිදී ගොස් අලූත් විවාහ ගිවිසුමක් ඇති වේ. රාහු මහදශා අන්තර් දශා ගතකරන අයට විශේෂයෙන් දේශපාලඥයන්ගේ වැඩ පිළිවෙල නොපිට පෙරලේ. තමාගේ දක්‍ෂකම් නොපිට පෙරලෙන නිසා මහජනයාගේ අප‍්‍රසාදයට ලක්වී දේශපාලන අවාසිවීම් ඇති වේ. සිතට බය උපදවන කාලයකි. දුරගමන් අධික වේ. තිබූ නම්බුව හා ගෞරවයට හානිවීමට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරීව කටයුතු කරන කාලයක් වේ. රජයෙන් අවනම්බු ලැබේ. අනියම් කම්සැපසේවනයට ඉඩ ලැබේ. ඊර්ෂ්‍යාකාරයින් ඇති වේ.

    අධ්‍යාපනය
    ඉගනීම් සපල වීමද, ඉගනීම් වලින් ප‍්‍රතිඵල වැඩිකර දීමටද මේ කාලය යහපත් වේ. බුද්ධිය වෙහෙසවා කරන ඉගනීම් කටයුතු තුලින් ඉතා උසස් ප‍්‍රතිඵල ලබාගත හැකි වේ.

    සෞඛ්‍යය

    අර්ෂස් ආබාධ හෝ එවැනි ගුදමාර්ගාබාධ සෑදෙන්නට ඉඩ තිබේ. ශරීර ශක්තිය අඩු ගතියක් හෝ අසනීප දැනේ. නිදන්ගත රෝග පවා සෑදීමට ඉඩ තිබේ. කලක සිට අසනීප වලින් පෙලෙන කෙනෙකුටනම් මේ කාලයේ තව තවත් ලෙඩ වැඩි වේ. පාදයක ආබාදයක් ඇතිවිය හැකිය. එය දුක් වේදනා විඳවන සුලූ වේ. එබැවින් මේ කාලයේ ආබාධ වලින් ඉතා පරිස්සම් විය යුතුය. ශරීරයේ බර අඩුවේ. හිසේ ආබාධ, සෙම් රෝග, වාත රෝග ඇතිවිය හැකිය.

    ශුභ දවස් :-අඟහරාවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාද

    ශුභ අංක :- 6

    ශුභ වර්ණ :- සුදු, ක‍්‍රීම්, අයිවරි වර්ණ

    ශුභ මැණික් :- දියමන්ති, සුදු මැණික්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    541547_227052750752719_2009712730_n.jpg



    වෘශ්චික ලග්නය

    වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති උච්ච රාශි ගතව 3 වැන්නේ ද, සිකුරු ලග්නයේ ද, රවි බුධ 2 වැන්නේ ද, කේතු 6 වැන්නේ ද, ගුරු 7 වැන්නේ ද, සඳු 9 වැන්නේ ද, ශනි රාහු 12 වැන්නේ ද, තැන්පත් වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ‍්‍රඵල ගෙනදෙන වර්ෂයක් වේ.

    ධනය
    ධන හානි වීමට හේතු වේ. දුප්පත් වේ. සමහර විට දැන දැනම නිශ්ඵල දෙයට වියදම් කිරීමට සිදු වේ. මිල මුදල් හානි වේ. නිකරුනේ වියදම් යන කටයුතු ඇති වේ. ආදායම් මාර්ග වැසී යයි. වෙළඳ ව්‍යාපාර කරගෙන යන අය ඉතා පරිස්සමෙන් ඥාණාන්විතව කටයුතු නොකල හොත් බංකොලොත් වීමට ඉඩ තිබේ. ගමන් බිමන් සඳහා අධික වියදම් කිරීමට සිදු වේ.

    රැකී රක්‍ෂා
    රැකී රක්‍ෂා වල තත්ත්වය පහලට වැටේ . ස්ථාන මාරුවීම්ද විය හැකිය. රාජ්‍යය පාර්ශවීය රැකියාවක් කරන අයට අයහපත් වන අතර රැකියා මගින් ධනය රැස්කර ගැනීමට හැකි වේ.

    ගෘහජීවිතය
    ගෙදර දොර වාසනාවන්ත කාලයක් වේ. සුදුසු වයස නම් මංගල යෝග උදා වේ. විවාහය සිදුවීමට හෝ අනියම් කම්සැප ලාභ ලැබීමට ඉඩ තිබේ. දරු ශිෂ්‍යය ලාභද ලැබේ. සිතට කයට සැප ඇතිවන කාලයකි. සාමාන්‍යයෙන් දියුණුවට ඉඩ තිබේ. හොඳ ආහාරපාන වර්ගද යාන වාහනද ලැබීමට ඉඩ තිබේ. භාර්යාව හෝ ස්වාමියා සමග වාසනාවන්ත හිතවත් සම්බන්ධකම් ඇති වේ. අලූත් ස්ත‍්‍රීන් සමග ආශ‍්‍රයට ලැබේ. ප‍්‍රීතිමත් සමාගම් පැවැත්වීමට ඉඩ ලැබේ. රාහු සහ සෙනසුරු මහදශා අන්තර් දශා ඇති අයට සිත් තැවුල් ගහන වේ. අදහස් කරන කටයුතු වලට සෑම පැත්තෙන්ම කරදර හා බාධා ඇති විය හැකිය. දරු ශිෂ්‍ය ආදීන්ට විපත්ති දායකයි. මව්පිය ගුරුවර ආදී වැඩිහිටියන්ට තදබල අපල හෝ මාරක අපලද විපත් ද සිදුවේ. තමාගේ හොඳ නම නැති වී තමා නරක පුද්ගලයෙකු බවට පත් වේ. තමා පිළිබඳව රටේ තොටේ අපවාද පැතිරි යයි. තදබල කනගාටු වලට සිත් කල කිරීම් වලට මුහුණ පාන්නට සිදු වේ. ජීවත් වීම පවා සැක සහිත වේ. විශේෂයෙන් හදිසි අනතුරු වලින් ප‍්‍රවේසම් විය යුතුය. පවුලෙන් වෙන්වීමද නියමයි. සිරදඩුවම් පවා ලැබෙන කාලයකි. සෑම තැනකදීම තමාට පරාජයට කරුණු සැලසේ. ගොවිතැන් කටයුතු වලින් අලාභ හානි පාඩු සිදු වේ. රහස් ආදර බන්ධන පවත්වන අයට ඒවා හසු වීමටත් ආදර බන්ධන කැඩීබිදී යාමටත් ඉඩ තිබේ. සැගවී සිටින රහස් සතුරන් ඇති වේ. තමාට අපහාස හා නින්දා විදීමට සිදු වේ. විපතේදී ආධාරයට එන අයගෙන් කරදර සිදු වේ. දිගින් දිගට යන කණගාටු සහ අවසනාවන්තකම් මතුවේ.

    අධ්‍යාපනය
    අලූත් දේ ඉගනීමට ලැබේ. මේ කාලය තුල විභාග වලින් පරාජය වීමටද අසමත් වීමටද ඉඩ තිබෙන බැවින් ඒ ගැන තද උත්සාහයකින් ක‍්‍රියාකල යුතුය. අධ්‍යාපන තත්වය පහළට වැටේ.

    සෞඛ්‍යය
    කැඩුම් බිඳුම්, වැටීම් ආදිය නිසා ශරීරයේ තුවාල සාදන්නට පුලූවන. ඇස්වල ආබාධයකට ඉඩ තිබේ. ඇතැම් අයගේ මුහුණේ නොමැකෙන තුවාලයක් සාදන්නට ඉඩ ඇත. ශරීර සනීපය දුර්වල කරයි. උසකින් හෝ වාහන වලින් වැටීමට සිදු වේ.

    ශුභ දවස් :- ඉරිදා, අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා

    ශුභ අංක :- 1, 2, 4, 5, 7

    ශුභ වර්ණ :- රතු

    ශුභ මැණික් :- රතු මැණික්, රතු කොරල්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    58523_227052760752718_99779117_n.jpg


    ධනු ලග්නය

    ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ උච්ච රාශිගතව 2 වැන්නේ ද, රවි බුධ ලග්නයේද, කේතු 5 වැන්නේ ද, ගුරු 6 වැන්නේ ද, සඳු 8 වැන්නේ ද, ශනි රාහු 11 වැන්නේ ද, සිකුරු 12 වැන්නේ ද, ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට ශුභදායක වනු ඇත.

    ධනය
    ධන ලාභ ලැබේ. දේපල ගෙවල් ඉඩම් ආදිය ලැබෙන කාලයකි. බලාපොරොත්තු රහිත හදිසි ධන ලාභද ලැබෙනවා ඇත. මුදල් අතින් වාසනාවන්ත කාලයකි. භූමියෙන් ලාභද, ලැබෙන අතර මිනිරන් පතල් කරුවන්ටද, ලාභ ලැබේ. ලී ගඩොල් වෙළඳාම ගොවිතැන් වැඩ කරන අයට ද විශේෂ ලාභ ප‍්‍රයෝජන ලැබෙනවා ඇත.

    රැකී රක්‍ෂා
    රැකීරක්‍ෂා තනතුරු වලින් ඉහළ යයි. තම තත්ත්වයට සුදුසු තනතුරු ලැබේ. තමාකල සේවයේ රක්‍ෂාවේ ප‍්‍රතිඵල හෙවත් එකවර ලැබෙන්නට තිබෙන පඩි මුදල් ද ලැබෙන කාලයකි. තම රැකී රක්‍ෂා තනතුරු ආදිය ස්ථිර වීමටද සිදු වේ. වෙළඳ ව්‍යාපාර ආදිය පටන් ගැනීමට හොඳම කාලයකි.

    ගෘහජීවිතය
    තම අදහසට අනුව වැඩ කටයුතු සිදු වේ. සිතට සැනසීම ගෙනදෙන කාලයකි. සිතුදේ ඉෂ්ඨකර ගැනීමට ඉඩ ලැබේ. විශේෂ දියුණුවකට මග පෑදෙන කාලයකි. ඉතා දීප්තිමත් වූද සැපවත් වූද තත්ත්වයක් ගත කරන්නට ඉඩ ලැබේ. උසස් අය සමග ද වයසින් වැඩි අය සමග ද හිත මිත‍්‍ර සබඳකම් පවත්වන්නට ඉඩ ලැබේ. දේශපාලනයේ යෙදෙන අයගේ විශේෂ දියුණුවක් ඇති කරයි. පවුලේ දියුණුව ඇති වේ. අලූත් නෑයෙක් ලැබීමක් හෝ පවුලේ අයට දරුවන් ලැබීමෙන් එය සිදු වේ. යහපත් හිතවත් වැඩකරුවන්ද ලැබෙනවා ඇත. සමහර විට මේ කාලයේ නපුරු අදහස් ද පහල වේ. වෙන කෙනෙක් මහන්සි වී කල වැඩක පල ප‍්‍රයෝජන නිරායාසයෙන්ම නෙලා ගැනීමට ඉඩ ලැබේ. ස්ත‍්‍රීන් සමග හිතවත්කම් බැදගෙන ආශ‍්‍රය කිරීමට ලැබේ. සුදුසු වයස නම් විවාහයටද නැතහොත් කම්සැප ලාභද ලැබෙන්නට ඇත. තම බලය වැඩි වේ. තම පින් පලදෙන කාලයකි. ප‍්‍රීති උත්සව පවත්වන්නට හෝ ඒවාට සහභාගී වන්නට ඉඩ ලැබේ. මිතුරු මිතුරියන් සමග විනෝද ගමන් යෑමට යෙදේ. ගොඩනැගිලි වැඩ පටන් ගැනීමටද මෙය හොඳ කාලයකි. නිසරු ඉඩම් වගා දියුණු කිරීමට කටයුතු කිරීමෙන් හොඳ ප‍්‍රතිඵල ලබාගත හැක. ගෙදරට නිතරම අමුත්තන් සහ හිතවතුන් පැමිණෙනවා ඇත. පවුලේ වැඩිහිටියන්ට යහපත සැලසෙනවා ඇත. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට මෙම කාල සීමාව තරමක කනගාටුදායක හා අවාසනාවන්ත තනි වූ කාලයකි. නමුත් මෙම කාලයේ ප‍්‍රයෝජනවත් වැඩක යෙදෙනවා ඇත. සිතට කයට සැප ඇති කරන දේ වලින් ඈත් වීමට ඒවා නොලැබීමට හේතු වේ. සතුරන්ගෙන් විපත්ති කරදර ඇතිවිය හැක. වාහන ගමන් යන්න ඉඩ පහසුකම් සැලසේ.

    අධ්‍යාපනය
    යකඩ යන්ත‍්‍ර සූත‍්‍ර වාහන ආදියෙහි කර්මාන්ත ඉගනීමට ඉඩ ලැබේ.

    සෞඛ්‍යය
    ශරීර සනීපය ඇති කරන කාලයකි. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට ශරීර ආබාධ වලට හේතු තිබේ. විශේෂයෙන් වාත රෝග ඇති වීමට ඉඩ ඇත. තම දරුවන් සිටීනම් ඔවුන්ටද අසනීප ඇති විය හැක. ශරීරයේ අධික වෙහෙස ඇති වේ.

    ශුභ දවස් :- ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

    ශුභ අංක :- 3, 5, 6,8

    ශුභ වර්ණ :- කහ

    ශුභ මැණික් :- පුෂ්පරාග
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    521906_227052770752717_2089969253_n.jpg



    මකර ලග්නය

    මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රාහු සමග 10 වැන්නේ ද, කුජ ලග්නයේද, කේතු 4 වැන්නේ ද, ගුරු 5 වැන්නේ ද, සඳු 7 වැන්නේ ද, සිකුරු 11 වැන්නේ ද, රවි බුධ 12 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මම වර්ෂය මිශ‍්‍රඵල ගෙනදෙන වර්ෂයකි.

    ධනය
    ධන හානි හා මුදල් හානි ඇති කරන කාලයකි. තමාගේ වතුපිටි දියුණු වීම තුලින් ලාභ ලැබේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට නොයෙක් කටයුතු වලින් ලාභ ලැබේ. ධන ලාභ හා ආදායම් හොඳ වේ. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබේ. ඉඩම් විකුණන අයට නම් ඉතා විශාල ලෙස ලාභ ලැබේ.

    රැකී රක්‍ෂා
    රැකී රක්‍ෂා තනතුරු වලින් පහත වැටේ. උසස් වීම් වලට බාධා වන ආකාරයේ නොයෙකුත් අවහිරකම් මතු වේ. රැකී රක්‍ෂා වල නොයෙක් ගැටලූ පැටලිලි මතු වේ. සමහර විට අලූත් වැඩ කටයුතු වලට හෝ රැකී රක්‍ෂා වලට බැදෙන්නට හෝ සිදුවන කරුණු ඇති වේ.

    ගෘහජීවිතය
    සිත් තැවුල් දුක් දොම්නස් ඇති කරන කාලයකි. කරදර හා විපත්ති ද ඇති කරන කාලයකි. එහෙත් දරු ශිෂ්‍ය ආදීන්ද ලැබීමට ඉඩ තිබේ. වැඩ කටයුතු අධික වේ. අමුතු වැඩද ඇති වේ. කීර්තිය, ප‍්‍රසංසාව නැති වේ. නොයෙක් කරදරවල පැටලෙනවා ඇත. පවු වැඩ කිහිපයක් කෙරෙන්නට පුලූවන. මනුෂ්‍ය ගුණධර්ම හීනවන කාලයකි. පහත් හෝ නරක අයගේ ආශ‍්‍රයට පැමිණෙන අතර නරක සිරිත් විරිත් පුරුදු වේ. තිබුණ ගෞරවය ද සැලකිලිද පහල වැටේ. වැඩිහිටියෙකුට මාරක අපලයක්ද සිදු වේ. වැඩකරුවන්ගෙන් හා තමා යටතේ වැඩ කරන අයගෙන් කරදර හා හිරුහැර ඇති වේ. කේලම් ඕපාදූප නිසා සිත් තැවුල් ඇති වේ. ලද පමණින් සතුටු විය යුතු කාලයකි. නමුත් රසවත් කෑමබීම නම් නිතර පාහේ ලැබෙන්නට පුලූවන. සතුරන් ඇති කරන කාලයකි. ගොවිතැන් කටයුතු වලටද, ඉඩකඩම් වල කටයුතු වලට කරදර පාඩු සහ අවහිරතා ඇති වේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට නැවතී තිබුණ වැඩ කටයුතු නැවත පටන් ගැනීමට යහපත් කාලයකි. දියුණුවට මග පෑදෙන අතර බලාපොරොත්තු වූ දේ ලැබේ. ඇඳුම් පැලඳුම් අලංකාර වස්තුව ලැබේ. පුරුෂයින්ට පියකරු ස්ත‍්‍රීන් සමග ආශ‍්‍රය හා ආදර බන්ධන ආදී සම්බන්ධකම් පවත්වන්නට ඉඩ ලැබේ. සතුරන්ට වඩා තම තත්ත්වය උසස් වේ. අනාගත දියුණුවට හේතුවන වැඩ පිළිවෙලක් ඇති වේ. උත්සාහයෙන් ප‍්‍රතිඵල ලැබෙන කාලයකි. දරු ශිෂ්‍යයන් නිරෝගී වේ. දරුවන් බලාපොරොත්තුවන අයට වාසනාවන්ත දරුවන් ලැබේ. ප‍්‍රීතිමත් විනෝද ක‍්‍රීඩා, රේස්, සූදු ආදියට යන අයට විශේෂ දිනුම් ලැබෙනවා ඇත. තරුණ තරුණියන්ට රහස් ආදර සබඳතා බැඳගෙන ආදර හසුන් ආදිය හුවමාරු කර ගැනීමට ලැබේ. අනුන්ගෙන් උපකාර ලැබෙන කාලයකි.

    අධ්‍යාපනය
    ඉගෙනීමේ කටයුතු අතපසු වේ. නැතහොත් කැඩී බිදී යයි. ඉගනීමේ කටයුතු වලට බාධා සිදු වේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයගේ ඉගනීම ඉගැන්වීම දියුණු වේ. අමුතු ඉගැන්වීම් වලට බැදෙන්නට සිදු වේ. ඥාණය දියුණු වන කටයුතු වල බැදෙන්නට ලැබේ. තරග විභාග වලින් ජය ලැබේ.

    සෞඛ්‍යය
    ශරීර ආබාධ සාදන්නට පුලූවන. විශේෂයෙන් හෘදයාබාධ සහ දණහිස්වල ආබාධ වලට ඉඩ තිබේ. ගුරු මහදශා අන්තර් දශා ගතවන අයගේ ශරීර සෞඛ්‍ය යහපත් වේ. ශරීරය පෘෂ්ඨිමත් වේ.

    ශුභ දවස් :- අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

    ශුභ අංක :- 6, 8, 9

    ශුභ වර්ණ :- නිල්

    ශුභ මැණික් :- නිල් මැණික්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    320089_227052784086049_2074428492_n.jpg



    කුම්භ ලග්නය

    කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු රාහු සමග 9 වැන්නේ ද, කේතු 3 වැන්නේ ද, ගුරු 4 වැන්නේ ද, සඳු 6 වැන්නේ ද, සිකුරු 10 වැන්නේ ද, රවි බුධ 11 වැන්නේ ද, කුජ 12 වැන්නේ ද, තැන්පත්ව සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් කාලයක් නොවනු ඇත.

    ධනය
    බැංකු වල තිබූ මුදල් අඩු වේ. තිබුන මුදල් ප‍්‍රමාණය අඩු වේ. වියදම් අධික වේ. ආදායම අඩුවන බැවින් ණය තුරුස් වැඩිවිය හැකිය. ගොවිතැන් කටයුතු වලින් ආදායම අඩු වේ. ධන හානි ඇති වන කාලයකි. ධනය හා දේපල පිළිබඳ පැටලිලි ඇති වේ. එහෙත් වාහන ලාභ ලැබේ. විකිණීම සඳහා මිලයට ගන්නා ලද දෙයින් ලාභ ලැබේ. ඉඩකඩම් දේපල පිළිබඳව විශේෂ ලාභ ලැබේ.

    රැකී රක්‍ෂා
    සමහරවිට රැකියාවෙන් අස්වීමට හෝ විශ‍්‍රාම ගැනීමට කාලය උදා වේ. කලක් සිට කරගෙන ආ රැකී රක්‍ෂා කටයුතු වලට උනන්දුව අඩු වේ. රැකී රක්‍ෂා වලට හානිවීම් හෝ ඒවා නැති වී යා හැකිය.

    ගෘහජීවිතය
    තිබුන ගෞරවය නැති වේ. නොතේරුම් කමින් හෝ තමා නොදැනීම වැරදි සිදු වේ. සමහර විට ස්ථාන වල හෝ කරගෙන ආ කටයුතු වල වෙනසක් ඇති කළ හැකිය. නෑදෑයන්ගෙන් දුක් කරදර මතු වේ. බලාපොරොත්තු වූ අදහස් සුන් වේ. දුර්වල හෝ පහත් අයගේ ආශ‍්‍රයට වැටී ඔවුන් නිසා අලාභ හානි සිදු වේ. ගෙදර වාසය අප‍්‍රිය වී ගෙදරින් පිටවී යාමට සිතේ. ගෙදර දොර අවාසනාවන්ත කාලයක් වේ. තිබුණ කඩිසර ගතිය ප‍්‍රාණවත් ගතිය නැති වී යයි. ගමන් බිමන් වලින් කරදර හා අනතුරු ඇති කරයි. වැඩක් නැතිව කාලය ගත වේ. රැවටීමකට හසු වේ. හොඳින් ආශ‍්‍රය කල තමාගෙන් උපකාරගත් කෙනෙක් තමාව මුලාවක දමනවා ඇත. හිටිතැනින් බටහිරට හෝ නැගෙනහිරට යාමට සිදු වේ. ගොඩනැගිලි වැඩක් ආරම්භ කෙරේ. මව්පියන්ට යහපත සැලසීමද සිදු වේ. මේ කාලයේදී විවාහ සහකරුවන් සොයා ගැනීම අවසානයේ රැවටීමකට හේතු වේ. එබැවින් විවාහ ගිවිසුම් හා ආදර බන්ධන වලට අශුභ කාලයකි. පිනට දහමට අකමැති වන නමුත් දේවභක්තිය වැඩි වේ. මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන්ගේ කරදර නිසා සිතට දුක් දෙන්නට සිදු වේ. එවැනි කෙනෙකුට හෝ අන්‍ය හිතවතෙකුට මාරක නියමයි.

    අධ්‍යාපනය
    තරග විභාග, වාද විවාද ආදියෙන් පරාජයට පැමිණේ. නමුත් සෙනසුරු මහදශා අන්තර් දශා ගතකරන අයගේ උසස් අධ්‍යාපන කටයුතු සහ විශ්වවිද්‍යාල කටයුතු සාර්ථකව කරගත හැකි වේ.

    සෞඛ්‍යය
    ශරීරාබාධ මතුවිය හැකිය. මේ කාලයේ ලේ වැඩිකම හෝ රත්පිත ගතියද මතු වේ. හෘදයාබාධ සෑදීමට ඉඩ තිබේ. පපුවේ වේදනාව සාදයි.

    ශුභ දවස් :- අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා

    ශුභ අංක :- 3, 8, 9

    ශුභ වර්ණ :- රතු නිල්

    ශුභ මැණික් :- කාක නිල
     
    • Like
    Reactions: prasad9805

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    485309_227052794086048_852130236_n.jpg
    මීන ලග්නය මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු 3 වැන්නේ ද, කේතු 2 වැන්නේ ද, සඳු 5 වැන්නේ ද, ශනි රාහු 8 වැන්නේ ද, සිකුරු 9 වැන්නේ ද, රවි බුධ 10 වැන්නේ ද, කුජ 11 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් එකක් නොවනු ඇත. ධනය මුදල් හිඟ කාලයකි. තිබෙන මුදල් නිකරුනේ නැති නාස්ති වෙයි. අධික වියදම් නිසා ණය වීමට සිදුවේ. වෙළඳ ව්‍යාපාරිකයන්ට අලූත් අයබදු වලට හසුවීම නිසා තම ආදායම් පක්‍ෂය පහල බසී. රැකී රක්‍ෂා රැකී රක්‍ෂා තත්ත්වය පහල වැටේ. ලියකියවිලි හෝ හස්ත කර්මාන්ත වැඩට සම්බන්ධ රැකියා ඇති වේ. තමාගේ රක්‍ෂාවේ හෝ වැඩ කරන කාර්යාලයේ ඇතිවන කරදර නිසා රක්‍ෂාව හෝ ස්ථානය වෙනස්කර ගැනීමට තද ආශාවකින් ක‍්‍රියා කරන නමුත් ඒ කරදර වලින් නිදහස් වීමට ඉඩ නොලැබේ. රැකී රක්‍ෂා නිලතල හො වෙළඳ ව්‍යාපාර නිතරම කරදර සහිතව කරන්නට සිදු වේ. ගෘහජීවිතය ස්ථානය හෝ පදිංචියේ වෙනසක් සිදුවිය හැක. ගම අතහැර දැමීමට සිතේ. ගෙදර පැමිණිවිට සිතට කිසිම ප‍්‍රීතියක් නැති නිසා පිටවී යාමට සිතේ. නෑදෑ හිත මිතුරෙකුගේ විනාශය හෝ ඈත් විමද නියමයි. චෝදනා අපවාද ලැබෙන කාලයක් බැවින් ප‍්‍රවේශම් විය යුතු කාලයකි. දඩුවම් ලැබිය හැකි කාලයකි. බලාපොරොත්තු රහිත අවුල් මතුවේ. අසල් වැසියන්ගෙන් කරදර මතුවේ. සමහර විට තම සහෝදරයෙකුගේ තත්ත්වය උසස් වේ. නිතර වාහන වල ගමන් ඇති වේ. සහෝදරයෙකුගෙන් හෝ නෑනා මස්සිනා කෙනෙකුගෙන් තමාට හිරිහැරයක් ඇති වේ. පියාට හෝ එවැනි වැඩිහිටියෙකුට මාරක නියමයි. දරුවෙකුට විපත්ති දායකයි. එය විශේෂයෙන් වැඩිමහල් දරුවා විය හැක. සූදුවට ආශාව ඇතිවන කාලයකි. වැඩකරුවන්ගෙන් කරදර මතුවේ. තද රාග අධික කාලයක් වේ. වෙඩි වැදීමට හිදි හූනියම් වැදීමට පවා ඉඩ තිබේ. තම භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට තද ලෙස අසනීප ඇති වේ. ආශ‍්‍රය කරන්නන්ගෙන් බරපතල කරදර හා සිත් තැවුල් ඇති වේ.සමූහ වශයෙන් එකතුවී වැඩකිරීමට හා එයට පෙළඹේ. නැතහොත් අනුන්ගේ එවැනි වැඩ වලින් තමන්ට හිරිහැර ඇති වේ. අනුමානයට කටයුතු කිරීමට යාම නිසා පාඩු සහ පරාජය සිදුවන අතර මේ කාලය තුළදී එවැනි කටයුතු වලින් වැලකී සිටම යහපත් වේ. ප‍්‍රයෝජන නොලැබෙන දේට මහන්සි වන කාලයකි. නීති විරෝධී වැඩ කිරීමට සිදු වේ. ක‍්‍රමානුකූල ජීවිතයක් ගත කිරීමට ඉඩ නොලැබේ. තද ලෙස කේන්ති යන කාලයකි. අන්අයගෙන් ඊර්ෂ්‍යයාකාරකම් සිදුවේ. සිතේ චෛතසික ඉස්පාසුවක් ඇති නොවේ. පැරණි වැරදි මතුවී ලොකු දඩුවම් විදීමට සිදු වේ. අධ්‍යාපනය විභාග විලින් සහ වාද විවාද ආදියෙන් අසමත්වීම හා පරාජයට පත් වේ. සෞඛ්‍යය ශරීර සෞඛ්‍යය යහපත් නොවේ. අසනීපයක් තිබුනේ නම් මෙය වැඩි වේ. බෝවෙන රෝග ආදී අසනීප ඇති විය හැක. මෙය තමාට හෝ තමාගේ පවුලේ අයට විය හැක. අඹු දරුවන්ගෙන් වෙන් වීමට සිදු වේ. පපුවේ තදබල වේදනාවක් ඇති වේ. ශරීර සනීපය අඩුවේ. අමුතු අසනීප සෑදෙන්නට පිළිවන. ශුභ දවස් :- අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා ශුභ අංක :- 3, 9 ශුභ වර්ණ :- රතු, කහ ශුභ මැණික් :- පුෂ්පරාග, වෛරෝඩි[/SIZE][/IMG]
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ



    රැකී රක්‍ෂා
    සමහරවිට රැකියාවෙන් අස්වීමට හෝ විශ‍්‍රාම ගැනීමට කාලය උදා වේ. කලක් සිට කරගෙන ආ රැකී රක්‍ෂා කටයුතු වලට උනන්දුව අඩු වේ. රැකී රක්‍ෂා වලට හානිවීම් හෝ ඒවා නැති වී යා හැකිය.


    හෆ්ෆා රස්සාවටත් කෙලවෙනව කියල තියෙන්නේ.... සන්තෝසෙ බෑ..... :D:D:D