අවුරුදු 2,000 ක් පැරැණි පරිගණකයක්,

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    අවුරුදු 2,000 ක් පැරැණි පරිගණකයක්,

    බැග්ඩෑඞ් බැටරිය සහ පුරාණ මිසර වැසියන්නේ විදුලි බල්බය : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතාව.

    1.jpg


    මෙය පුරාණ පිටසක්වළ ජීවීන්ගේ ලිපි මාලාවට විශාල ප්‍රතිචාරයක් ලැබුණු නිසා තවත් විස්තරයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. පුරාණයේ පිටසක්වළ ජීවීන් පෘථිවියට ඇවිත් මානව ඉතිහාසයේ වෙනසක් ඇති කළ බව සැක කලහැකි සාක්ෂි , කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති හා අබිරහස් සිතියමක් ගැන අප කලින් ඉදිරිපත් කලෙමු. පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? ලිපියට හා පිරමීඩ පරයන මහා අබිරහස: ‘පූමාපුංකු' ලිපියටත් අදහස් රාශියක් ලැබුණි.

    අද තවත් අපූරු දෙයක් කියන්නයි සූදානම් වෙන්නේ. මේ පුරාණයේ භාවිතා කළ ගණනය කිරීමේ යන්ත‍්‍රයක් එහෙම නැතිනම් පරිගණකයක් ගැන විස්තර හා මිසර වැසියන් භාවිතා කළ විදුලි බුබුලක් හා ඒවාට විදුලි බලය ලබා දුන් බැටරියක් ගැන විස්තරයක් තමයි මේ.

    අප නැවතත් කියනුයේ, අප මෙම ඉදිරිපත් කරන තොරතුරු ලොක ඉතිහාසයේ අබිරහස් ලෙස පවතින එවාය. මෙමගින් පිටසක්වළ ජීවීන් සිටිනවා කියා කිසිසේත් නිගමනය නොකරමු. ළමා හා වැඩිහිටි මනසට විශ්මිත තොරතුරු පිලිබදව විවෘත මනසකින් බැලීමට පෙලබවීම අපගේ අරමුණ වේ.

    වසර 2000ක් පරිගණකය (ගණනය කිරීමේ යන්ත‍්‍රයක්) : Antikythera Mechanism


    පිටසක්වළ ජීවීන් අතීතයේ දී මෙහි ආවා නම් ඔවුන් සතුව තිබුණු දියුණු ගණිත හෝ භෞතික විද්‍යා දැනුම හෝ ඉතිරි කර ගියේ නැද්ද? ඔවුන් එහෙම කළා නම් එවැනි දේට සාක්කි අද දකින්නට ලැබෙනවාද? එවැනි දෙයක් තිබෙනවා. ඒක ලොව පළමු යාන්ති‍්‍රක පරිගණකය කියලත් හැඳින්වෙනවා. ඒක වසර 2000ක් පැරැණියි. ‘ඇන්ටිකිතීර යන්ත‍්‍රණය’ සොයා ගනු ලැබුවේ 1900 දශකයේදියි. ඒ ස්පාඤ්ඤ කිමිඳුම්කරුවන් කණ්ඩායමක් විසිනුයි. ඒ ගී‍්‍රසියට නුදුරින් පිහිටි ඇන්ටිකිතීර දූපත අසල මුහුදේ ගවේෂණය කරද්දී. එහි නැවක් මුහුදු බත් වී තිබුණා. ඒ නැවේ තිබිලා හමුවුණා පෙට්ටියක්. ඒ පෙට්ටිය හදලා තිබුණේ ලෝහවලිනුයි. ඒක යැවුණා ඇතන්ස් කෞතුකාගාරයට. වසර 50 කට පසු තාක්ෂණය දියුණු වුණාම මේ පෙට්ටියේ ඇතුළේ මොනවද තිබෙන්නේ බලන්න එක්ස් රේ පරීක්ෂාවක් කළා. එහිදී දකින්න ලැබුණා එකිනෙකට සම්බන්ධ වූ දැති රෝද, යන්ත‍්‍ර සූත‍්‍ර. ඒ අනුව එය කුමක්දැයි සොයා බැලූවා. පරිගණක යන්ත‍්‍රයක් බව තහවුරු වුණේ ඉන් පසුවයි. ඒක කාර්යයන් දෙකක් සඳහා යොදා ගත් අපූරු උපකරණයක්. එකක් එය තාරකා විද්‍යා ගවේෂණ උපකරණයක්. තරුවල පිහිටීම සොයා බලා මුහුදේ මඟ සොයාගෙන යාත‍්‍රා කළ හැකි මෙවලමක්. එයින් කෙරුණු අනෙක් කාර්යය, එය ජෝතිෂ්‍ය කරුණු හෙළි කරන උපකරණයක් ලෙස යොදා ගත හැකිවීම. උපන්නේ කවදාද මොන දිනයේදී ද, ලග්නය මොකක්ද? පලාපල මොනවාද? වගේ තොරතුරු ලබා ගන්න මේ උපකරණයට පුළුවන්. මේ උපකරණය අද අප භාවිත කරන ස්විස් ඔරලෝසුවකට වඩා සංකීර්ණයි. ඇතුළත උපාංග සියල්ල එහෙමයි. ඒ නිසා මීට අවුරුදු 2000 කට කලින් මේ උපකරණය හැදුවේ කවුද? මොකක්ද සඳහාද? කියන දේවල්වලට පිළිතුරු දෙන්න අපට හැකියාවක් ලැබිලා නැහැ. 1950 දශකයේදී මේ යන්ත‍්‍රය පරීක්ෂාවට ලක් කරද්දී පැහැදිලි වුණු කරුණක් තමයි, පුරාණ ගී‍්‍රක වැසියන්ට මෙවැනි සංකීර්ණ නිර්මාණයක් කරන්න තරමේ තාක්ෂණික දැනුමක් නොතිබුණු බව. ඒක හරියට මිසරයේ තුතන්කාමන් පාරාවන්ගේ සොහොන් ගැබෙන් ජෙට් ඇන්ජිමක් සොයා ගත්තා හා සමානයි.

    ඩැන්ඩොරා දේවාලයේ විදුලි බල්බය : Dendera Lamp


    ඇන්ටිකිතීර උපකරණයටත් වඩා, ඊජිප්තුවේ ඩැන්ඬේරා නම් භූ ගත දෙවොලේ රූපාක්ෂර හා සිතුවම් පැරැණියි. දෙවොලේ බිත්තිවල කොටා ඇති සිතුවම්වලින් නූතන ලෝකයේ අප භාවිත කරන උපකරණ දකින්න සමහරුන්ට හැකියාව ලැබී තිබෙනවා. මේ භූ ගත දෙවොලට ඇතුළු වෙන්න අවසරය ලැබී තිබෙන්නේ ප‍්‍රධාන පූජකවරුනට පමණයි. එය රහස්වලින් පිරි ගුප්ත තැනක් හැටියට අතීතයේ දී සලකනු ලැබුවා. ඒක අදත් එහෙමයි. මේ භූත දෙවොල ඇතුළත පැසේජ හරිම පටුයි. හරිම රස්සෙනෙයි. සිවිලිම හුඟක් පහතයි. මේ දේවාලයේ බිත්තියක කැටයම් කර තිබෙනවා කිසියම් දෙයක්. එය බැලූ බැල්මට ඉපැරණි විදුලි බුබුළක් හා සමානයි. අපට විසඳුම් සොයන්න බැරි පැනයක් මෙහි දී මතුවෙනවා. ඒ තමයි, පුරාණ මිසර වැසියන් මේ භූගත සොහොන් ගැබ්, සොහොන් ගෙවල් හා දෙවොල, තුළ අඳුරේ මේ රූපාක්ෂර ඇන්දේ කොහොමද? කැටයම් කෙටුවේ කොහොමද? කියන එක. පුරාවිද්‍යාඥයන් නම් කියන්නේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පෙනෙන්නේ නැති ඝන අඳුරේ දී ආලෝකය දෙන්න පන්දම් භාවිත කළා කියලයි. ඒත් සිවිලිම්වල කොහේවත් පන්දම්වලින් නිකුත් වූ ගිනිදැල්වලින් බැඳුණු දුම් හෝ දැලි ඇත්තේ නැහැ. ඒ නිසා පන්දම්වලින් ආලෝකය දුන්නා යන මතය බැහැර වෙනවා. එහෙනම් කොහොමද ඔවුන් එළිය ලබා ගත්තේ? තවත් මතයක් තමයි, ඔවුන් ඒවා ඇතුළට ආලෝකය ලබා ගත්තේ, පිටත සූර්යා ලෝකය, ඔප දැමූ තඹ තැටි යොදා ගනිමින් පරාවර්තනය කිරීමෙන් කියලයි. ඒ ක‍්‍රමය එක්තරා දුරකට පිළිගන්න පුළුවන්. ඒත් වැඩි දුරකට ආලෝකය ලබා ගන්න නම් ඒ ක‍්‍රමයෙන් පුළුවන්කමක් නැහැ. ඔප දැමූ තඹ තැටි මගින් පරාවර්තනය කරන ආලෝකය අතරමගදී හීන වී යන නිසයි.


    ආලෝකය ලබා ගත්තේ කොහොමද?


    පන්දමක් දල්වන්න ප‍්‍රමාණවත් තරමේ ඔක්සිජන් වායුව මේ පිරමීඩ හෝ සොහොන් ගැබ් ඇතුළේ ඇත්තේ නැහැ. ඒ නිසා ආලෝකය ලබා ගන්න නම් කිසියම් විධියකට කෘති‍්‍රමව ආලෝකය නිපදවන්න සිදුවෙනවා. පුරාණ මිසර වැසියන් පිරමීඩ හා දෙවොල ආලෝකමත් කළේ විදුලි බල්බ යොදා ගෙනයි, කියලා පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන පිරිස් කියනවා. ඔවුන් කියන්නේ ඩැන්ඬේරා දෙවොලේ බිත්තියේ කොටා ඇත්තේ විදුලි බල්බයකරූපයක් කියලයි. ඒත් සමහර පුරාවිද්‍යාඥයන් නම් කියන්නේ එය විදුලි බල්බයක් නොවේ නෙළුම් මලක් කියලයි. ඒත් පුදුමයට හේතුවන තවත් කරුණක් තමයි, මේ විදුලි බල්බය හෝ නෙළුම් මල හෝ දකින්න ලැබෙන්නේ ඩැන්ඬේරා දෙවොලේ පමණයි. ඒකටත් හොඳ පැහැදිලි කිරීමක් තිබෙනවා. පුරාණ මිසරයේ විවිධ ස්ථාන විවිධ දේවල් සඳහා වෙන් කරලයි, තිබෙන්නේ. ඩැන්ඬේරාවේ තමයි, ආලෝකය ලබා දුන් ප‍්‍රභවය පිළිබඳ තෙරතුරු තැන්පත් කර තිබුණා යැයි පැවසෙන්නේ. මේ දැනුම සුරක්ෂිතව ආරක්ෂා කළේ ප‍්‍රධාන පූජකවරුන් විසිනුයි. ඒ නිසා ඩැන්ඬේරා කියන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒකයි එතැන විතරක් විදුලි බල්බයක් දකින්න ලැබෙන්නේ.

    බැග්ඩෑඞ් බැටරිය : Baghdad Battery


    මිසර වැසියන් මේ අඳුරු පැසේජයන් ආලෝකමත් කළා නම්, බල්බ යොදා ගෙන, ඒ බල්බවලට විදුලි බලය ලැබුණේ කොහොමද? අනෙක විදුලි බලය සොයා ගැනුනේ අවුරුදු ගණනාවකට පසුවයි. ඒත් ‘බැග්ඩෑඞ් බැටරිය’ කියලා විද්‍යාඥයන් හඳුන්වන දෙයින් ඒ අදහස වෙනස් වෙනවා. පුරාවිද්‍යාඥයන්ට බැග්ඩෑඞ් බැටරිය සොයා ගැනීමට හැකිවෙලා තිබෙන්නේ ඉරාකයේ බැග්ඩෑඞ් නුවරින්. මෙවැනි බැටරි දුසිම් ගණනින් හමුවෙලා තිබෙනවා. බැග්ඩෑඞ් බැටරිය කියලා කියන්නේ කි‍්‍රස්තු පූර්ව ශත වර්ෂ කීපයකට කලින් පාතියන් හෙවත් සැසනිඞ් යුගයේ දී මිසපොටේමියවේ කළ නිර්මාණයක්. ඒ නිසා මෙයට පාතියන් බැටරිය කියලත් කියනවා. මෙය සොයා ගනු ලැබුවේ 1936දි, ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අසල කුයුට් රැබූ නම් ගම්මානයෙන්. 1938දී ඉරාකයේ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂව සිටි ජර්මන් ජාතික විල්හෙල්ම් කොනින් තමයි, ලෝකයේ අවධානය මෙයට යොමු කළේ. 1940දී ඔහු පර්යේෂණ ලිපියක් ඉදිරිපත් කළා, මේවා ගැල්වනික කෝෂ සහිත බැටරි විශේෂයක් කියමින්. සමහර විට මේවා යොදා ගන්න ඇත්තේ රිදියෙන් තැනූ ආභරණ ඔප දැමීමට විය හැකියි. ඒක එහෙම නම් ඇලෙක්සැන්ඩර් වෝල්ටා 1800 ගණන්වල විදුලි කෝෂ බැටරිය තනන්න අවුරුදු මිලියනයකටත් වැඩි කාලයකට කලින් මේවා නිර්මාණය කරන්න ඇති කියලා හිතන්න පුළුවන්.

    2.jpg

    මොකක්ද මේ බැග්ඩෑඞ් බැටරිය?


    මේ ඉපැරණි විදුලි කෝෂයට යොදා ගෙන තියෙන්නෙ, සෙ.මී. 13ක් උස ‘ටෙරාකොටා’ මැටි බඳුන්. එහි මුදුනේ සෙ.මී. 4ක විතර කටක් තිබුණා. තනි යකඩ කූරක් හා තඹ තහඩුවක් රොල් කර තැනු සිලින්ඩරයක් ඒ තුළට රිංගවා තිබුණා. එහි මුදුනේ තඹ තහඩුව හා යකඩ කූර වෙන් කර තැබීමට බිටුමින් කෙවෙනියක් යොදා තිබුණා. ඒවා මැටි බඳුනට හොඳින් හිර වන සේ සවි කර තිබුණා. මේ මැටි බඳුන් බඳෙන් පිටතට පිම්බී යන විදියටයි, තනා තිබුණේ. විදුලි කෝෂයක් බවට පත්වීමට මේ බඳුන තුළට සිට්රික් අම්ලය වැනි දෙයක් යොදන්න ඇති කියලයි, විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. ඒ සඳහා දෙහි යුෂ, මිදි යුෂ හෝ විනාකිරි භාවිත කරන්න ඇති. ඔවුන් විදුලි බලය නිපදවා ගත්තේ එහෙමයි. ඒ අනුව පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන අය කියන්නේ මීට වසර 3000 කට පෙර ඈත අතීතයේ, ඉපැරණි මිනිසා විදුලි උපකරණ පරිහරණය කරන්න ඇති කියලයි. ඔවුන්ට ඒ සඳහා දැනුම ලැබුණේ කොහොමද? කාගෙන්ද? පිළිතුරු සෙවීම පහසු කාරණාවක් නම් නොවේ.


     
    • Like
    Reactions: dgvirajm

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7



    Kalin ahala tiyenawa machan thanks for sharing


    නියමයි බන්



    Watinawa machan... TFS.. +rep

    ස්තුතියි යාලුවන්ගේ රිප්ලයි වලට :)