අවුරුදු 26 කට පෙර විජය මැරුවේ මෙහෙමයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අවුරුදු 26 කට පෙර විජය මැරුවේ මෙහෙමයි

    අවුරුදු 26 කට පෙර විජය මැරුවේ මෙහෙමයි
    4:52 AM විවිධ No comments

    වසර 1986 පෙබරවාරි 15 වැනිදා කටුනායකට ආසන්න රද්දොලුවේදී ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ හිතවතකු වූ ගාමිණී මැදගෙදරගේ අවමංගල උත්සවය පැවැතිවිණ. අවමංගල සභාව අමතා කතාවක්‌ කළ මහජන පක්‍ෂයේ නායකයා වූ විජය කුමාරණතුංග, ගාමිණී මැදගෙදරගේ පාක්‍ෂිකත්වය අගය කළේය. එදා රෑ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව සිය ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් විජය කුමාරණතුංග මැදගෙදරගේ අවමඟුලේ දී කළ කතාවේදී ජනතා විමුක්‌ති පෙරමුණ තදබල ලෙස විවේචනය කළ බව කීවේය. එහෙත් විජය එදා ජ.වි.පෙ. ගැන වචනයක්‌වත් කතා කළේ නැත. එවකට මහජන පක්‍ෂයේ ක්‍රියාකාරිකයකු වූද විජයගේ ඉතා කිට්‌ටු හිතවතකු වූද ජා ඇල µSලික්‌ස්‌ පෙරේරා (අද සිටින අමාත්‍ය) පසු කාලයේදී විජය ඝාතන පරීක්‍ෂණ කොමිසම ඉදිරියේ සාක්‍ෂි දෙමින් විජය, ජ.වි.පෙ. ගැන එදා වචනයක්‌වත් නොකී බව තහවුරු කළේය.

    <--- වෙඩි වැදී විකෘති වූ විජයගේ මළසිරුර

    විජය රද්දොලුවේ අවමංගල්‍යයට සහභාගි වූ 15 වැනිදා සඳුදා දිනයකි. පසුදින, එනම් 16 වැනිදා අඟහරුවාදාය. එදින දහවල් 12 ට පමණ කිරුළපන පොල්හේන්ගොඩ දී විජය කුමාරණතුංගට වෙඩි තබන ලදී. ඒ වනවිට ඔහු සිටියේ සිය නිවස ඉදිරිපිට ය. විජයට වෙඩි තැබූ මිනීමරුවා වූ එවකට 27 හැවිරිදි වියේ පසුවූ ලයනල් රණසිංහ හෙවත් ටාසන් වීරසිංහ හෙවත් ගාමිණී නමැත්තා එම මොහොත ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දුන් සාක්‍ෂිය මෙසේය.

    "පෙබරවාරි 16 වැනිදා උදේ මම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ 'හේරත්' සමඟ කිරුළපනට පැමිණියෙමි. හේරත් මට හඳුන්වා දුන්නේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කොළඹ දිස්‌ත්‍රික්‌ නායකයා ජයන්ත නමැති කෙනෙක්‌. විජය කුමාරණතුංගට වෙඩි තැබීමේ කටයුත්ත අපට පවරන ලද්දේ ඔහුය. එම පැවැරීම විජයට වෙඩි තැබීමට සති කිහිපයකට පෙර පිළියන්දල හෝටලයකදී සිදු විය.

    'විජයට වෙඩි තියන්නේ ඇයි...?" මම එවිට ජයන්තගෙන් ඇසුවෙමි.

    "හේතු කිහිපයක්‌ තියෙනවා.." ජයන්ත අපට පැහැදිලි කළේය. "ඉන්දු ලංකා සාම ගිවිසුමට විජය එකඟයි. 1987 ජුලි 28 වැනිදා රජිව් ගාන්ධි එක්‌ක ෙ-. ආර්. ජයවර්ධන ගහපු මේ ගිවිසුම ලංකාවේ ඒකීයත්වයට හානියක්‌. ඊළඟට පළාත් සභා ක්‍රමයටත් විජය පක්‍ෂයි. අපට පළාත් සභා ක්‍රමයෙන් වැඩක්‌ නැහැ. එහෙම තියෙද්දී විජය පළාත් සභා ක්‍රමයෙහි වැදගත්කම පෙන්වන්න ඒ ගැන පැහැදිලි කරමින් රටපුරා රැස්‌වීම් පවත්වනවා. එයා ජනප්‍රිය නළුවෙක්‌ නිසා තරුණ පරම්පරාව ඒ රැස්‌වීම්වලට ඇදිලා ඇවිත් එයාගේ කතා අහගෙන ඉන්නවා. එතකොට වෙන්නෙ පළාත් සභාවල සුබවාදී පැත්ත ගැන පණිවුඩය තරුණ පරම්පරාවට යැමයි. මේ ඔක්‌කොම ඉදිරි පළාත් සභාවල පාවිච්චිවෙන අලුත් ඡන්ද. මේ අතර බංකොලොත්වෙලා තිබෙන වමේ පක්‍ෂ විජයගේ මහජන පක්‍ෂයත් එක්‌ක සන්ධානගත වෙලා ඉන්නවා. ජනතා විමුක්‌ති පෙරමුණ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පළාත් සභාවලට විරුද්ධයි. ඒ එක්‌කම දෙමළ බෙදුම්වාදී PLOT සංවිධානය සහ EPRLF සංවිධානය විජයගේ පිරිසකට සන්නද්ධ පුහුණුව දෙනවා. අපි පසුගිය ටිකේම විජයට අනතුරු හඟවලා තිබෙනවා මේ වැඩ නවත්වන්න කියලා. ඒත් එයා ඒවා ගණන් ගත්තෙ නැහැ. අපි දැන් අවසන් නිවේදනයත් නිකුත් කරලයි තියෙන්නෙ. විජය ඒකත් ගණන් අරගෙන නැහැ. ඒ නිසා විජය මරන්නම ඕනෑ. ඒක අත්‍යවශ්‍ය කාරණයක්‌...."

    "පෙබරවාරි 16 වැනිදා හේරත් සහ මම කිරුළපනේදී හමු වූයෙමු. කිරුළපනේ මහජන පුස්‌තකාලය අසලට මා ගෙන ගිය ඔහු මා එහි නවත්වා නික්‌ම ගොස්‌ මඳ වේලාවකින් මෝටර් සයිකලයක්‌ පදවාගෙන ආයේය. එහි නැගුන අපි තවත් තැනකට ගිය විට අපට කළුපාට දිග බෑගයක්‌ ලැබිණ. එහි වූයේ ඔ 56 තුවක්‌කුවක්‌ සහ අත්බෝම්බයකි. විජයගේ පොල්හේන්ගොඩ නිවස කිට්‌ටුව පිහිටි අපේ හිතවතකු වූ 'තම්බි'ගේ නිවසට ගිය අපි බෑගය එහි තැබීමු. ඉන්පසු විජයගේ නිවස පේන තෙක්‌ මානයේ අපි ගැවසුණෙමු. දහවල් 12 වන විට විජය මෝටර් රථයකින් පොල්හේන්ගොඩ නිවසට පැමිණියේය. ඒ රථයේ වර්ගය මට මතක නැත. විජයගේ නිවසේ ගේට්‌ටුව ඉදිරිපිට සුදු පැහැති ඩබල් කැබ් රියක්‌ පාක්‌ කර තිබෙනවා මම දිටිමි. විජය තමන් පැමිණි කාරය එලවාගෙන ආ බව ඔහු රියේ දකුණුපස ඉදිරි දොර විවෘත කර පිටතට බැසීම නිසා මට වැටහිණ. ඔහු ගෙට ගියේය. "විජය තව ටිකකින් එළියට එනවා. එතකොට වැඩේ කරමුද?" හේරත් මගෙන් ඇසීය. එයට එකඟ වූ මම වහාම හේරත් සමඟ තම්බිගේ නිවසට මෝටර් සයිකලයෙන් ගොස්‌ තුවක්‌කුව සහ බෝම්බය තිබූ බෑගය රැගෙනවිත් විජයගේ ගෙදර ගේට්‌ටුව පෙනෙන මානයේ රැඳී සිටියෙමු. විනාඩි 5 කට පමණ පසු විජය නිවසින් පිටතට ආවේය. ගේට්‌ටුව අසල සිටි පුද්ගලයකු සමඟ ඔහු ස්‌වල්ප වේලාවක්‌ කතා කළේය. මේ පුද්ගලයා කලිසම් කමිස හැඳි කෙනෙකි. මෝටර් සයිකලයට නැගුන අපි විජයට මීටර් 20 ක පමණ පරතරයක්‌ ඇතිව මෝටර් සයිකලය නැවැත්තුවෙමු. එවිට බෑගය තිබුණේ සයිකලයේ පිටුපස අසුනෙහි සිටි මගේ උකුල මතය. මම සයිකලයේ සිටියදීම තුවක්‌කුව ගෙන විජයට දෙවරක්‌ වෙඩි තැබුවෙමි. එවිට ඔහු සිටියේ අපට පිටුපාය. වෙඩි කෑ විජය බිමවැටුණු අතර ඔහු අත වූ ලිපිගොනුවක්‌ විසිරෙනු මම දුටුවෙමි. ඉන්පසු මම සයිකලයෙන් බැස විජය වැටී සිටි තැනට ගොස්‌ ඔහුගේ හිසට කිහිප වාරයක්‌ වෙඩි තැබුවෙමි. එවිට ඔහු පැළඳ සිටි විග් එක ගැලවී විසිවිය. මේ අතර විජය සමඟ කතා කරමින් සිටි පුද්ගලයා විජයගේ ගෙතුළට දුවන්නට විය. මම ඔහුටද වෙඩි තැබුවෙමි. අනතුරුව ඩබල් කැබ් එකේ පිටුපස අසුනෙහි සිටි පුද්ගලයකුටද වෙඩි තැබුවෙමි. විජය ළඟ බිම වැටී තිබූ ලිපි ගොනුව ගත් මම එය උඩින් පල්ලෙන් බලා බිම දමා තුවක්‌කුව රැගෙන එය බෑගය තුළට රුවා මෝටර් සයිකලයේ පිටුපස ආසනයට නැග ගත්තෙමි. ඒ වන විට සයිකලය පණගන්වා ගත් හේරත් කිරුළපන හයිලෙවල් පාර පැත්තට මුහුණලාගෙන සිටියේය. අපි පොල්හේන්ගොඩ පාර දිගේ විදුලි වේගයෙන් ගියෙමු.

    ''අප කෙළින්ම ගියේ පිළියන්දල දාම්පේටය. මා ඇඳ සිටි අත් දිග සුදු පැහැති ටී ෂර්ට්‌ එකේ ලේ පැල්ලම් විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් කුලියට ගත් නිවසක්‌ දාම්පේ තිබිණි. එදින රැය අපි එහි ගත කළෙමු. ලේ තැවරුණු මගේ ටීෂර්ට්‌ එක පුළුස්‌සා දමන ලෙස අපේ ව්‍යාපාරයේ සහෝදරයෙක්‌ මට උපදෙස්‌ දුන්නේය.''

    ......................................................

    විජයට වෙඩි තැබීමට පෙර සිටම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් අවස්‌ථා කිහිපයකදී ඔහුට සහ ඔහුගේ මහජන පක්‍ෂයේ කටයුතුවලට පහර දෙන ලදී. 1986 දී ඔවුහු විජයගේ නිවසට බෝම්බ ගැසූහ. මහජන පක්‍ෂයේ රැස්‌වීම්වලට වෙඩි තැබූහ. මේ ප්‍රහාර අතරතුර, විජය ජවිපෙට සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට විරුද්ධව ඉතා තදින් කතා කළේය. 1986 දෙසැම්බර් 15 වැනිදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන් පිරිසක්‌ විසින් පිළියන්දල ආදිරිස්‌ කොස්‌තා නමැති කුලී මිනීමරුවකුට කොන්ත්‍රාත්තුවක්‌ දී කොළඹ විශ්වවිද්‍යාලයේ නිදහස්‌ ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ ඝාතනය කළ විට විජය කියා සිටියේ ජ. වි. පෙ. සිංහල ජාතිය සහ රට ගැන කතා කරමින් දකුණේ සිංහල කොල්ලකු මැරූ බවය. 1987 දී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තුවක්‌කුකරුවන් අනුරාධපුර පොළේ සෙරෙප්පු විකුණමින් සිටි නන්දන මාරසිංහට වෙඩි තබා මැරූහ. නන්දන ජවිපෙ හිටපු බලගතු සාමාජිකයෙකි. ඔහුගේ මළගමට සහභාගි වූ විජය මිනීමරුවාගේ නම ප්‍රසිද්ධියේ කියමින් ජවිපෙ විවේචනය කළේය.

    විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහ හෙවත් ටාසන් වීරසිංහ හෙවත් ගාමිණී හොරණ ජීවත්වූ පහළ මධ්‍යම පාන්තික දුප්පත් පවුලකින් පැමිණි දරුවෙකි. ඔහු ඉගෙන ගත්තේ අපොස උසස්‌ පෙළ දක්‌වා පමණි. 1978 දී ජවිපෙට එක්‌වන ඔහු සුප්‍රසිද්ධ පන්ති 5 කට සහභාගි වෙයි. 1981 වන විට ඔහු ජවිපෙ පූර්ණ කාලීනයෙකි. එම වසරේදී ඔහුගේ මව තම පුතාගේ දේශපාලන කටයුතු ගැන බියපත්ව කැකිරාවේ පදිංචිව සිටි ඇගේ සහෝදරියගේ නිවසට යවයි. ලයනල් එතැන් සිට අවුරුද්දක්‌ම සිය නැන්දාට සහ මාමාට අයත් හේනේ ගොවිතැන් කරයි. 1984 දී ආපසු හොරණට එන ලයනල් බ්‍රහස්‌පතින්දා සහ ඉරිදා පොළේ එළවළු විකුණයි. 1986 දක්‌වා ඔහු විටින් විට පුද්ගලික ආරක්‍ෂක සමාගමක සිකියුරිටි ගාඩ් කෙනෙකු සහ හොරණ පදික වේදිකාවේ රටකජු වෙළෙන්දකු ලෙස ජීවිකාව සපයා ගනී. 1986 දී හොරණ නගරයේදී තම පැරණි ජවිපෙ සහෝදරයකු වන බටගොඩ ගමගේ ජයවර්ධන හමුවූ පසු ලයනල්ගේ ජීවිතය යළි දේශපාලන කටයුතු වෙත ඇදී යයි. එම වසරේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් බඹරකන්දට යවන ඔහු යුද පුහුණුව ලබන්නේය. 1987 දී සමනලකන්ද අවට කැලයේදී ඔහුට වැඩිදුර සටන් පුහුණුව ලැබෙයි. ඔහු පළමුවරට මරන්නේ පොලිස්‌ අධිකාරි ටෙරන්ස්‌ පෙරේරාය. ටෙරන්ස්‌ පෙරේරාට වෙඩි තබන ඔහු රනිල් මල්ලි නමැති ක්‍රියාකාරිකයකු සමග මෝටර් සයිකලයකින් පලා යයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වූ මහාචාර්ය ස්‌ටැන්ලි විඡේසුන්දර සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු ඝාතනය කරන්නේද ඔහු විසිනි.

    ......................................................

    විජයට වෙඩි තැබූ තුවක්‌කුව එවකට එජාප මන්ත්‍රීවරයකු වූ ගාමිණී ලොකුගේට අයත් බව පරීක්‍ෂණවලදී හෙළි විය. එය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඔහුගෙන් කොල්ලකනු ලැබූවකි. පසුව පොලිස්‌ අත්අඩංගුවට පත් ලයනල් රණසිංහ අදටත් ආගිය අතක්‌ නැති අතර පිටරටක ජීවත්වන බව විශ්වාස කෙරේ. කෙසේ වුවද 1988 පෙබරවාරි 15 වැනිදා එවකට පැවැති එජාප රජයේ රූපවාහිනිය මගින් විජය නොකී කතාවක්‌ කී බව ප්‍රචාරය කළේ ඇයිද යන්න අදටත් ප්‍රශ්නයකි. එහි අරමුණ වූයේ විජයගේ මරණය ඉක්‌මන් කිරීමද?

    අනුර සොලමන්ස්‌
    http://www.divaina.com/2014/02/16/feature18.html
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    ඔකේ කතන්දර ගොඩක් තියෙනවා නේද? අදටත් ඇත්ත එළිවෙලා තියෙන්නේ බාගෙට කියලයි හිතෙන්නෙ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    වැඩේ කියන්නේ දිවයිනේ අනුර සොලමන් ඕක ලියන්න JVP එකේ අනුර නායකයා වෙනකන් බලන් හිටිය එකනේ...:lol::lol::lol::lol:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    වැඩේ කියන්නේ දිවයිනේ අනුර සොලමන් ඕක ලියන්න JVP එකේ අනුර නායකයා වෙනකන් බලන් හිටිය එකනේ...:lol::lol::lol::lol:

    උබ කියන්නේ අනුර කුමාර පෙබරවාරි මාසෙදි නායකයා වෙච්ච හින්දා , විජය කුමාරතුංග මැරුන දවස පෙබරවාරි 16 නැතුව මාර්තු 16 කරන්න කියලද:rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    උබ කියන්නේ අනුර කුමාර පෙබරවාරි මාසෙදි නායකයා වෙච්ච හින්දා , විජය කුමාරතුංග මැරුන දවස පෙබරවාරි 16 නැතුව මාර්තු 16 කරන්න කියලද:rofl:

    දිවයිනේ හෙඩිම බලලා ඉන්න.

    අවුරුදු 26 කට පෙර විජය මැරුවේ මෙහෙමයි:lol:


    මැරුවේ මෙහෙමයි කියන්න අවුරුදු 26ක්ම හිටියද?:lol::lol::lol:
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    දිවයිනේ හෙඩිම බලලා ඉන්න.

    අවුරුදු 26 කට පෙර විජය මැරුවේ මෙහෙමයි:lol:


    මැරුවේ මෙහෙමයි කියන්න අවුරුදු 27ක්ම හිටියද?:lol::lol::lol:

    ජෙනරාල් කොබ්බෑකඩුව මැරුණ දවසේ ඉදන් ඒ හැම අවුරුද්දකම ඒ මනුස්සයා මැරුනේ අරල් වල බිම්බෝම්බෙකට අහු වෙලා කොළබ ගේන අතර තුර කියල හැම අවුරුද්දකම වගේ යනවා දැකලා නද්ද? මේකේ ට්හ්‍ර්ඩ් කොච්චර යනවද හැම අවුරුද්දකම.

    උබ ගිය අවුද්දේ පත්තර් බැලුවා නම් ගිය අවුරුද්දෙත් විජය කුමාරතුංග ගැන ආවර්ජනයක් තියෙන්න ඇති.

    අනුර කුමාර පෙබරවාරි මාසේ නායකයා උනා කියලා විජය මළ මාසේ වෙනස් කරන්නද කියන්නේ :rofl:

    ජෙනරාල් කොබ්බෑකඩුව යනු උදහරණයක් පමණි, රණසිංහ ප්‍රේමදාස, වීරපුරංඅප්පු, සරදියෙල් හැමදෙනාම ඔවුන් මැරුනු දියන සිහිපත් කරමින් සෑම අවුරුද්කම සිහිකරණු ලබයි.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    ජෙනරාල් කොබ්බෑකඩුව මැරුණ දවසේ ඉදන් ඒ හැම අවුරුද්දකම ඒ මනුස්සයා මැරුනේ අරල් වල බිම්බෝම්බෙකට අහු වෙලා කොළබ ගේන අතර තුර කියල හැම අවුරුද්දකම වගේ යනවා දැකලා නද්ද? මේකේ ට්හ්‍ර්ඩ් කොච්චර යනවද හැම අවුරුද්දකම.

    උබ ගිය අවුද්දේ පත්තර් බැලුවා නම් ගිය අවුරුද්දෙත් විජය කුමාරතුංග ගැන ආවර්ජනයක් තියෙන්න ඇති.

    අනුර කුමාර පෙබරවාරි මාසේ නායකයා උනා කියලා විජය මළ මාසේ වෙනස් කරන්නද කියන්නේ :rofl:

    ජෙනරාල් කොබ්බෑකඩුව යනු උදහරණයක් පමණි, රණසිංහ ප්‍රේමදාස, වීරපුරංඅප්පු, සරදියෙල් හැමදෙනාම ඔවුන් මැරුනු දියන සිහිපත් කරමින් සෑම අවුරුද්කම සිහිකරණු ලබයි.

    ඇත්තද එතකොට මේ එකම ආර්ටිකල් එකද අනුර සොලමන් හැම අවුරුද්දෙම ලියලා තියෙන්නේ..මහ පිස්සෙක් නේහ්..:lol:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඇත්තද එතකොට මේ එකම ආර්ටිකල් එකද අනුර සොලමන් හැම අවුරුද්දෙම ලියලා තියෙන්නේ..මහ පිස්සෙක් නේහ්..:lol:

    ඇයි එකම ආටිකල් එක ලියන්න ඕනේද කවුරු හරි ආවර්ජනය කරන්න... ? තමන්ට කැමති මාතෘකාවක් දන්න බැරිද? උබෙත් බොරු පිස්සු ටෝක් නේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    ඇයි එකම ආටිකල් එක ලියන්න ඕනේද කවුරු හරි ආවර්ජනය කරන්න... ? තමන්ට කැමති මාතෘකාවක් දන්න බැරිද? උබෙත් බොරු පිස්සු ටෝක් නේ.

    උබේ ඔය තොත්ත බබා ටෝක්ස් වලට ඉතින් වෙන මොනා කියන්නද.:lol:හරි හරි අනුර සොලමන් හැම අවුරුද්දෙම ලියන එක තමා මේ පාරත් ලියල තියෙන්නේ.:lol::lol:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    උබේ ඔය තොත්ත බබා ටෝක්ස් වලට ඉතින් වෙන මොනා කියන්නද.:lol:හරි හරි අනුර සොලමන් හැම අවුරුද්දෙම ලියන එක තමා මේ පාරත් ලියල තියෙන්නේ.:lol::lol:

    අනුර කුමාර පෙබරවාරි වල නායකයා උන හින්දා තමයි විජය කුමාරතුංග සිහිකරන්නේ කියන එකානේ.. මගේ බබා ටෝ ගැන කියන්නේ:lol::lol::lol:


    හා :lol: :lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    අනුර කුමාර පෙබරවාරි වල නායකයා උන හින්දා තමයි විජය කුමාරතුංග සිහිකරන්නේ කියන එකානේ.. මගේ බබා ටෝ ගැන කියන්නේ:lol::lol::lol:


    හා :lol: :lol::lol:

    උබ වගේ හරකෙක් එක්ක කථා කරලා වැඩක් නැහැ.උබලා කොහොමත් මහින්දගේ ශුක්‍රාණුවකින් ආපු එවුන් නේහ්..:lol::lol::P
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උබේ ඔය තොත්ත බබා ටෝක්ස් වලට ඉතින් වෙන මොනා කියන්නද.:lol:හරි හරි අනුර සොලමන් හැම අවුරුද්දෙම ලියන එක තමා මේ පාරත් ලියල තියෙන්නේ.:lol::lol:

    :rofl:mama awurudu 3-4ka idan aniva irida divaina balanawa..mama nam dakala naha me wage article ekak.:dull:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    උබ වගේ හරකෙක් එක්ක කථා කරලා වැඩක් නැහැ.උබලා කොහොමත් මහින්දගේ ශුක්‍රාණුවකින් ආපු එවුන් නේහ්..:lol::lol::P
    හරකෙක් බව නම් පේනවා පොයිට් එකට කතා කලහම ශුක්‍රාණුවක් ඇදල අරගත්ත විදිහෙන් කවුද කියල :rofl::rofl: ඒක හින්දා මම හරකෙක් එක්ක කතා නොකර ඉන්නම් :lol:
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :rofl:mama awurudu 3-4ka idan aniva irida divaina balanawa..mama nam dakala naha me wage article ekak.:dull:

    මමත් දැකලා නෑ. මොකද මේ අවුරුද්දේ වගේ හැම අවුරුද්කම පෙබරවාරි 16 ඉරිදා දවසක් කියල මටත් මතක නෑ:rofl: