අවුරුදු 50 පැන්නට

cat123

Well-known member
  • Sep 25, 2007
    2,697
    4,437
    113
    අවුරුදු 50 පැන්නට

    අවුරුදු 50හ පැන්නට පස්සෙ පිරිමියෙකුට මාර අදහස් එන්නෙ. සමහර වෙලාවට රගර් ගහන්න හිතෙනව. සමහර වෙලාවට පීනන්න හිතෙනව. සමහර වෙලාවට මහණවෙන්න හිතෙනව. සමහර වෙලාවට...නෑ ඕන් නෑ..

    මේ නානප්‍රකාර සිතුවිලි එන්නේ ඇයි? සමහරක් ගොඩක් කල් රස්සාව කරල ඇති වෙලා ඉන්නේ. සමහරක් තමන්ගෙ මුලු ජීවිතේම හොඳටම හම්බ කරන කාලේ හින්ඳා සන්තෝසෙන්. සමහරක් ණය බරින් මිරිකිලා. සමහරක් ලෙඩ වෙලා. සමහරක් දරුවන්ගෙ වියදම් වලින් චප්ප වෙලා. සමහරකට බය හිතෙනවා අනාගතේ ගැන හිතල.. ෂුගර්, ප්‍රෙෂර්, කොලෙස්ට්‍රොල් වගෙ අලුත් 'යාලුවෝ' ගොඩක් ඇවිල්ල! උන් යන්නෙත් නෑ. උන්ව ගනන් ගන් නැතුව ඉන්නත් බෑ. ඔන්න ප්‍රෙෂර් චෙක් කරන මැෂින්, සීනි චෙක් කරන ඉඳිකටු ගෙදර 'ගෘහ භාන්ඩ’ බවට පත් වෙනව. ඒ අස්සෙ එකට හිටපු එකෙක් දෙන්නෙක් මැරිලත් යනවා.. වෙන එකෙක් බලන්න විතරක් ගිය ඉස්පිටිතාල දැන් දැන් පුරුදු තැන් බවට පත් වෙලා! දොස්තරලව අඳුනනව. ලස්සන නර්ස්ලා කොහොමත් අඳුනනව...

    50හ පැන්න පිරිමියෙකුට ජීවිතේ ගැන මාර අදහස් එනව. ගොඩක් අත් දැකීම් තියන හින්ඳා හිතට එන හැම සිතුවිල්ලම හරි කියල හිතෙනව. සමහර වෙලාවට හිතට එන සිතුවිලි ඔක්කොම වැරදියි කියලත් හිතෙනව! ‘මන් මැරුනොත් ඔයා ආයේ බඳිනවද’ කියන ගෑණුන්ගේ යුනිවසල් ප්‍රශ්නෙ ගැන හිතෙනකොට වික්ටර් රත්නායක මතක් වෙනවා. බැන්කු ලෝන්, කාර් ලීස්, යුනිවසිටි ෆීස්, ස්කූල් ෆීස් මතක් වෙනකොට සෝමසිරි අලකොලන්ඟ මතක් වෙනවා... දැන් දැන් වයිෆුත් ජම්බු කඩන්න වැඩි ආසාවක් නැති හින්ඳා 'යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද' කියල හිතෙනව! ඉතින් බැඳල ඉන්න 'යුද්දෙ' දිහා බලපුවහම ‘කඩුවෙන්’ කොස් කෙටුවත් කමක් නෑ හිතෙනව.. බුදු බණ අහන්න ඕනෙ කියලා youtube එකේ තියන ඔක්කොම බණ අහන්න යනවා. එකක්වත් ඉවරවෙනකන් අහන් නෑ. පන්සලුත් යනව. හිතුනොත් සිලුත් ගන්නව. සිල් ගන්නකොට එහෙන් මෙහෙන් බැල්මත් දානවා උපාසක අම්මලට. ඇයි ඉතින් ‘උපාසක අම්ම’ කිව්වට ඒ අයත් ඉතින් මේ වයසෙමනේ..

    ඇඟේ පතේ හය්ය අඩු වෙනවා. ලෙඩ හැදෙනවා. මේවා එකක්වත් පිලිගන්න කැමති නෑ. ඇහුවම තදත් වෙනවා. අලුත්ම රනින් ෂූස් දාගෙන දවසක් දෙකක් පොර වගේ ඇවිදින්න යනවා. පලතුරු බොනව. එලවලු තම්බල කනවා. ඊට පස්සෙ දවසෙ මස් ගාතයක් ගෙනත් ඇරල දානව කොලෙස්ට්‍රෝල් වලට කුද ගහගනින් කියලා. සල්ලි වියදන් කරල ජිම් එකක් හොයා ගන්නව. ඇහුවම ආඩම්බරෙන් කියනව 'ජිම් ගියා' කියල. ඒකෙදි කරන්නෙත් ඇවිදින එකම තමා! හෙණ ආසාවෙන් ඒකට යනවා. දවස් 18යි වැඩිම ගිහින් තියෙන්නේ! ඊට පස්සෙ ට්‍රෙඩ් මිල් එකක් ගන්නව. පලවෙනි දවස්වල පිස්සු බල්ලෙක් වගේ ඕකෙ ඇවිදිනවා. දිව දනිස් ලඟට එල්ලගෙන හති අරිනව. දවස් 21යි ඕකෙ යන්නේ! ඊට පස්සේ වයිෆ් ඒකෙ රෙදි වනන්න ගන්නව. බර බලනවා. කිලෝ එකක් අඩුවුනොත් මුලු ලෝකෙටම කියනවා.. ජිම් ගියත්, ඇවිද්දත්, ට්‍රෙඩ් මිල් කරත්, ප්‍රෙග්නන්ට් වෙලා වගේ බඩ එනවා!

    ඒ අස්සේ ඔන්න වයිෆ් මෙහෙම කියනවා 'අපි මයිග්‍රේට් කරමුකු අනේ. අර ඉන්ද්‍රලා මයිග්‍රේට් කරලා ජොලියෙ ඉන්න හැටි බලන්නකො අර ෆේස්බුක් එකේ' කියනව. ඔන්න ඉමිග්‍රේශන් සයිට් එකට ගිහින් බලද්දි වයස වැඩියි!

    ඔන්න දැන් දැන් දරුවො බඳින වයස එනවා. උන්ගේ මගුල් වියදම අපෙ මුලු ජීවිත කාලෙම වියදමට වැඩියි. ෆොටෝ ගන්න එකාගේ ගාන අපේ වෙඩින් එකේ මුලු වියදමට වඩා වැඩියි. ඔන්න ඔලුවයි තව තැනුයි කසමින් කල්පනා කරනව. කොහොම හරි බන්ඳල දෙන්නත් එපායැ. ඒ අස්සෙ අනිත් දරුව තාම ඉස්කෝලෙ! ඒකිවත් ගොඩ යවන්න එපෑයැ! ආයෙත් කසමින් කල්පනා කරනවා. 'උයන්න මෙලෝ දෙයක් නෑ' කියලා ඔන්න ගෑණි ගෝරනාඩුවක්. මාර්කට් එකට යනවා. එළවලු තෝරමින් ඉන්න 40ක විතර ‘තරුණ පහේ’ ගෑණියෙක් රබර් බැල්මක් දානවා. පොඩි කුකුල් කමක් හිතට එනව 'හ්ම් තාමත් මා දිහා ගෑණු බලනව' කියල මාර චූන් එකක් එනව. එතකොට දාර්ශනික සිතුවිලි එනවා. ඒවා කවි සිතුවිලි වලට පෙරලෙනවා. ගෑණියෙක්ගේ බැල්ම ගැන කියවෙන කවි දන් නැති හින්ඳා 'මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා' කවිය කියනව. සන්තකේටම දන්නේ ඉතින් කවි දෙකයිනේ. එකක් ඒක, අනික 'මා වැනි බිලින්ඳා'! කවි දන් නැත්තන් සින්ඳුවක් හරි උරුහන් බාන්න හදනවා. එතකොටත් මතකෙට එන්නෙ රස්තියාදු කාර සින්ඳු..'ගෝවේ ගෑණු පරාදයි' සින්ඳුව උරුහන් බානව. ඒ අස්සේ එක එක හීන පේනවා.. හීනෙන් ක්‍රිකට් ගහනවා. ගමේ ඒ කාලේ හිටපු කෙල්ලො පේනව. උන් අත්පුඩි ගහනව පේනවා. සනත් ජයසූරිය වගේ පපුව ඉස්සරහට දාගෙන බැට් කරන්න යනව පේනවා. ඊට පස්සෙ වසිම් අක්‍රම් පිස්සු බල්ලෙක් වගෙ දුවන් ඇවිත්, ‘අර දෙක’ කටින් එන බෝලයක් දාලා ඉස්පිටිතාලේ ගෙනියනව පේනව. ලස්සන දොස්තර නෝන ඒ හරියෙ බෙහෙත් කරන්න හදනකොටම ඔන්න වයිෆ් කෑ ගහනව 'අනේ එහාට යන්නකො මෙතන ඇඳ බදු ඇරන් වගේ නිදන් නැතුව' කියල. ඔන්න අර ලස්සන හීනෙ ඉවර වෙනවා.. උදේම එන්නෙ කවුද? ගෙවල් අයිති කාරය කුලිය ඉල්ලන්. ඌත් එක්ක අම්බානෙක වලි. ඇයි දැන් ඉතින් වලි දාගන්න බය නෑනේ. මුකද මුකෙක්වත් නාකියෙකුට ගහන් නෑනේ! උගෙ කන්දොස්කිරියාවෙන් බේරිලා පොඩි අඩියක් ගහන්න හිතෙනවා. සාලයෙක් බැදල ගත්තනන් නියමයි කියල නෝනට කියනව 'ඔයාගේ අර සාලයෝ බැදුමනන් ඉතින් ටොප් ක්ලාස්. එකෙක් දෙන්නෙක් බැදල දෙනවද' කියල අහින්සකවක අහනව 'සාලයෝ?? ඇයි උදේම බොන්නද? ඇයි අද අපේ අම්මලගෙ ගෙදර යන් නැද්ද??'..ඔන්න එකත් ඉවරයි.

    50හ පැන්න පිරිමියෙක්ගේ ජීවිතේ ඉතාම අමුතුයි. රිටයර් වෙලත් නෑ නොවෙලත් නෑ! රෙස්පොන්සිබිලිටීස් ඉවර කරන්න ප්ලෑන් කරේ මීට ගොඩ කාලෙකට ඉස්සෙල්ලා. නමුත් ඒවා වැඩිවෙලා මිසක් අඩු වෙලා නෑ! ‘මා දැන් මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ’ කිය කිය පරන කෑලි මතක් කර කර අඩියක් ගහනවා..ඒ අස්සේ කොන්ඩෙ ඉදෙනව ඕසෙට. කොලෙස්ටෝන් ගගා තරුණ වෙන්න බලනවා. කොන්ඩෙ කලුයි රැවුල සුදුයි. දෙකේම ගාගත්තට T-Shirt එක ගලවලා නාන්න බෑ පපුව සුදුයි! හන්ඟන්න බෑ. ඉස්සර වැඩ බෑ. හැබැයි පොර ටෝක් වල අඩුවකුත් නෑ! මනමාලකමේ අඩුවකුත් නෑ.. එහෙම තමා පිරිමි! කටින් හරි 'පොරවල්'...නැද්ද මන් අහන්නෙ?

    p.s. මා ලියන්නේ මා ගැනවත් මගේ ගෙදර ගැනවත් මගේ අත් දැකීම්වත් නොවන බව කරුණාවෙන් සලකන්න. රාහුල හාමුදුරුවෝ කසාද නොබැන්ඳාට පවුල් ජීවිතය ගෙනියන හැටි කියූ ලෙසම... මට 50හ පිරුනම බලමු එහෙම වෙයිද කියලා.. from (fb)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    මේක බුක්මාක් කොරල තියාගන්න ඕනි තව අවුරුදු 27කින් බලන්න..
    Etakotath lankawe.kohomada 50dith lankawe inna eka matak wenakota
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    50 පැන්නම පොඩි කොල්ලො ගහන්න හිතෙනවලු නේද