අවුල් නිවුස්

awul.news

Member
Mar 19, 2015
59
13
0
colombo
ආබාධිත දැරියගේ ඉල්ලීම බීරි අලියාට වීනා වැයීමක්
2015 අපේ‍්‍රල් මස 07 14:56:48 | තරිඳු ජයවර්ධන

fb.png
තම අබාධිත දියණිය ඉගෙන ගන්නා පන්තිය පාසලේ තුන් මහල් ගොඩනැගිල්ලක තෙවැනි මහලේ ඇති නිසා පඩි නැගීමට නොහැකි දියණිය මාස තුනක් තිස්සේ ගෙදරට වී සිටින බව කියමින් කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලයයක මවක මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇත.
අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම දැරිය සිටින පන්තිය පහළ මාලයේ පන්ති කාමරයකට ගෙන එන ලෙස අවස්ථා කිහිපයක දී ම විදුහල්පතිනියගෙන් ඉල්ලීම් කළත් එය ප්‍රතික්ෂේප කළ බව ද මව මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලේ සදහන්ය.
උපතින් ඇවිදීමට නොහැකි දැරිය රෝද පුටුවක් භාවිත කරන බවත්, එම විද්‍යාලයයට ඇය ඇතුළු කර ඇත්තේ එක ශ්‍රේණියේ දී බවත්, පසුගිය වසරේ දියණිය ඉගෙන ගත් හතේ පන්තිය දෙවැනි තට්ටුවේ පැවතෙද්දී මව සහ පියා ඇය වඩාගෙන උඩු මහලට ගෙන ගොස් ඇති බවත් කියති.
දියණිය වඩාගෙන පඩි නගිද්දි එක් අවස්ථාවක මව ඇද වැටී ඇති බවත්, ඒ නිසා පියා ද රැකියාවෙන් ඉවත් වී දියණිය වෙනුවෙන් කැපවන බවත් එම පාසලේ ආරංචි මාර්ග කියයි.
ඇය අට ශ්‍රේණියට සමත් වූ පසු එම පන්තිය තුන් වැනි මහලට ගෙන ගිය බව ද, අට ශ්‍රේණිය යනු දැනුම් තේරුම් ඇති දරුවන් සිටින පන්තියක් නිසා පියා නිතර පාසල ඒම වළක්වන ලෙස පාසලෙන් දැනුම් දුන් බව ද, වැඩුණු දියණිය උසුලාගෙන මහල් තුනක් නැගීමට මවට නොහැකි නිසා ඇය සිටින පන්තිය බිම් මහලට රැගෙන එන ලෙස ඉල්ලුවත් එය ඉටු නොවූ බව ද පාසල් ආරංචි සදහන් කරයි.
මේ නිසා එම දැරිය මාස තුනක් තිස්සේ නිවසට වී සිටින්නීය.
අබාධිතයන් සඳහා විවිධ පහසුකම් නිර්මාණය කරන තත්ත්වයක එවැනි දැරියක් නිවසට වී සිටීම අපරාධයක් බවත්, ඇය සිටින පන්තිය බිම් මහලට ගෙන එන ලෙස ඉල්ලුවත් විදුහලෙන් යහපත් ප්‍රතිචාරයක් නොලද බවත්, එය එම දියණියගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
එම දැරිය සම්බන්ධයෙන් හැකි ඉක්මණින් පියවර ගත යුතු බව ද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී එම විදුහලේ විදුහල්පතිනිය කීවේ එක ළමයෙක් වෙනුවෙන් එවැන්නක් කළ නොහැකි බවයි.
‘මේ පාසලේ සම්ප්‍රදායක් තියෙනවා. එක ඇවිදින්න බැරි ළමයෙන් නිසා එහෙම කරන්න පුළුවන්ද? ඒ ළමයා ඇවිදින්න බැරිව නිකන් ඕහේ ඇවිත් කාලය නාස්ති කරනවා විතරයි. පන්තිය පහලට ගත්තත් අයිටීවලට එහෙම යන්න බැහැනේ ඒ ළමයට.‘ යැයි ද විදුහල්පතිනිය කීවාය http://www.lankadeepa.lk/index.php/articles/307849
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ප්‍රින්සිපල්ගෙ කකුල කපන්න ඕනෙ ආර්යා අර ඇවිදින්න බැරිවුන ලමයගෙ බෙල්ලට කඩුව බස්සපු එකාගෙ පිටිපස්සෙන් ගිහිං කැපුව වගේ :yes: