අෂාඩ්ගේ සංචාරය
අෂාඩ්ගේ රජයට එරෙහිව ට්‍රම්ප් පරිපාලනය තවත් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීම් කරද්දී ජනපති බෂාර් අල් අෂාඩ් ඔහුට උපරිම ආරක්ෂාව තිබෙන ස්ථානය එනම් ලැටාකියා නගරයෙන් දකුණු ප්‍රදේශයේ පිහිටි මෙයිමිම් ගුවන් හමුදා කඳවුරට පැමිණියේය.ඒ පසුගිය මස 27 දාය.රුසියාව ත්‍රස්ත විරෝධී ගුවන් මෙහෙයුම් සිදුකරන්නේ මෙම කඳවුර මුල් කරගෙනය.ජනපති අෂාඩ් ගුවන් හමුදා කඳවුරේ සිදුකල සංචාරයේදී යුද්ධෝපකරණ,ගුවන් යානා ඇතුලු රුසියානු තාක්ෂණයේ නිමැවුම් රැසක් දැක බලාගත්තේය.කඳවුර තුල සංචාරය සඳහා රුසියානු හමුදාවේ කාර්යමණ්ඩල ප්‍රධානී ජෙනරල් වැලෙරි ජෙරසිමොව්ද ජනපති අෂාඩ් සමග එක්විය.
සුකොයි ප්‍රහාරක යානයක් පසෙකින් දිස්වේ.
සුකොයි-35එස් යානා පෙළක් අසල සිටින ජනපති අෂාඩ්
සුකොයි-35 ප්‍රහාරක යානයක නියමු කුටියට ඇතුලුවී නියමු අසුනේ හිඳගෙන සිටින බෂාර් අල් අෂාඩ්
සුකොයි-35 යානයේ දිගු නාසය දෙස එබිකම් කර බලන අෂාඩ්
බොහෝදෙනා පුදුමයට පත් කරමින් රුසියාව BMPT-72 ටර්මිනේටර් 2 සන්නාහ සන්නද්ධ ප්‍රහාරක රථයක් සිරියාවට එවා තිබෙන අයුරු මෙහිදී දැකගත හැකි විය.මෙම රථ සිරියානු කැරලිකරුවන්ට එරෙහිව යොදාගැනීමේ අරමුණ ඒවා "සංග්‍රාමිකව පරීක්ෂාවට" භාජනය කිරීමෙන් අපනයන වෙළඳපොලේ වැඩි වාසියක් අත් කරගැනීමයි.
මෙහෙයුම් මැදිරියේ ප්‍රදර්ශනයට තබා ඇති දෑ නරඹන ජනපති අෂාඩ්
කඳවුරේ තිබෙන රුසියානු ගුවන් මෙහෙයුම් මැදිරිය
මෙහෙයුම් මැදිරියේ කටයුතු අෂාඩ් හට පැහැදිලි කරන රුසියානු හමුදා නිලධාරියෙක්
රුසියානු ජිප් රථයක් නිරීක්ෂණය කරන සිරියානු ජනපතිවරයා
රුසියානු ස්නයිපර් රයිෆලයක් ගැන රුසියානුවෙක්ගෙන් විමසන අෂාඩ්
සුකොයි-34 ෆුල්බැක් යානයක් බෝම්බ වලින් සන්නද්ධ කර තිබෙන අයුරු
කැරලිකරුවන්ගෙන් අත්පත් කර ගත් විවිධ අවි
සතුරන්ගෙන් අත්පත් කරගත් තවත් අවි
සිරියාවේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම්වලට පළමුවරට එක් වන සන්නද්ධ සුකොයි-27එස් එම් යානයක්.එය සුකොයි-30,සුකොයි-34,සුකොයි-35 යන දැනට මෙම කඳවුරේ තිබෙන යානා සමග එක්ව මෙහෙයුම් සිදුකරනු ඇත.සුකොයි-27එස් එම් යානා සිරියාවට ගෙන්වන ලද්දේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ සුපර් හොර්නට් යානයක් විසින් සිරියානු ගුවන් හමුදාවේ සුකොයි-22 යානයක් වෙඩි තබා බිම හෙලීමෙන් පසුවයි.
කඳවුරේ සමරු පොතේ සටහනක් තබන සිරියානු ජනාධිපතිවරයා
මෙම ගුවන් හමුදා කඳවුර පිරී තිබෙන්නේ ප්‍රහාරක ගුවන් යානාවලිනි.ජූනි 8 දා දිනය සඳහන් කඳවුරේ උතුරුදිග කොටසේ චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව දුසිම් ගණනක් රුසියානු යුද ගුවන් යානා එහි රදවා තිබේ.අප්‍රේල් මාසයේදී ඇමෙරිකාව ෂායිරට් ගුවන් හමුදා කඳවුරට කෲස් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව සිරියාව සිය ගුවන් යානා බොහොමයක් රුසියාව යටතේ තිබෙන ගුවන් හමුදා කඳවුරට ගෙන යන්නට ක්‍රියා කලේය.
සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුර:2017 මාර්තු 12,රුසියානු ගුවන් හමුදාවේ යුද ගුවන් යානා 22ක්(සුකොයි-24 යානා යානා 6ක්,සුකොයි-25 4ක්,සුකොයි-30 යානා 3ක්,සුකොයි-34 යානා 5ක් සහ සුකොයි-35 යානා 4ක්)සහ හෙලිකොප්ටර් 10ක්
සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුර:මැයි 26,රුසියානු ගුවන් හමුදාවේ යුද ගුවන් යානා 25ක්,සුකොයි-24 යානා 6ක්,සුකොයි-25 යානා 4ක්,සුකොයි-30 යානා 4ක්,සුකොයි-34 යානා 5ක් සහ සුකොයි-35 යානා 6ක්
නඩත්තු කටයුතුවලට ලක් කෙරෙන සුකොයි-24 යානා 4ක් සහ සුකොයි-34 යානයක්
ජූනි 8 වනදා ගුවන් හමුදා කඳවුර දිස්වූ අයුරු
රුසියාව සිය බලපෑම පතුරවා තිබෙන ටර්ට්‍රස් වරාය සහ ගුවන් හමුදා කඳවුර අනාගතයේ එල්ල විය හැකි ඇමෙරිකානු ප්‍රහාර හමුවේ ජනපති අෂාඩ්ට ආරක්ෂිතව සිටීමට වඩා සුදුසුම ස්ථාන වේ.කුමන්ත්‍රණකාරී රසායනික අවි ප්‍රහාර චෝදනා එල්ල කරමින් ඉදිරියේ දී ඇමෙරිකාව අෂාඩ් රජයට එරෙහිව එළිපිට ප්‍රහාර එල්ල කිරීමේ වැඩි අවදානමක් තිබේ.නමුත් රුසියාව යටතේ තිබෙන ප්‍රදේශවලට පහර දෙන්නට තරම් ඇමෙරිකාව හෝ මිත්‍ර රටවල් අඥාන නොවනු ඇත.
එපමණක් නොව රුසියාව දැන් අෂාඩ්ගේ බටහිරදිග ගුවන් අවකාශය සහ ඔහුගේ රජය මෙන්ම හමුදාවද එස්-300,එස්-400 සහ පැන්ට්සර්-එස්1 ගොඩබිම් මූලික ගුවන් ආරක්ෂක පද්ධති සහ ප්‍රහාරක යානා යොදාගෙන ආරක්ෂා කරන බව කියා තිබේ.තවද සිරියාවේ ගුවන් ආරක්ෂක හැකියාව නැවත ගොඩනැංවීමට සහාය දෙන බව රුසියාව පවසා තිබේ.
Source:thedrive.com
-HarshaLulzSec-

මෙම සංචාරයේදී ලබාගත් ඡායාරූප පෙළක් පහත දක්වා ඇත.
පසෙකින් තිබෙන්නේ ජෙනරල් වැලෙරි මෙම අවස්ථාව උදෙසාම මොස්කව් සිට පැමිණි IL-62M ගුවන් යානයයි.

අෂාඩ් ඇතුලු පිරිස රුසියානු Mi-8 හෙලිකොප්ටරයක් පසුකර යමින්.එහි වල්ගයේ President-S නම් අධෝරක්ත ප්‍රති-ක්‍රියාමාර්ග පද්ධතියක් සවිකර තිබේ.
Pantsir-S1 කෙටි දුර ගුවන් ආරක්ෂක පද්ධතියක්,හමුදා ජිප් රථ,රයිෆල් සහ රුසියානු මැරීන් භටයින් ප්‍රදර්ශනාත්මකව තබා ඇති අයුරු.
සුකොයි ප්‍රහාරක යානයක් පසෙකින් දිස්වේ.
සුකොයි-35එස් යානා පෙළක් අසල සිටින ජනපති අෂාඩ්
සුකොයි-35 ප්‍රහාරක යානයක නියමු කුටියට ඇතුලුවී නියමු අසුනේ හිඳගෙන සිටින බෂාර් අල් අෂාඩ්
සුකොයි-35 යානයේ දිගු නාසය දෙස එබිකම් කර බලන අෂාඩ්
බොහෝදෙනා පුදුමයට පත් කරමින් රුසියාව BMPT-72 ටර්මිනේටර් 2 සන්නාහ සන්නද්ධ ප්‍රහාරක රථයක් සිරියාවට එවා තිබෙන අයුරු මෙහිදී දැකගත හැකි විය.මෙම රථ සිරියානු කැරලිකරුවන්ට එරෙහිව යොදාගැනීමේ අරමුණ ඒවා "සංග්‍රාමිකව පරීක්ෂාවට" භාජනය කිරීමෙන් අපනයන වෙළඳපොලේ වැඩි වාසියක් අත් කරගැනීමයි.
පහත දැක්වෙන්නෙ BMPT-72 Terminator II රථය අෂාඩ් ඇතුලු පිරිසගේ නිරීක්ෂණයට ලක් වන අයුරුය.

Last edited: