අසත්‍ය වාර්තාව නිවැරදි කරන මෙන් රූපවාහින

neonz

Member
Mar 31, 2008
1,349
55
0
අසත්‍ය වාර්තාව නිවැරදි කරන මෙන් රූපවාහින

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක් වූ බවට අසත්‍ය වාර්තාවක් පළ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය රූපවාහිනිය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

එම වාර්තාව පිළිබඳව නිරීක්ෂකයන් පැමිණිලි කිරීමෙන් අනතුරුව රූපවාහිනිය වෙත ගිය කොමසාරිස්වරයා වහාම එම වාර්තාව නිවැරදි කරන මෙන් නියෝග කළ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ඩීඑම් දිසානායක බීබීසී සංදේශයට පැවසීය.
එසේ නිවැරදි නොකරන්නේ නම් රූපවාහිනියට මැතිවරණ ප්‍රතිඵල වාර්තා කිරීම තහනම් කරන බවටද කොමසාරිස්වරයා අනතුරු ඇඟවීය.
ඉන් අනතුරුව රාජ්‍ය රූපවාහිනිය සජීව විකාශනයකදී එම වාර්තාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය.

ස්වර්ණවාහිනිය
අද උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ඡන්ද සලකුණ වන බුලත් කොලය ප්‍රදර්ශනය කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් කළ ධර්මදේශනාවක් සම්බන්ධයෙන් ජනතාව පැමිණිලි කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා ස්වර්ණවාහිනී නාලිකාවද දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.
තවදුරටත් එවැනි වැඩසටහන් ප්‍රචාරය කළහොත් ස්වර්ණවාහිනියට මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමට අවසර දෙන්නේද යන්න සලකා බැලීමට සිදුවනු ඇතැයි කොමසාරිස්වරයා අනතුරු ඇඟවූ බව දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සංදේශයට පැවසීය.


http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150108_media_warned

 
Last edited: