අසම්මතේ ගේම ගහන එකා

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,192
    947
    113
    ඔය වගේද බන් මෙන්න සින්දු වීඩිඕ නැති උනාට වචන වලින් නියමට හිත් දෙකක ඇතිවෙලා තියෙන අසම්මත ආදරේ ගැන කියවෙන.

    කොහොමත් කපුගේ ගෙ සින්දු වලට වීඩියෝ දමල බලන්න බෑ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    අපරාදේ කියන්න බෑ, අන්තිමට ඕකේ කෙල්ලගේ අයිතිකාරයත් ඇවිල්ලා ගුස්පියක් අල්ලනවා වගේ කෑල්ලක් දැම්ම නම්! :baffled:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa

    'අං සතු ඔබ' හෙවත් බයියෙකුගේ විලාපය
    ---------------------------------------
    246966163_1666042537072143_1295067484067412942_n.jpg

    බොහෝ කලෙකින් ගීත විචාරයක් සමඟ සහෘද ඔබ හමුවට පැමිණීමට නොහැකි වූයේ මාගේ කාර්‍යබහුල දිවිපෙවෙත නිසා ය. එසේ වුවත් පසුගිය දින කිහිපය පුරා එක්තරා ගීයක් මාගේ මුහුණුපොත් බිත්තියේ වරින් වර දර්ශනය වීම නිසා එම ගීතය පිළිබඳ විචාරයක් කිරීමට සිතක් ඇතිවුණි. යූබටය ඔස්සේ එම ගීතය නැරඹීමෙන් ලද උත්තේජනයත් සමඟ එම සිතිවිල්ල ක්‍රියාවකට හරවා මෙම විචාරය ඔබ වෙත ගෙන එන්නට මා කල්පනා කළේ මඟහැර යා නොහැකි අපූර්වත්වයක් එම ගීතය තුළ මා දුටු බැවිනි.
    කෙසේවෙතත් එම ගීතය පිළිබඳව මුහුණුපොතේ පළ වූ අදහස් දුටු පසුව මට හැඟී ගියේ බොහෝ දෙනෙකු එම ගීතයේ මතුපිට අරුත පමණක් අතගා බලා ඇති බවයි. එම ගීතය දෙස මතුපිටින් බලන්නෙකුට එය අසම්මත ප්‍රේමය ගැන ලියැවුණු යමක් ලෙස දිස් වුවත් එම ගීතය තුළ කැටිවූ ගැඹුරු දේශපාලනික අරුතක් තිබේ. ගීතයේ පද පෙළ සහ රූප රචනය තුළ භාවිත කර ඇති සංකේත සියුම්ව විමසා බලන්නෙකුට මෙම දේශපාලනික අරුත වටහාගැනීම අපහසු නොයේ.
    ගීතයේ පද මාලාව විමසා බලන විට මට හැඟී ගියේ මෙම ගීතයේ කථකයා බවට පත්ව ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන් පොදුජන පෙරමුණු පාක්ෂිකයෙකු හෙවත් අප සියල්ලන්ම හඳුනන පරිදි 'බයියෙකු' බවයි. කෙසේවෙතත් වත්මන් රජයේ ක්‍රියාකාරිත්වය නිසා අපේක්ෂාභංගත්වයට පත්වන එම බයියා විකල්ප බලවේගයකට සහය දැක්වීමට තීරණය කිරීමත් සමඟ ඔහුගේ සිතිවිලිවල ඇතිවන ව්‍යාකූලත්වය මෙම ගීතයට අනුභූති වී තිබේ.
    "අං සතු ඔබ වෙත මගෙ සිත බැඳිලා
    ඔබ ගැන සෙනෙහස සිත තුළ පිරිලා"
    ගීතය ආරම්භ වන්නේම, මෙම බයියා තුළ තමන් පත්කරගත් ජනාධිපතිවරයා කෙරෙහි වන අප්‍රසාදය පළ කිරීමකිනි. කෙසේවෙතත් සෘජුවම 'හරකා' ලෙස නොපවසා 'අං සතු ඔබ' යනුවෙන් මනා සංයමයකින් යුතුව ව්‍යංගාර්ථව ඔහුගේ අප්‍රසාදය පළ කිරීමට රචකයා දක්වා ඇති දස්කම අගය කළ යුතුය. අතීතයේ එක් කාලවකවානුවක මෙම 'අං සහිත' නායකයා කෙරෙහි තම සිත බැඳුණු අයුරුත්, ඔහු පිළිබඳව සිත තුළ ඇති වූ සෙනෙහසින් හා සුබවාදී බලාපොරොත්තුවලින් යුතුව ඔහුට ඡන්දය ප්‍රකාශ කළ අයුරුත් මෙම කොටසින් මනාව දක්වා තිබේ.
    "සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙළිලා
    මඟහැර යන්නට බැරි ලෙස බැඳිලා"
    කෙසේවෙතත් ගීතයේ මෙම කොටසට පැමිණෙන විට මෙම කථකයා සම්මතයෙන් පිට, එනම් තමන් මෙපමණ කාලයක් සහය දැක්වූ දේශපාලන කඳවුරෙන් පිට දේශපාලන මතවාදයක් කෙරෙහි සිත් පැහැද ගනී. ඒ අනුව අපට අනුමාන කළ හැක්කේ වර්තමානයේ බොහෝ බයියන් පරිදි මෙම බයියාද ජනතා විමුක්ති පෙරමුණ සහ අනුර කුමාර දිසානායක කෙරෙහි තම සිත පැහැදවාගෙන ඇති බවයි. වර්තමානය වන විට ජනතා විමුක්ති පෙරමුණට පක්ෂපාතී අදහස් සමාජ මාධ්‍ය තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිද්දී මෙම බයියා මඟහැර යා නොහැකි ලෙස එම අදහස්වලට ආෂක්ත වෙයි.
    "සෙනෙහස උතුරන වදනට සිත් වී
    ඔය නෙතු අද්දර නවතිනු රිසි වී"
    අනුර කුමාර දිසානායක ජනතාව අතර බොහෝ සේ ජනප්‍රියව ඇත්තේ ඔහුගේ වාග් විලාශය සහ ඔහුගේ කථන හැකියාව නිසා ය. අපගේ කතානායක බයියාද අනුර කුමාරගේ වදන්වලට සිත බැදී ඔහු කෙරෙහි පක්ෂපාතීව සිටින අයුරු මෙයින් පැවසේ. මෙහි 'ඔය නෙතු අද්දර' යනුවෙන් පැවසෙන්නේ හුදු ඇස් දෙකක් පිළිබඳව නොව, හොඳ නායකයෙකුට අනිවාර්යයෙන් තිබිය යුතු දැක්ම සහ දුර දක්නා නුවණ පිළිබඳවයි. ඉතින් අපගේ කතානායක බයියා පවසන්නේ අනුර කුමාරගේ දැක්ම ගැන පැහැදී එම දේශපාලන කඳවුර තුළ නතරවීමට තමාට සිත් වී ඇති බවය.
    "දැන දැන හිමි නොවනා බව නොදැනී
    මම තව තව ඔබ වෙත පෙම් බඳිමී"
    කෙසේවෙතත් සීයට තුනක ඡන්ද පදනමක් පමණක් ඇති ජනතා විමුක්ති පෙරමුණට කිසිම දිනෙයක ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බවක් මෙම බයියා කල්පනා කරයි. "දැන දැන හිමිනොවනා බව" යන්නෙන් ඔහු පැවසීමට උත්සහ කරන්නේ එම කරුණයි. කෙසේවෙතත් ජයග්‍රහණය කිරීමට නොහැකි බව දැන දැන පවා ජනතා විමුක්ති පෙරමුණට සහය දීමට ඔහු තීරණය කර ඇති බවකි, එම පද පෙළින් අපට හැඟී යන්නේ.
    "ලොවටම රහසේ සිහිනෙක දැවටී
    ඔබ ළඟ සැතපී මම සුව විඳිමී"
    අතීතයේ ඉතා ප්‍රසිද්ධියේම වත්මන් රජය බලයට ගෙන ඒමට සහය දැක්වීම නිසා වර්තමානය වන විට මෙම බයියාට ලෝකයට මුහුණ දීමට නොහැකි තත්වයකි, උදා වී ඇත්තේ. එමෙන්ම එම හේතුව නිසාම තමා මීළඟ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණට සහය දැක්වීමට තීරණය කළ බව ද ඔහුට ලෝකයාට පැවසීමට නොහැකි ය. එම නිසා ලොවට රහසින් ජනතා විමුක්ති පෙරමුණට සහය දැක්වීමටත්, අනාගත ජේවීපී පාලනයක් පිළිබඳ සිහින දැකීමටත් ඔහු සැරසේ. මෙහිදී 'ඔබ ළඟ සැතපී' යන්නෙන් අදහස් වන්නේ මිනිස් කාන්තාවක් පිළිබඳව නොව ශ්‍රී ලංකා මාතාව නම් කාන්තාව පිළිබඳව ය. ඔහුගේ සිහිනයට අනුව අනාගත ජේවීපී පාලනයක් යටතේ යහපත් ශ්‍රී ලංකා මාතාවකගේ තුරුළේ සුව විඳීමට මෙම බයියා බලාපොරොත්තු වෙයි.
    "වරදක් නොකරම වරදෙහි බැඳුණී
    සිත සනසාගෙන දුර සිට විඳිමී"
    මීළඟ මැතිවරණවලදී ජනතා විමුක්ති පෙරමුණට සහය දැක්වීමට මෙම බයියා තීරණය කළත් වත්මන් රජය බලයට ගෙන ඒකම දැක් වූ දායකත්වය පිළිබඳ ඔහුගේ වරදකාරීත්වය විටින් විට ඔහුව පීඩාවට පත්කරයි. නමුත් ඔහු සිත සනසාගන්නේ ඔහු ඒ කාලයේ දී එය වරදක් බව නොදැන එම වරදට දායක වූ බව තමන්ට ම පවසා ගනිමිනි. කෙසේවෙතත් මෙම වරදකාරීත්වය අවසානයේ දී ඔහුව පොළඹවාලන්නේ බොහෝ අපේක්ෂාභංගත්වයට පත්වූ බයියන් පරිද්දෙන්ම රට හැර යාමටයි. 'සිත සනසාගෙන දුර සිට විඳිමී' යනුවෙන් ඔහු පවසන්නේ මෙරට හැර, දුරු රටකට යාමට ඔහු ගත් තීරණය පිළිබඳව ය. එසේ දුරු රටකට යාමෙන් පසුව ඔහුටත් අනෙක් බොහෝ බයියන් මෙන් එතෙර සිට මෙරට දියුණු කරන ආකාරය පිළිබඳව උපදෙස් ලබාදීමට හැකිවනු ඇත.
    ගීතය පිළිබඳව මෙතරම් දිගු විචාරයක් සිදු කිරීමෙන් පසුවත්, ගීතය හා සබැඳි රූප රචනය පිළිබඳව කිසිවක් නොපැවසුවහොත් එය දැඩි අසාධාරණයක් බව සිතමි. එම නිසා රූප රචනය පිළිබඳව ද යමක් පවසා මෙම ලිපිය අවසන් කරමි.
    රූප රචනය තුළ ද ඉහත කී කරුණු සනාථ කරවන සංකේත රැසක් සැඟ වී තිබූ බව සමහරවිටෙක දැනටමත් ඔබ නිරීක්ෂණය කර තිබෙනවා විය හැකි ය. මෙම රූප රචනයේ අප දකින තරුණයා හැඳ සිටින්නේ අවපැහැ වූ නිල් පැහැති කමිසයකි. අතීතයේ දී එය තද නිල්පැහැතිව පැවති බව සිතිය හැකි වුවත් වර්තමානය වන විට එම කමිසයේ ඉතිරිව ඇත්තේ නිල් පැහැයේ ශේෂයන් පමණි. නිල් පැහැය කී පමණින් අපගේ මතකයට එන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව ය. වර්තමානයේ ඔහු කුරහන් පැහැය භාවිත කළත් දෙවරක්ම ඔහු ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන්නේ නිල් පැහැය යටතේ තරඟ වදිමිනි. නමුත් වර්තමානය වන විට මහින්ද රාජපක්ෂ කෙරෙහි පවා ඇති ආදරය ජනතාව තුළින් වියැකී යන බව දැක්වීමට මෙම අවපැහැ ගැන්වුණු නිල් පැහැ කමිසය භාවිත කර ඇති බව සිතිය හැක.
    සම්පූර්ණ කාල රාමුව පුරාම මෙම රූප රචනය දිවෙන්නේ ත්‍රීරෝද රථයක් ඇතුළත සිදුවන සිදුවීම් කිහිපයක් මතය. අනිවාර්යයෙන්ම මෙම ත්‍රීරෝද රථයෙන් සංකේතවත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විය යුතු ය. ජනතා විමුක්ති පෙරමුණ ත්‍රීවිල් පක්ෂයක් යැයි සමාජය තුළ ගොඩනැගී ඇති මතය නිසා එය සංකේතවත් කිරීමට මෙය යොදාගත් බව සිතිය හැක. එමෙන්ම ත්‍රීරෝද රථයේ රෝද තුනෙන් ජනතා විමුක්ති පෙරමණේ ඡන්ද පදනම වන 3% සංකේතවත් කරයි. රූප රාමුව පුරාම මෙම ත්‍රීරෝද රථය ගැස්සෙමින් ගමන් කිරීම මඟින් ඉතිහාසය පුරාවට ජනතා විමුක්ති පෙරමුණ විවිධ මර්දනයන්ට සහ අභියෝගයන්ට මුහුණ දෙමින් පැමිණ මඟ දැක්වෙයි.
    එමෙන්ම මෙම රූපරාමුවෙහි සිටින තරුණියගේ කම්මුලෙහි ඇති ලපය ඔබ දකින්නට ඇත. ජනතා විමුක්ති පෙරමුණු ජනාධිපති අපේක්ෂක අනුර කුමාරගේ මුහුණේද මෙවන් ම වූ ලපයක් ඇත. එනිසා එම තරුණියගෙන් සංකේතවත් කරන්නේ අනුර කුමාරව යැයි සිතිය හැක. තරුණයා ඇයට හිස් කෑම පෙට්ටියක් ලබාදීම මඟින් පෙන්වන්නට උත්සහ දරා ඇත්තේ හිස් වූ ආර්ථිකයක් සහ භාණ්ඩාගාරයක් ඇති රටක් ජනතා විමුක්ති පෙරමුණට භාර දීමට අපට සිදු වී ඇති අයුරුයි. නමුත් අනෙක් අතට තරුණිය විසින් කෑමින් පිරුණු කෑම පෙට්ටියක් තරුණයාට ලබාදෙන්නේ ජේවීපී පාලනයක් යටතේ මෙරට ස්වයංපෝෂිත කරන ආකාරය සංකේතවත් කරමිනි. නමුත් රූප රචනය අවසන් වීමට පෙර මුලින්ම තරුණියත්, ඉන්පසුව තරුණයාත් ත්‍රීරෝද රථයෙන් බැස යන්නේ ජනතා විමුක්ති පෙරමුණු රජයක් බිහි කිරීම කිසිසේත්ම ප්‍රායෝගික යමක් නොවන බවත්, ඒ පිළිබඳව සිහින දකින බයියන්ට පවා අවසානයේ දී මෙරට හැර දියුණු රටවලට යාමට සිදුවන බවත් සංකේතවත් කරමිනි.
    මා සිතනා ආකාරයක මෙවන් ගැඹුරු දේශපාලන අරුතක් සහිත ගීතයක් සහ රූප රචනයක් බිහිවන්නේ මෙරට මෑත ඉතිහාසයේ පළමු වතාවට විය හැක. මේ සියල්ල සෘජුව නොපවසා එය අසම්මත ප්‍රේමය පිළිබඳව ලියැවුණු ගීතයක් සේ ඉදිරිපත් කිරීමට නිර්මාණ ශිල්පීන්ට තිබූ හැකියාව ද විශේෂයෙන්ම අගය කළ යුත්තකි.
    🙂
    🙂

    Source
     
    • Haha
    Reactions: blue_in_rio

    blue_in_rio

    Well-known member

  • 'අං සතු ඔබ' හෙවත් බයියෙකුගේ විලාපය
    ---------------------------------------
    View attachment 149257

    Ammo utto 🤣🤣
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    බොරු කියන්න ඕනෙ නෑ බන් මට නම් ඔය වීඩිඕ එක තේරුනේ නෑ
    පොඩි කොල්ලෙක්, ලමයෙක් ඉන්න අම්ම කෙනෙක්. ලව් එකක් තිබ්බට guilt එක උන්ට වද දෙනව.

    අර අන්‍තිමට මතුවෙන හෙඩ්සෙට් බුවා කෞද බන්
    අර කොල්ල වයසට ගිහින් කියල මට හිතුනෙ.
    ------ Post added on Oct 29, 2021 at 3:25 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඵක ගෑණියෙක්ව වත් අාන්බාන් කරගන්න බැරි ලංකාවෙ උන් ගෑණු දෙක තුන කොහොම තියන් ඉන්නවද මංදා..:lol:

    madamulana gu kana uba ekka mona genida enne kiyapanko???

    ubata bari unata apita onatharan puluwan
     
    • Like
    Reactions: sathmal

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    he is the singer
    උගේ අතට මයික් එකක් දීල ත්‍රීවීල් එකට ණැග්ගුවනම් වත් අපිට ඒක ලේසියෙන් තේරුම් ගන්න තිබ්බ...
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,192
    947
    113
    උගේ අතට මයික් එකක් දීල ත්‍රීවීල් එකට ණැග්ගුවනම් වත් අපිට ඒක ලේසියෙන් තේරුම් ගන්න තිබ්බ...
    ඌටත් මූන දාගන්න ආස හිතෙන්න ඇති