මම මේ image එක ගත්තේ facebook එකෙන්, එළකිරි යාළුවන්ට බලන්නත් එක්ක දාන්න හිතුන,
මාර දුක හිතෙන කතාවක්...
මේ ඡායාරෑපය අරගෙන තියෙන්නේ කතරගම කිරිවෙහෙර ළගින්.මේ වයසක කාන්තාව කරන දේ දකින ඔබට තේරෙනව ඇති.දන්නවද මේ කාන්තාව සිගමන් යදින්නෙ නෑ ජීවත්වෙන්නෙ මේ විදිහට.බැරිවෙලාගිය පහන්වැටි පැකටි එකක් නැත්නම් හදුන්කූරු පෙටිටියක් අහුලලා අර මල්ලට දාගන්නවා .ටිකක් හිතන්න මේත් කව්රැහරි මේ ලෝකෙට බිහිකරපු අම්ම කෙනෙක් නේද,ඔය කුණු අදින රත්තතරං අත්වලින් එක් කාලෙක තමන්ගෙ දරුවන්ගෙ කුණු අතගාල ඇති.කවල නාවල ලස්සන ඇදුම් අන්දවන්න ඇති.කොච්...චර ආදරෙන් බලාගන්න ඇත්ද?දන්නවද මේ පින්තූරය දකින හැම වෙලාවකදීම මගෙ ඇස්වලට කදුළු පිරෙනවා.මොකද මම මේ දේ ගොඩක් වෙලා බලාගෙන හිටියා.මම ළගට යද්දි ඒ මා දිහා බලපු ඇස්දෙකේ මම දැක්ක දේ මට වචනවලට හරවන්න තේරෙන්නෙ නෑ.කොච්චර වයසට ගියත් තමන්ගෙ අම්ම තාත්ත ඒ ඉස්සර හිටපු අයමයි නේද?හිතන්න තමන්ගෙ දෙමවිපියන් කිසිවෙකුට දෙවෙනි කරන්න එපා .කවිරුත් වෙනුවෙන් තමන්ගෙ ආදරණීය අමිමා තාත්ත ඈත් කරන්න එපා.මේ දකින දේ ඔබේ අම්ම තාත්ත වෙනුවෙන් කිසිදා වෙන්න දෙන්න එපා
උපුටා ගැනිමක් !! ..


