අස්ථි පද්ධතිය
මිනිස් ඇට සැකිල්ල වනාහි විශ්මයජනක වූත්, සැලසුම් සහගත වූත් අතිශයින්ම ශක්තිමත් වූත් නිර්මාණයකි. එය කෙතරම් ශක්තිමත්ද කිවහොත් අපගේ සිරුරේ ඇති වටිනා අවයව සියල්ල ආරක්ෂා කිරීමේ හැකියාවක් එයට ඇත. විශේෂයෙන් සිරුර කෙළින් තබා ගැනීම සඳහා එය බෙහෙවින් මහෝපකාරී වෙයි. ඒ වගේම එය කෙතරම් නම්යශීීලී ද කිවහොත් අපේ සිරුර එහා මෙහා ගෙන යෑම නිදහස් කිරීමේ හැකියාව ද එයට ඇත.මිනිස් ඇට සැකිලි ඔබ ඕනෑ තරම් කෞතුකාගාරවල දැක ඇතැයි සිතමි. ඒවායේ අස්ථි ඉතා තදවුත්, පහසුවෙන් කැඩිය හැකි වූත් දිරා ගිය වූත් ඒවාය. අපගේ සිරුර සෑදී ඇති අස්ථි කැඩුණු විට ඉබේ හාවීමේ ප්‍රවණතාවයක් ද ඇත.
ඒ වගේම අපේ අස්ථිවලට වර්ධනයවීමේ හැකියාවක් ද ඇත. අලුත උපන් දරුවෙකුගේ උස අඩි දෙකක් (සෙ. මී. 60) පමණ වේ. නමුත් ඔහු ක්‍රමයෙන් වැඩෙන විට සමහර විට අඩි හයක් (මීටර් 1.8) පමණ උසින් වැඩේ. ඒ කියන්නේ උපන් හැටියේ වගේ තුන් ගුණයක් ඉහළ යෑමකි.
අස්ථි යනු කුමක්ද?අස්ථි නිර්මාණය වී ඇත්තේ කැල්සියම් සහ පොස්පේට් වලිනි. ඒ නිසා ඒවා ශක්තිමත්ය. ඉතා කුඩා ධමනි මගින් ඇටවලට රුධිරය වහනය වේ.සාමාන්‍ය වැඩුණු පුද්ගලයකුගේ අස්ථි 206 ක් පමණ වේ. පිටතින් එය තදින් පිහිටියත් මැද ඇත්තේ ඇට මිදුළු නම් ද්‍රව්‍යයකි. මේ ඇට මිදුළු වලින් අලුත් රුධිර සෛල නිෂ්පාදනය කරයි. එයින් ඇට සැකිල්ලට ශක්තිය ගෙන දෙයි.
ඇට කටු වලින් සිරුරට උදව්වක් ඇති වනවා පමණක් නොව එයින් අවශ්‍ය කොටස් ආරක්ෂා කරනු ලබයි. සිරුරේ ඇට කටු නැති නම් අපගේ සිරුරේ මස් ගොඩක් පමණක් ඇති විය හැකිය.අස්ථි සියල්ල එකිනෙකට පේශින් මගින් බැඳී ඇත. එම පේශින් ඇත්තේ අස්ථිවල කෙළවරය. අපේ ඇට කටුවලට පහසුවෙන් වැළඳිය හැකි රෝගයකි ආතරයිටිස් හෙවත් ආම වාතය. මෙම රෝගය කෙතරම් වේදනාකාරී ද කිවහොත් අපේ හන්දි එමගින් ඝන වේ.
හිස් කබළසිරුරේ වෙනත් කොටස් හිස් කබළට යා කර ඇති නිසා මෙයත් ඇටසැකිල්ලට අයත් වේ. අපේ ඇටසැකිල්ලේ ඇති කොටස්වලට වෙන වෙනම කාර්ය භාරයන් ඉටු කිරීමට ඇත. ඒවා විශේෂිත වූ කුඩා කොටස්ය. හිස්කබළ අපගේ මොළය, ඇස් සහ කන් ආරක්ෂා කරයි. අපගේ දත් ද සම්බන්ධ වී ඇත්තේ හිස් කබළටය. එය අපට කෑම ගැනීමට උපකාරි වෙයි. ඇස්වල හා කන්වල පිහිටීම සඳහා හිස් කබළේ සිදුරු දෙක බැගින් තිබේ. ඒ වගේම නාසයට හා මුඛයට සිදුරු දෙකක් ඇත. හිස් කබළේ කෙළවරේ සුෂුම්නාව සඳහා වෙනම කුහරයකි. සුෂුම්නාව මගින් සිරුරේ ඇති සෑම කොටසක්ම මොළයට සම්බන්ධ කරයි.
කශේරුවකශේරුව සෑදී ඇත්තේ කුඩා අස්ථි දම්වැලකිනි. ඒවාට කශේරුකාව යයි කියමු. මේවා නැමෙන සුළුය. මෙහි කෙළවරේ පිහිටි තැන හඳුන්වනු ලබන්නේ අනුති්රකය යනුවෙනි. මෙය මිනිසාට වඩා සතුන්ගේ දිගින් වැඩිය. එය අප වලිගය නමින් හඳුන්වනු ලැබේ.
පපු කුහරයමෙය සෑදී ඇත්තේ පර්ශු හෙවත් ඉල ඇට වලිනි. මෙම පපු කුහරය නිසා අපගේ හෘදය වස්තුව, පෙනහළු දෙකත් ආරක්ෂා වී ඇත.ළදරුවන් මිනිසුන් හා ස්තී්රන්අලුත උපන් ළදරුවකුට අස්ථි ඇත්තේ 350 කි. එය නම්‍යශීලී ඇට සැකිල්ලකි. එම දරුවා වැඩෙත්ම ඇතැම් ඇට කටු බද්ධ වී ඇට කටු 206 ක් සෑදේ. වසර විස්සක් පමණ යන විට ඕනෑම පුද්ගලයකුගේ අස්ථි ව්ය්යුහය සම්පූර්ණයෙන් වැඩී අවසන් වේ. ස්ති‍්‍රයකගේ අස්ථි ව්‍යුහය පිරිිමියකුගේ අස්ථි ව්‍යුහයට වඩා ප්‍රමාණයෙන් කුඩාය. දරුවන් බිහි කිරීම පහසු කරවීම සඳහා ඈහට ප්‍රමාණයෙන් විශාල උකුල් පෙදෙස පිහිටා ඇත. ස්තී‍්‍රන්ගේ උරහිස් කුඩා ඒවා වේ.
විශ්මයජනක අස්ථි පද්ධතියමිනිසෙකුගේ ජීවිත කාලය තුළ දී මෙම අස්ථි ව්‍යුහය මගින් ඔහු දරා ගන්නා බර ප්‍රමාණයත් ගන්නා වැඩ ප්‍රමාණය බලන කල ඇත්ත වශයෙන් ම අපගේ අස්ථි ව්‍යුහය පුදුම සහගතය.
