අස්වැසුමෙන් වුන අසාධාරණයට නාමල් රාජපක්ෂ පෙරට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Namal_Rajapaksha_TTVnews.jpg


    අස්වැසුම සමීක්ෂණයෙන් සමෘද්ධිලාභීන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි

    සමෘද්ධිය ලැබිය යුතු පුද්ගලයින්ට මෙමගින් සමෘද්ධිය නොලැබී ගිය බවත් සමෘද්ධිය අවශ්‍ය නැති පුද්ගලයින්ට සමෘද්ධිය ලැබී ඇතිබවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

    සමීක්ෂණයක් සිදු කරනවානම් වහාම නිසි පරිදි එය සිදුකරන ලෙසටත් වැරදි නිවැරැදි කරන ලෙසටත් ඔහු අවධාරණය කර සිටියි.

    සමෘද්ධිය ලැබිය යුතු සියළු දෙනා වෙනුවෙන් පෙනී සිටින බවද අස්වැසුමෙන් බලාපොරොත්තු වන්නේ අස්වැසුමක් මිස කරදරයක් නොවන බවත් පැවසූ නාමල් රජපක්ෂ මහතා රජය විසින් නිසි ක්‍රමවේද අනුගමනය කර ජනතාවට සහනයක් ලබාදිය යුතු බවත් අවධාරණය කලේය.

    මෙය කිසිදු දේශපාලන කෝණයකින් නොබැලිය යුතු බවත් මනුෂ්‍යත්වයෙන් මේ පිලිබදව සොයා බලා සමෘද්ධිය ලැබියයුත්තන්ට ප්‍රතිලාභ අත්කරදීමට කටයුතු කර්න ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු තව දුරටත් පැවසීය
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    සමෘද්ධි ඡන්ද ටික නැතිවුණොත් බේබිට වැල් පාලමෙන් පනින්න තමයි වෙන්නෙ. ඊට කලින් රට බේරගන්න රනිල් ස'ව වැල් පාලමෙන් බිමට වට්ටයිද බේබි :unsure:
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මෙහෙමයි. ඔය මොන සහනාධාරේ හෝ වේවා ඒවා ලැබෙන්න කියලා තොරතුරු දෙන්නේ ගමේ ඉන්න නිලධාරීන්නේ. එතකොට ඒ මනුස්සයා ඇත්තම ඇත්ත කියලා තියනවා නම්, කෑ ගහලා වැඩක් නෑ. මොකද රස්සා නොකරන මිනිස්සු රජයේ ඉඩම් අල්ලගෙන ඒවයේ වගා කරල. ඇහුවම ඉඩමක් නෑ කියලා කියන්න පුළුවන්නේ.
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,205
    671
    113
    වලස්ගුහාව.
    නොමිලේ කන්න බොන්න දෙන එක තමයි හේනේ. රජය මගින් වෛද්‍ය පරීක්ෂණ තියල අභාදිත අයට පමණක් දෙන සහනාදාරයක් දුන්නම ඉවරයි. අනිත් අයට කුමක් හෝ රැකියාවක් සඳහා උදව් කරන්න ඕන. වගා කටයුතු, පිරිසිදු කිරීම් කටයුතු, ස්වයන් රැකියා, එක්කෝ ගෘහ සේවිකා යන්න හරි ක්‍රම සලස්වල දෙන්න ඕන.
    එතකොට මිනිස්සුන්ගේ අතට සල්ලි එන විදිය ඉබේම හැදෙනවා.