සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අමාත්‍ය මණ්ඩලය අස්වැසුම සුභසාධන වැඩසටහන දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.
"අමාත්‍ය මණ්ඩලය ඊයේ දින අස්වැසුම ප්‍රතිලාභීන්ට සහන ලබාදීමට තීරණය කළේය. ඒ අනුව දෙසැම්බර් මස 31 වන දින වන විට සහනාධාර අවසන් කිරීමට නියමිතව සිටි සංක්‍රාන්ති කාණ්ඩයේ පුද්ගලයන් ලක්ෂ හතරක් සඳහා මාර්තු මස 31 වන දින දක්වා අඛණ්ඩව සහනාධාර ලැබෙනු ඇත" යනුවෙන් ජයතිස්ස මහතා පැවසීය.
ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමිනි.
"අවදානම් කාණ්ඩයේ පුද්ගලයන් හාරලක්ෂයක් සඳහා තවත් වසරක කාලයක් ප්‍රතිලාභ ලැබෙනු ඇත. රජය විසින් දැනට ප්‍රතිලාභීන්ට ලබාදෙන රුපියල් අටදහස් පන්සියයක මුදල රුපියල් දහදහස දක්වා ඉහළ නංවනු ඇත" යැයි ද ඒ මහතා පැවසීය.
https://www.gossiplankanews.com/2024/12/nalinda-speaks.html
සින්හළු Tax returns එහෙම වෙලාවට කලාවට submit කරා නේද?

