මම නම් ඕව විශ්වාස කරන්නේ නැහැ.අපේ අම්මත් ගියා එක පාරක් ඔතනට ඇස් අමාරුවකට. ඒත් තාම ඇස් අමාරුව නම් තිබුන විදියමයි. දැන් ආයෙත් එයා ආපහු යන්න හදනය ඔය කියන මනුස්සය ලගට. මම කොච්චර තේරුම් කලත් එයා පිලිගන්නේ නෑ. මෙයා කරන්නේ බොරුවක් කියල. එයා දැක්කලු ඇවිදින්න බැරි අය ඇවිදිනව. කතා කරන්නේ නැති අය කතා කරනව.
ඔය වගේ දේවල්. මම අන්තිමට පුළුවන් නම් ඒ මනුස්සයට මහරගම අපේක්ෂා රෝහලට ගිහිල්ල පිලිකාවල් හැදිල ඉන්න අහිංසක මල් වගේ පොඩි උන් ටික හොදකරල දෙන්න කියල. එතකොට පිලිගන්නම් කියල. ඇත්තටම මචංලා පොරට ඇයි ඒ වගේ දෙයක් කරන්න බැරි.
![]()
ගොඩක් ඔය හොඳ උනා කියලා ඔතන කියෝ කියෝ ඉන්නේ Actors ලා බං. එක පාරක් එක පොරක් දාල තිබ්බා හෙන විස්තරයක් ඔය සීන් එක ගැන. ඒකනං මූලධර්මවාදී කුරුස මඩුවක වෙච්චි වැඩක් ගැන. උන් අතටම අල්ලගන තියනවා සීන් එක. එතන කොර ගගහ කතාකරන්න බැරිව හිටපු කොල්ලා පස්සෙ බලපුවාම පැල්මඩුල්ල දිහාද කොහෙද AL කරන කිසි කේස් එකක් නැති එකෙක්. ස්ල්ලි තියන ෆැමිලි එකක එකෙක්. පොකට් මනී ටිකක් හොයාගන්න සෙට් වෙලා තියෙන්නේ. එතන එහෙම සෙට් එකක්ම ඉඳලා තියනවා.
ඕක පට්ට බිස්නස් එකක් බං.
මිනිස්සුන්ව අන්දන්නේ, “අපිට සල්ලි ගන්න බෑ, ඒත් සතුටුනං බුලත් අතට කීයක් හරි තියන්න කියලා“ එහෙම නැත්තං බෙහෙත් වලට විතරක් සල්ලි දෙන්න කියලා. මිනිස්සුත් ඉතිං අනේ රත්තරං මනුස්සයා කියලා රෙද්ද කපලා ඇඳගන්නවා ගානට.
හොඳ වෙද මහත්වරු ඉන්නවා සෑහෙන්න. ඒ වගේ මිනිස්සුන්ටත් නිග්රහයක් මේ වගේ හොරු.





ඒක ඕව කරන මහත්තුරුන්ට කරන්න බෑ. බෑ කියන්නෙ ඇත්තටම හොඳ වෙන්නෙ නැති නිසා. අනිත් අයට අපිව පෙන්නල කියයි හිතේ විශ්වාසයක් නැති නිසා හොඳ වුනේ නෑ කියලා. තව කර්මය, ලොවෙත් නැති ධර්ම ටෝක් එහෙමත් දෙයි. බලන් ඉන්න අර කලින් කෙනා වගේ අය විශ්වාස කරයි ඒවත්. 
