.:ලොව වටා අමුතු පුවත්:.
හැම දෙනාටමත් එක්ක දැන ගන්න කියලා, අරුම පුදුම වාර්තා අපි මේ ත්‍රෙඩ් එකේ දාමුද?
ඔන්න මම ඉස්සෙල්ලම මම වගේ එකෙක් ගැන දැම්මා
ලොව දිගම අං හිමි ගවයා ජේ.ආර්

තම විශේෂයේ නමින් ප්‍රචලිත වන ආකාරයේම ගති ලක්ෂණ දරමින් ලොව දැනට සිටින දිගින් වැඩිම අං යුවළ සහිත ගවයා වීමේ දුර්ලභ භාග්‍යය හිමි කරගෙන සිටින්නේ ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හි පෞද්ගලික උද්‍යානයක සිටින ‘ටෙක්සාස් ලෝන්ග්හෝන්’ වර්ගයේ ‘ජේ.ආර්.’ නමැති ගවයායි.
දැනටමත් අඩි නවයයි අඟල් එකක දිගකට වැඩී ඇති, ඉදිරියේදීත් තව දුරටත් දිගින් වර්ධනය වීමට නියමිත මෙම අං යුවළ හිමි ජේ.ආර්. ලොව දිගම අං යුවළ හිමි ගවයා ලෙස කිරුළු පැළඳ සිටින්නේ, මීට පෙර එම වාර්තාව ඉසිලූ “ෂැඩෝ ජුබිලී” නම් වූ ගවයාගේ වාර්තාව බිඳ දමමිනි. ඔහියෝ හි සිටින “ෂැඩෝ ජුබිලී” සතු වන අඟල් අසූඅටක් වූ දිග අං යුවළ ඉක්මවා ගිය අඟල් එකසිය නවයකින් යුත් දැවැන්ත අං යුවළකට උරුමකම් කියමින් ජේ.ආර්. නොබෝදා ගිනස් වාර්තා පොතට ඇතුළු වීමට සමත් විය.
මීට අවුරුදු දාහතරකට පෙර ලීටන් උද්‍යානයේ (ජේ.ආර්. දැනට වෙසෙන ගොවිපළ) භාරකරු වන ‘මයිකල් බතෛල්’ හා ඔහුගේ බිරිය ‘ලින්ඩා’ විසින් ‘ලෝන්ග්හෝන්’ විශේෂයේ ගවයන් ඇති කිරීමට පටන් ගත් අතර, ජේ.ආර්. යනු එලෙස ඇති දැඩි වූ ගව රැලෙන් එක් අයෙකි. ජේ.ආර්. ගේ වාර්තා පිහිටුවීම ගැන මයිකල් පවසනුයේ ගිනස් වාර්තාලාභියෙකු වන තමාට මේ දිනවල ලැබෙන රසික ආකර්ෂණය ගැන විශේෂ සැලකිල්ලක් නොදක්වන ජේ.ආර්. සුපුරුදු පරිදි අක්කර එක්දහස් එකසියයක වපසරියකින් යුතු වූ තණ බිමේ නිදහසේ උලා කමින් දවස ගෙවන බවයි.
තවමත් අවුරුදු හතක් වැනි ළාබාල වයසක පසුවන ජේ.ආර්.ට අවුරුදු විස්සක පමණ ආයුෂ හිමි බව පවසන මයිකල් ඉදිරියේදී මෙම අං යුවළ තවත් දිගින් වැඩෙනු ඇති බව කියයි.
ඕස්ට්‍රේලියාවේ විදේශික ආකර්ෂණ ස්ථානයක් ලෙස ප්‍රකට ක්වින්ස්ලන්ඩ්හි ‘ලීටන් උද්‍යානයේ’ සිටින ‘ටෙක්සාස් ලෝන්ග්හෝන්’ වර්ගයේ ගවයන් බැලීමට අශ්ව කරත්තවලින් පැමිණෙන සංචාරකයින්ගේ වැඩිම සැලකිල්ල හිමිව ඇත්තේ ‘ජේ.ආර්.ට බව මයිකල් පවසයි.

Last edited: