අහම්බෙන් නිරුපිකාවක් උනු පාන් කෙල්ල

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    අහම්බෙන් නිරුපිකාවක් උනු පාන් කෙල්ල



    නයිජීරියාවේ ඡායාරූප ශිල්පිනියක් ඉන්නවා TY Bello කියල, මෙයා දවසක් බ්‍රිතාන්‍ය රැප් ගායකු වන Tinie Tempah ව චායාරුප ගත කරමින් ඉන්නවා නයිජීරියාවේදී.. එම චායාරුප අතරට කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන චායාරුඋපයක් අහම්බෙන් එකතුවෙනවා.

    එත් මේ ඡායාරූප ශිල්පියා ඒ ගැන දන්නේ නෑ. එයා සාමාන්‍ය විදිහට ගිහින් මේ ඡායාරූප නයිජීරියාවේ සඟරාවක පල කරනවා.

    අනික් දවසේ බොහෝ දෙනෙක් Bello ගෙන් අහන ප්‍රශ්නය එයා බලාපොරොත්තු නොවන ප්‍රශ්නයක්… ඒ වෙන මොකවත් නෙමේ මොකද එයාල අහන්නේ Tinie Tempah ගැන නෙමේ. ඒ කිව්වේ අර රැප් ගායකයා ගැන නෙමෙ.හැමෝම අහන්නේ අපේ කතා නායිකාව වන පාන් කෙල්ල ගැන.

    හැමෝම හිතන් ඉඳල තියෙන්නේ Bello මේ පාන් කෙල්ලව හිතාමතාම චායරුපයට හසුකරගත්ත කියලා.නමුත් හැමෝම ඇහුවේ එය නිරුපිකවක්ද කියලා.එතකොට තමයි Bello එයා ගත්ත චායාරුප නැවත චෙක් කරලා බැලුවේ.එතකොට තමයි බෙලොටත් හිතුනේ ඔව් ඇත්තටම එයා නිරුපිකාවක් විය යුතුමයි,මොකද ඇය ඒ තරම්ම ලස්සනයි.

    බෙලෝ එයා ගැන හොයන්න ගත්ත,Instagram හරහා ඇය සටහනක් තබනවා මේ පාන් කෙල්ලව හොයදෙන්න කියල.කොහොමහරි බෙලෝ මෙයාව හොයාගන්නවා ඇය නමින් Orisaguna ඇය එකදරු මවක්, බෙලෝට හෙකියව ලැබුන ඔරිසගුනගේ චයරුපයක් This Day Style සඟරාවේ මුල් පිටුවේ පලකරන්න,ඒ සමගම මේ සිද්දිය සමාජජලා ඔස්සේ සීග්‍රයෙන් පැතිර යන්නේ Orisaguna ලොව ප්‍රකට නිරුප්ඉකාවක් කරමින්.

    මේ වගේම නොසිතූ මොහතක ජීවිතය උඩුයටිකුරු කරමින් වාසනාව උදා උන තවත් දෙදෙනෙක් තමයි පාකිස්තානයේ තේ වෙළෙන්දා අර්ශාඩ් කාන් , ඔහුත් දැන් ඉතා ප්‍රසිද්ද නිරුපන ශිල්පියෙක් ඒ වගේම මෑතකදී ඉතා ජනප්‍රිය උන ඉන්දියානු ගායිකාව රනු මොන්ඩාල් , ඇය යාචකයකුව සිටියදී වාසනාව ඇය සොයා අවා .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    නෙදකින් වීඩියෝ එකේ tinie tempahට ටිනි ටෙම්පා කියල කියන්නේ. යකෝ ඒ ටයිනි ටෙම්පා. ලංකාවටත් ආව. පොඩි හාමුදුරුවරු එක්ක ෆොටෝ ගැහුවා. එකවත් දන්නවද දන්නේ නෑ මුන්. :angry:



    IWSELcU.jpg