.: අහසින් වැටුනා :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: අහසින් වැටුනා :.

    අද රුපවාහිනී නාලිකා වල ප්‍රචාරය වෙන ටෙලි නාට්‍ය නිර්මාණ පිලිබඳ සිතා බලද්දී නම් හිතට දැනෙන්නේ බොහොම කණගාටුවක්....වාණිජ පරමාර්ථය උදෙසාම නිර්මාණය වූ, කොටස් සිය ගණනක් නරඹා අවසානයේ කිසිම ගැලපීමක් හෝ හරයක් නොමැතිව එක්වරම අවසන් වන ඒකාකාරී ආදර කතා රැල්ලක් මත පදනම් වූ මෙම ටෙලි නාට්‍ය ජනප්‍රිය වීමට එකම හේතුව වී ඇත්තේ රූපවාහිනිය ඉදිරියේ කාලය කා දැමීමට පුරුදු වූ පිරිසක් සහ තම මානසික ව්‍යාකුලතාවයන්ගෙන් මිදීමට රූපවාහිනී නාලිකාවක් දෙස බලන්නන් වාලේ බලාගෙන ඉන්නට පුරුදු වූ පිරිසක් මේ නිර්මාණ වලට ඇබ්බැහි වී සිටීමයි.....ඉතින් එවැනි ප්‍රේක්ෂකයින්ට කතාවේ හරයක් පිලිබඳ තැකීමක් කිරීමට‍ උවමනාවක් නැති බව දන්නා අපේ නිර්මාණ කරුවන් දිගින් දිගටම මේ ආකාරයේ නිර්මාණ බිහිකිරීමට පෙළඹීම පුදුමයක් නොවේ.....මෙවැනි මෙලෝ රහක් නැති මෙගා ටෙලි නිර්මාණ වලින් වෙනස් වූ ඉතාම නිර්මාණශීලී,හරයක් ඇති,මුල සිට අග දක්වාම හොඳින් රසවිඳිය හැකි නිර්මාණද අතලොස්සක් හෝ ඒ අතර තිබීම සතුටට කරුණක්....එවැනි එක් නිර්මාණයක් පිලිබඳ අගය කිරීමක් කොට ඔබව දැනුවත් කිරීමයි මෙම ලිපියේ පරමාර්ථය...

    6315AHASING%20WATUNA.jpg

    වර්තමානයේ බිහිවෙන බොළඳ, සීනි බෝල ආදර කතා වලින් වෙනස් වූ ඉතා රසවත් සිදුවීම් ඇතුලත් වෙනස්ම ආකාරයක අභිරහස්‌ කතා පුවතක් මත පදනම් වූවද මෙම ටෙලි සිත්තම පුරාවටම කුතුහලය මෙන්ම යම් හාස්‍ය රසයක්ද ගොඩනැගෙන පරිදි එය නිර්මාණය කිරීමට මෙහි නිර්මාණකරුවන් සමත් වී තිබෙනවා.....රොෂාන් රවේන්ද්‍ර,රොෂාන් පිලපිටිය වැනි දක්ෂ නළු නිලියන් මෙන්ම මෙම නිර්මාණයට දායක වන නවක නළු නිලියන්ගෙ රංගනයද ඉතා විශිෂ්ට මට්ටමක පවතින නිසා මෙහි අන්තර්ගත කතා පුවත ඉතාම හොඳින් රසවින්දනය කල හැකි පරිදි ඉස්මතු වී තිබීම මෙම ටෙලි නිර්මාණයේ ඇති විශේෂ ලක්ෂණයක්.....මෙගා රැල්ලෙන් මිදුණු හරවත් එමෙන්ම වෙනස් ආරක ටෙලි නාට්‍ය නිර්මාණ රසවිඳීමට ඇල්මක් දක්වන ඔබට, මාගේ බ්ලොග් පිටුවේ ලබාදී ඇති ලින්කුව ඔස්සේ ගොස් පිලිවෙලින් මේ නිර්මාණයේ සියලුම කොටස් නැරඹිය හැකියි....

     
    Last edited:

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    හොදයි පෝස්ට් එක. ඒත් බන් අයියෙ අපේ අම්මල කැමති නෑ හිතල කතාව තේරුම් ගන්න. එයාලට තියෙන ප්‍රශ්නත් එක්ක ඕව කරන්න කැමති නෑ. එයාල කැමති ඔහේ ගලාගෙන යන ඒ බොළද කතාවට.
     
    • Like
    Reactions: argan

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Mata nam lankawe katha balenawa adui.. eth oya kathawa nd thawa kathawak hodae kiyala yaaluwek kiwa..
    soo balanna ganna one. Thnx anyway :D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හොදයි පෝස්ට් එක. ඒත් බන් අයියෙ අපේ අම්මල කැමති නෑ හිතල කතාව තේරුම් ගන්න. එයාලට තියෙන ප්‍රශ්නත් එක්ක ඕව කරන්න කැමති නෑ. එයාල කැමති ඔහේ ගලාගෙන යන ඒ බොළද කතාවට.

    ඔව් බන් මල්ලියේ ඒ ගැන තමයි මාත් කියල තියෙන්නේ.....මානසික ආතතියෙන්,ව්‍යකුලතා වලින් පෙනෙන මිනිස්සු තමයි වැඩිපුරම අද කාලේ ඉන්නේ, පඬි වදන් කියවන මේ අපි උනත් ඒ ගොඩේ වෙන්න පුළුවන්....:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mamath oke kotas tikak baluwa... tikak sankirna kathawak thama... habai wenas akruthiyak...

    ඔව් සහෝ වෙනස් ම ආකෘතියක්.....:yes:අපේ රටේ මේ වගේ නිර්මාණයක් වෙච්ච එකත් සතු‍ටට කාරණයක්:), පේනවනේ මේ කාලේ හැදෙන ටෙලි නිර්මාණවල හැටි......:eek: සංකීර්ණ කිව්වට අර තේරුම් ගන්න අමාරු විදියේ මොලේ විකාර වෙන කතාවක් නම් නෙවෙයි කතාවේ කුතුහලයත් දිගටම තියාගෙන හාස්‍ය රසය, ආදරය එහෙමත් ගැලපෙන විදියට එකතු කරල තියෙන හැම පැත්තෙන්ම සමබර විදියට ගලාගෙන යන ටෙලි නිර්මාණයක්....:yes::cool:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම නම් TV බලන්නෙම නෑ..... :no:

    ඔව් ලොක්ක දැන් කාලේ තරු පායන වැඩසටහන්, බොළඳ මෙගා ටෙලි නාට්‍ය රැලි ඇරුනම ටීවී එකේ බලන්න දෙයක් තියෙනවනම් ඉතින් තියෙන්නේ බොහොම කලාතුරකින් නෙව....:(
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Mata nam lankawe katha balenawa adui.. eth oya kathawa nd thawa kathawak hodae kiyala yaaluwek kiwa..
    soo balanna ganna one. Thnx anyway :D

    අනිවා,මුල් කොටස් දෙක තුන බැලුවම දිගටම බලන්න හිතෙනවා....මම දැන් අන්තිම කොටස් තුනේ ඉන්නේ...:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඕකෙත් අවසානය ගූ 70යි , මෙලෝ රහක් නෑ

    එහෙම අවුලක් නෑනේ සහෝ....මාත් ඊයේ තමයි බලල ඉවර උනේ...මම නම් හිතන්නේ මේ වගේ අවසානයක් තමයි ඒ කතාවට ගැලපෙන්නෙ.....සමහරු කැමති නෑ ප්‍රධාන චරිත අන්තිමේදී මරල දානවට, මම ලියපු කතාව අන්තිමේදීත් කට්ටිය දොස් කිව්වේ ඒකනේ......:yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mekanam maxxama kathawa... iwara una neda? machan meke anthima episode ekanam mata therunema na :D awasanaya kothanada?
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mekanam maxxama kathawa... iwara una neda? machan meke anthima episode ekanam mata therunema na :D awasanaya kothanada?

    ඔව් මචෝ 2012-05-19 තමයි අන්තිම කොටස ගිහින් තියෙන්නේ....එහෙනම් උඹට කොටස් මග ඇරෙන්න ඇති, නැත්තන් එහෙම තේරුම් ගන්න බැරි අවසානයක් තියෙන කතාවක් නම් නෙවෙයි මේක....:no: