අහසෙ දුවන

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහසෙ දුවන ප්ලේන් වලට පාට ගාන්න...
    ත්‍රීවිල් එක අරං යමුද තීන්ත ගේ්න්න....
    මල්ලි නැගිටපං ඇලඩිං පහන උලන්න....
    කාලෙ හොදයි ගැන්සි බැහැලා පාරෙ නටන්න...

    දවස දවස පහු වෙනකොට අවුරුදු එනවා...
    අවුරුදු දෙක තුන පහුවෙලා වයස ගෙවෙනවා...
    කින්ඩි දාන මල්ලිලාට තරු විසි වෙනවා...
    අයියා දැක්ක ගමං බඹරෙ වැල්ලෙ නටනවා...

    දත කාගෙන කුප්පි දාලා විභාග කරලා...
    හිත ලාවට වගේ ජම්බො ජෙට් වල නැගලා...
    පයිලට් කම අර‍ගන්නට ආවත් දුවලා.....
    ත්‍රීවිල් එකෙ කික් එක ලග මං නතර වෙලා

    බො‍රු සෝබන දිස්ටි වලට බලියක් ඇරලා...
    කයිවාරුව තිතට බෙදන ලොක්කට වැදලා....
    මැම්බර් වෙලා ගමට එන්නෙ කිය කිය නටලා...
    මානසිකව වැටුන මෙමා පාරට වැටිලා.......

    ඇග දාගෙන මස් පුම්බලා එහෙ මෙහෙ නමලා...
    ඩිරෙක්ටර්ට පොඩි සම්තිං පාරක් ඇරලා....
    හදන new ම මූවි එකේ ඇක්ටිං කරලා....
    ගාන ශේප් කර ගන්නේ තේ වත්කරලා.....

    drunken-men-old-rendering.jpg