අහස උසට නැග ගියාට
අහස උසට නැග ගියාට...
සාදයකි අපගේ
නිවසටම රැව්දෙනා
කොලු කොරුට්ටන් රැසක්
ප්‍රීතියෙන් මොරදෙනා
ඒ නමුත් කඳුළක්
මීවිතේ ඇති බවක්
ඔවුන්ටම නොදැනේ
ඒ තරම් ඔවුන් අද මත්වෙලා
“අහස උසට නැග ගියාට නෑනෙ අහසෙ රැඳෙන්නේ
අහසෙ මාළිඟා තැනුවට අපි පොළොවේ සිටින්නේ“
ඔවුන් මහ හඬින් ගයන්නේය
මත් ගතිය උස් හඬට පෙරළවන්නේය
ප්‍රේමයෙන් ප්‍රමෝදයෙන් මුසපත්ව
හෙටක් ගැන අදහසක් නොමැතිවම
අහෝ !
මීවිතක් ගෙනෙනා අපූරුව
සිනහවක් මුවගට සතපමින
රන් මාළිඟාවේ දහ බිඳු
ඔවුන්ටම අහිමි බව සඟවමින
සංකල්පය - මාලන් විදානපතිරණ
අහස උසට නැග ගියාට...
සාදයකි අපගේ
නිවසටම රැව්දෙනා
කොලු කොරුට්ටන් රැසක්
ප්‍රීතියෙන් මොරදෙනා
ඒ නමුත් කඳුළක්
මීවිතේ ඇති බවක්
ඔවුන්ටම නොදැනේ
ඒ තරම් ඔවුන් අද මත්වෙලා
“අහස උසට නැග ගියාට නෑනෙ අහසෙ රැඳෙන්නේ
අහසෙ මාළිඟා තැනුවට අපි පොළොවේ සිටින්නේ“
ඔවුන් මහ හඬින් ගයන්නේය
මත් ගතිය උස් හඬට පෙරළවන්නේය
ප්‍රේමයෙන් ප්‍රමෝදයෙන් මුසපත්ව
හෙටක් ගැන අදහසක් නොමැතිවම
අහෝ !
මීවිතක් ගෙනෙනා අපූරුව
සිනහවක් මුවගට සතපමින
රන් මාළිඟාවේ දහ බිඳු
ඔවුන්ටම අහිමි බව සඟවමින
සංකල්පය - මාලන් විදානපතිරණ
Last edited: