අහස උසට යන නිමක් නැති නගරයක් ඉදිවේ..

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
අහස උසට යන නිමක් නැති නගරයක් ඉදිවේ..

end-city-03.png


Soure / More photos http://www.colombocitylife.com/2014/09/the-endless-city-project-city-in-sky.html

අහස උසට යන අංග සම්පූර්ණ නගරයක් ලන්ඩනය තුළ ඉදිකිරීම සඳහා සැලසුම් කරමින් ඇත. නිමක් නැති නගරය ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය SURE ගෘහනිර්මාණ ශිල්ප සමාගමේ සැලැසුමකි.

මෙම නගරය මීටර් 300ක් පමණ උසින් යුතු ගොඩනැගිල්ලක් තුළ ඉදිකිරීමට නියමිතව තිබේ. ඒ අනුව මෙය ලන්ඩනයේ ඇති උසම ගොඩනැගිල්ල වන ෂාඞ් කුළුණ හා සමාන මට්ටමේ ගොඩනැගිල්ලක් වනු ඇත.

වර්ගමීටර් 165855ක වර්ග ප‍්‍රමාණයක් ආවරණය කරනු ඇති මෙම ගොඩනැගිල්ලේ විවිධ මට්ටම් අන්තර් සම්බන්ධිත ආනත තල මගින් සම්බන්ධ කෙරෙනු ඇති අතර එමගින් විවිධ පහසුකම් සහිත වීදි මැදින් ඇවිද යන ආකාරයක හැගීමක් එහි පදිංචිකරුවන් වෙත ලබාදෙනු ඇතැයි පැවසේ.
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ආසයි ඒත් ඉතින් මේ වගේ තැනක ජිවත් වෙන්න ලැබෙන එකත් එක්තරා අන්දමක හිනයක් විතරයි.