අහස තරම්...

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    අහස තරම්...

    අහස තරම් මං
    ඔබට දුරයි කී දා
    ඒ අහස කරා එන්නම් කියා
    ආදරයෙන්
    සපථ කළා ...

    ජීවිතේ ම නතර කරන්
    මං හිටි පියවර සිටියා
    ඒ අහස කරා
    ඔබ නැගෙන තුරා ...

    පය පැකිලෙමින්
    මඟ වැරදි වැරදී
    ඔබ හෙමි හෙමින් ආවා
    පිදු ආදරේ අදහා
    මං මඟ බලා උන්නා …

    කඳුලේ ගැලී
    සුසුමේ වෙළී
    අඳුරේම මා සිටියා
    හිරු මඩල වී ඔබ
    පහන් වී එන තුරා …

    ඒත් අදත් ...
    අහස තරම් මං
    ඔබට දුරයි තාමත්
    ඒ අහසින් බැස ආවත්
    මං ඔබට දුරයි
    කොහොමත් ...


    2011.09.07

     
    • Like
    Reactions: sudu pusa