අහස-සිඹින-නෙළුමක්-කොළඹ-පිපෙයි
දේශීය වාස්තු විද්‍යාඥ සැලසුම් අනුව රුපියල් කෝටි 1147 ක වියදමින් කොළඹ ඩී.ආර් විජයවර්ධන මාවතේ අට මහල් නෙළුම් කුළුනක් ඉදිකිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සැරසේ. උසින් මීටර් 350 ක් වන මෙම බහු සම්ප්‍රේෂණ කුළුනේ පාවෙන අවන්හලක්, විදුලි සංදේශ කටුගෙයක්, ප්‍රදර්ශන ශාලා, භෝජනාගාර, අමුත්තන් දහසකට සහභාගී විය හැකි උත්සව ශාලාවක්ද අතුළත් වෙයි. මේ කුළුනට ලබන 20 වැනිදා මුල්ගල් තබා මාස තිහකින් ඉදිකිරීම් නිම කිරීමට නියමිතය. ගිවිසුමට අද අත්සන් තැබිණි.
චයිනා නැෂනල් ඉලෙට්රෝනික්ස් ඉන්පොර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් හා ඒරෝ ස්පේස් ලෝන්මාර්ච් ඉන්ටර්නැෂනල් ට්‍රේඩිං කෝපරේෂන් මෙහි ඉදිකිරීම් බාරව සිටියි. නව ගුවන්විදුලි හා රූපවාහිනී සේවා 100ක්ද විදුලි සංදේශ සේවා 20 කටද වේගවත් පහසුකම් සැපයීමට මේ මධ්‍යස්ථානයට හැකි බව කොමිසමේ අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා කියයි.
Source: Lankadeepa.lk

rep+

aniwa oya tower eken apita ganna puluwan lokuma labaya