අහිංසකයාගේ පෙත්සම නිෂ්ප්‍රභයි

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
අහිංසකයාගේ පෙත්සම නිෂ්ප්‍රභයි

කොටුව දුම්රිය ස්ථානයේදී පසුගිය අප්‍රේල් මස 22දා පොලීසිය විසින් සිදුකළ බව කියන පහරදීමකින් ඔළුව පැළී ලේ ගලන තුවාල සහිතව අසරණ වූ දුමින්ද හපුආරච්චි (41) විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

ගම්පහ, යාගොඩ පදිංචි දුමින්ද හපුආරච්චිගේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ජනාධිපති නීතීඥ සලීම් මර්ෂුෆ්, ජනාධිපති නීතීඥ ඊවා වනසුන්දර හා චන්ද්‍රා ඒකනායක යන තිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කළ බව අගතියට පත් දුමින්ද වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිස්ස වේරගොඩ මහතා පැවසීය.

මෙකී සිද්ධියට අදාළ කතා පුවත වැඩිදුරටත් මෙසේය.

සේවක සංඛ්‍යාව කප්පාදු කිරීමට විරෝධය පළ කිරීම, ආදේශක, අනියම් සහ තාවකාලික කම්කරුවන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරවීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවකයින්ගේ සංගමය විසින් පසුගිය අප්‍රේල් 21දා කොටුව දුම්රියපළ ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරන ලදී.

එම උපවාසයට එක්වූ තිදෙනෙකු එදිනට පසුදින එනම් අප්‍රේල් 22දා අසනීප වී රෝහල් ගත කෙරිණ.

මේ අවස්ථාවේදී තවත් දුම්රිය සේවකයින් පිරිසක් විසින් කොටුව දුම්රිය ස්ථානයෙන් මාර්ගයට බැස විරෝධතාවයක්ද ආරම්භ කළහ.

මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය ආශ්‍රිතව නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර එය පාලනය කිරීම සඳහා පොලීසිය පැමිණියේය.

එසේ පැමිණි පොලීසිය සිදුකළ විසින් සිදුකළ පහරදීමෙන්, කාර්යාල සේවය නිමවා ‍ නිවෙස බලා යමින් සිටි දුම්රිය මගියෙකු වූ ගම්පහ, යාගොඩ පදිංචි දුමින්ද හපුආරච්චි තුවාල ලබා රෝහල් ගත කෙරිණ.

ප්‍රහාරයෙන් ඔහුගේ හිස පැළී ලේ ගලන අයුරු දැකගත හැකි වූ අතර එම අවස්ථාවේ දුමින්ද කියා කියා සිටියේ තමාට පහරදුන්නේ පොලීසිය විසින් බවයි.

මෙම නොසන්සුන්කාරී සිද්ධිය වූ අවස්ථාවේ දුම්රිය සේවකයින් 5 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවද වාර්තා විය.

කෙසේ හෝ තමාට එල්ල වූ එම ප්‍රහාරය ගැන දුමින්ද හපුආරච්චි විසින් නීතීඥවරයෙකුගේ ද සහය ඇතිව ‍පසුගිය මැයි මස 20 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

පෙත්සම ගොනු කිරීමෙන් අනතුරුව ගත වූ කාලසීමාව තුළ දින 2ක් එය විභාගයට නොගෙන කල්ගිය අතර අද එය යළි කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල හේතුවක් නොදක්වාම නිෂ්ප්‍රභ කළ බව දුමින්ද වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිස්ස වේරගොඩ මහතා පැවසීය.

එසේම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අධිකරණය හේතුන් දක්වා නොමැත.

:angry:
 
බුම්ප්
Duminda_Hapuarachchi.jpg
 
Last edited: