අහිමි ආදරයෙන් එක මොහොතක්

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අහිමි ආදරයෙන් එක මොහොතක්

    මගෙ ආදරණීය බිරිඳ, විවාහ ජීවිතේ, කියල..
    කවද හරි මම හිතුවෙ මෙන්න මේ වගේ ලස්සන , දයාබර මොහොතක්
    මේ වගේ නිමේශයන් ගොඩාක්.

    ඒත් මට ඒ දයාබර හිත.. මගෙන් ගොඩාක් ඈතට ගිහින්.. කවදාවත් නො එන්නම..

    මේක AD එකක්, රඟපෑමක් තමයි.. ඒත් පාලු හිතට ඒ සුන්දර හීනෙ මතක් කරනවා.




    වීඩියො එක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවෙ.. දයාබර හිතක් , හැම මොහොතෙම අගය කරන්න.. රැක බලා ගන්න.. නැති උන දාට.. හරිම පාලුයි කියල මතක් කරන්නයි
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං මොකක්ද සීන් එක.. වොරි වෙන්න එපා කියල කියන්න බැහැ මචං. මොකද ඔය දුක මාත් දන්නවා හොදටම.. ඉවසල හිටපන්.. කාලය උඹේ ප්‍රශ්නයටත් විසදුමක් දෙයි... කවද හරි ඔය කොමර්ෂල් එකට වඩා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න උඹට වාසනාව ලැබෙයි.. අවංකවම මම එහෙම වෙන්න ප්‍රාර්ථනා කරනවා.. :yes:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ගොඩක් ස්තුතියි සහෝ
    කෙටියෙන් කියන්නම්.. මම ආදරය කරන ගෑණු ලමය ගෙ අම්මල මට කැමති නෑ.. සල්ලි, සමාජ මට්ටම මදිවට කුළයත් ....! අපි ගොඩාක් ආදරෙන් අවුරුදු 4ක් හිටියා.. ඒත් අන්තිමට එයාට අම්මලට බෑ කියන්න බැරි උනා ..
    වෙන් වුන දවසෙ අපි දෙන්නම හොඳටම ඇඬුව.. කවදාවත් එයා ගැන මගෙ හිතේ තරහක් නෑ.. ඒත් ආදරේ එහෙමමයි..
    දැනට අවුරුදු 2ක් .. එයා දැන් engaged ලු..

    හිත හදාගන්න උත්සාහ කරනව.. එත් මතකය අමතක කරන්න මම දන්නෙ නෑ.

    සංවේදී උනාට ගොඩාක් ස්තුතියි මචං
     

    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    veryy sorry machan....... umbata ikmanatama hitha hadaaganna puluwan wenna kiyala mama prarthana karanawa........ umbala wage kollanta waradinne naa bang.....tc bro
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    uba gana godak dukai.e mathaka amathaka karanna baa thamai machan.eth hodin jewath wima thama me okkotama wada watinne.mama ada karanne e de.ubata jaya wewa!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චගු;10336103 said:
    ගොඩක් ස්තුතියි සහෝ
    කෙටියෙන් කියන්නම්.. මම ආදරය කරන ගෑණු ලමය ගෙ අම්මල මට කැමති නෑ.. සල්ලි, සමාජ මට්ටම මදිවට කුළයත් ....! අපි ගොඩාක් ආදරෙන් අවුරුදු 4ක් හිටියා.. ඒත් අන්තිමට එයාට අම්මලට බෑ කියන්න බැරි උනා .. වෙන් වුන දවසෙ අපි දෙන්නම හොඳටම ඇඬුව.. කවදාවත් එයා ගැන මගෙ හිතේ තරහක් නෑ.. ඒත් ආදරේ එහෙමමයි.. දැනට අවුරුදු 2ක් .. එයා දැන් engaged ලු.. හිත හදාගන්න උත්සාහ කරනව.. එත් මතකය අමතක කරන්න මම දන්නෙ නෑ.සංවේදී උනාට ගොඩාක් ස්තුතියි මචං

    කාලය හැම දේටම විසදුම් දෙනව කිව්වට අවුරැදු දෙකක් තිස්සෙ උඹට තාම විසදුමක් දීල නැහැ..:(:( මොනව කරන්නද බන්.. උඹල දෙන්න කොච්චර ආදරෙන් හිටියත්, දැන් කෙල්ල එන්ගේජ් වෙලා හින්දා ආයිත් උඹලගේ ලව් එක දිගටම පවත්වගෙන යන්න බැරි නිසා ඒකිට සිරාවටම ආදරේ නම් ඒකිව හිතින් අයින් කරපන්.. නැත්නම් ඒකිගේ පවුල් ජීවිතේ අවුල් වෙයි. ඒකි ජීවිතේ විදවයි. දැන් ඉතින් ඒකි පටන් ගත්ත ජීවිතේ සාර්ථක වෙන්න හිතින් ප්‍රාර්ථනා කරල උඹ උඹේ අධ්‍යාපන වැඩ ටික කරගනින්. තව කල් තියෙනවා.. සුදුසු කාලයේදි සුදුසු කෙනා උඹට ලැබෙයි. පිය විප්පයෝග දුක්ඛ කියන්නෙ ඕකට තමයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්.. ආගමට දහමට ලැදි කොල්ලෙක් වශයෙන් උඹ ඔයිට වඩා මානසිකව ශක්තිමත් වෙලා ඉදිරි අනාගතේ ගැන බලාගනින්. හින්දි ෆිල්ම් වල වගේ කෙල්ල ආයිත් කවදාවත්ම එන්නෙ නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය. මූණ දීපන් ඇත්තට.. උඹ සැලෙන්න එපා..ඉවසල වැඩ කරපන්..
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ගොඩාක් ස්තුතියි යාලුවනේ
    මම එයාව ආයෙ කවදාවත් දකින්න ප්‍රර්ථනා කරන්නෙ නෑ.
    මම ඇත්තටම ආදරෙයි නම් ඒ හිතට තවත් දුකක් නොවී ඉන්නම් කියල හිතුව.
    මගේ දුක මම දරාගෙන ඉන්නම් කියල හිතා ගත්ත.
    වෙලාවකට හිතෙනව ප්‍රථම ප්‍රේමය කියල, මේ තරම් දයාබර, පූජනීය දෙයක් මම දන්නෙ නැතිනම් කියල.. ඒත් එහෙම වෙන්නෙ කොහොමද.. දැන් පරක්කු වැඩියි.
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    machan tharaha ganna epa "This is not the end of the world !!!"
    every thing will be ok, upekshawen hama deyakma iwasapan.
    Jayawewa!!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දුක් වෙන්න එපා සහෝ... දැන් උඹ උබේ ජීවිතේ හදාගෙන අනාගතේට මූන දියන්...
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ගොඩාක් ස්තුතියි යාළුවනේ
    කවදාවත් නොදැකපු කෙනෙක්ගෙ දුකට උණුවෙන හිත් ... මට පුදුමයි මචං
    මුළු හිතෙන් ම ස්තුතියි.
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    machan uba wagema mamath kenekta godaak adare kala, apiata eyalage and ape gedarin k ekath labuna, but anthimata eyage amma akamathi wuna, mata salli walin aduwak thibba nisa, but kamak naha kiyala mama hitha hada gaththa, ada mama godak sathutin inne, mage jiwetheta itawada hoda kenek awilla inne, eyata hama deema thiyenawa..