අහිමි

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කඳුළු පිනි කැට දිලෙන නෙත් යුග
    විහිද සිව්කොන සිසාරා
    සොයා ගන්නට තනයි වෙහෙසී
    හැංගිලා ඇති හිනාවා
    සිතින් හඬමින් වතින් හිනැහෙන
    මහාමායාවනි සදා
    සුනෙර කිසිලෙද මහත් වන්නෙද නුඹේ සෙනෙහස් කඳු වසා

    ගිලන් පුතු ළඟ නොහඬනා නුඹ
    ගෙනා සවියෙන් දිරිලබා
    අර බලන් ජීවිතය අයදින
    සිඟිති තරු නෙත් හිනැහෙනා

    ඳඟකාර ගත් සිරකරන් ඇති
    යකඩ අත්වැල ළඟට උස්වී
    බලාගෙන දුර නටන උන් දැක
    සිතින් පුතු ඒ දුර ඇතී

    මොලොක් සියුමැලි සුරත විදඇති
    රුහිරු නලයක් උරුමැතී
    නුඹට අහිමිවු ලෝකයට හෙට
    නොවන් පුතුනේ අරුමැතී
     

    Attachments

    • IMG_20190219_112926.jpg
      IMG_20190219_112926.jpg
      9 KB · Views: 56
    Last edited: