අහිමි

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඔබ ඇවිද ගිය මග
    ඇවිද යමි රහසින්
    කඳුලු තෙත බිම
    ඔබා පය දුකකින්
    අහිමි සුවදට
    දුරින් ඉව කරමින්
    හිඳිමි හඬවා
    නොපෙනෙනා දුරකින්

    අහස ගුගුරා
    අසනි සර ඇවිදින්
    දවා සියොලඟ
    හලු කලත් සැනෙකින්
    බිඳුනු අවසන් වෙන තතේ
    ස්වරයත්
    කෑගසාවී නුඹ නමින්
    තවමත්

    මියුනු තුරු හිස
    මල් සොයා නොතැවෙන්
    මා නැතත් හෙට
    හිරු නැගෙයි අහසින්
    අපට හිමි නැති
    ප්‍රේමයේ නාමෙන්
    හඬා පල නැත
    සිනාසෙන් නුඹ දැන්