අහු වෙන්නේ නැතිව මගුලක් කමු...

Jan 29, 2017
17
3
0
අහු වෙන්නේ නැතිව මගුලක් කමු...

අහු වෙන්නේ නැතිව මගුලක් කමු...

විවාහ මංගල උත්සවය කියන්නේ අපේ ජීවිතේ ගොඩාක්ම වැදගත් අවස්ථාවක්.ස්වර්ණමය අවස්ථාවක් කියලා.ඉතින් මේ ගැන මුල සිට සරලවම එලකිරියේ සහෝදරවරු සඳහන් කරලා තිබුණා.
http://www.elakiri.com/forum/showthread.php?p=21300624#post21300624:D:D
http://www.elakiri.com/forum/showthread.php?t=1440283:D:D
http://www.elakiri.com/forum/showthread.php?t=1469148:D:D

ඉතින් විවාහ මංගල උත්සවයක් ගැන ඒ ත්‍රෙඩ් වල හැමදේම තියෙනවා.ඉතින් අද මේ කියන්න හදන්නේ වෙනස් දෙයක්.විවාහ උත්සවයට අපි කාලයක් තිස්සේ හරි හම්බ කරගත්තු මුදල් තමා අපි යොදවන්නේ.ඉතින් මේ වගේ අවස්ථා වලදී වියදම් පාලනයක් අපි කරගන්න ඕන.ඒ වගේම විශේෂයෙන් දෙයක් කිව යුතුයි මේ උත්සවයත් එක්ක යෙදෙන වැඩ කන්දරාව නිසා අපේ හිත නිදහස් නොවෙන්න පුළුවන්.මනාල ඇඳුම්, දෙවන මනාලයන්ගේ ඇඳුම් , මනාලියගේ ඇඳුම් , කේක් බොක්ස් , කාර්ඩ් , රත්තරන් බඩු මේ හැමදේම හොඳම ඒවායින් තෝරගන්න එක ලේසි පහසු දෙයක් නෙවේ.විශේෂයෙන් රත්තරන් බඩු.මට සිදුවුනු දෙයක් මම කියන්නම්.විශේෂයෙන් ම මේ දේ කියන්නේ මට සිදු වූ පාඩුව හා සිත් තැවුල :no::no::sorry::sorry:නිසා.තව කෙනෙකුට මෙහෙම දෙයක් නොවෙන්න නිසා.

විවාහ ගිවිස ගැනීමත් ලඟ ලඟ නිසා වෙන්න ඉන්න සහකාරියත් එක්ක ගියා රත්තරන් මුදු දෙක හදාගන්න.වේලාව බොහෝම සීමිත නිසා රත්තරන් බඩු කඩේ මුදලාලිව විස්වාශ කරලා සල්ලි ටික දීලා ආවා.විවාහ ගිවිසීමට දිනකට පෙර අපට රත්තරන් මුදු දෙක ලැබුණා.හරිම ලස්සනයි,දිලිසෙනවා.ඉතින් ඔන්න පැයෙන් පැය ගෙවිලා දවස උදා උනා.මුදු මාරුකරගත්තා.සති කිහිපයක් ගතවුනු තැණ මුදු දෙකම අවපැහැ උනා.එක තැනකින් හරස් අතට කොල පාට ඉරක් වගේ මතු උනා.පස්සේ රත්තරන් බඩු කඩේ දැනුවත් කලා.අරගෙන එන්න කිව්වා බලන්න.අරගෙන ගියා.ආයිත් දවසකින් හම්බුණා.මුල්ම දවසේ වගේම තිබුණා.සතියක් යද්දී ආපහු කලින් වගේම පාට අඩුවෙලා තඹ පාටක් වෙන්න ගත්තා.මුද්දේ නිමාවද ඒ තරම් සුමට නැති බව හොඳින් බලද්දි පෙනුනා.හොඳම වැඩේ කියන්නේ මුද්ද බලන්න කියලා කඩේට දෙනකොට 8.674 ක් වගේ බර තිබුණා.දැන් බර තියෙන්නේ 7.984.ඉතින් හිතට දැනෙන වේදනාව කියලා නිමක් කරන්න බෑ එක අතකින්.

මේකේ නම ලක්මාලී
තියෙන්නේ ගණේමුල්ලේ

අහුවෙන්න එපා මේ වගේ හොරුන්ට.කතාවයි හිනාවයි නම් පන දෙන්න වගේ තියෙනවා.
 

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Contact consumer authority and file a case against them. Act now before it's too late. Send copies of receipts and everything to them. They'll investigate. Or at least they'll keep the complain and contact you later on.
     
    Jan 29, 2017
    17
    3
    0
    රත්තරන් තමා.ඒත් කැරට් ගාන අඩුයි.වෙන මොනවා හරි ලෝහයක් මිශ්‍ර කරලා ඇති:no:
     
    Feb 24, 2017
    46
    5
    0
    රත්තරන් තමා.ඒත් කැරට් ගාන අඩුයි.වෙන මොනවා හරි ලෝහයක් මිශ්‍ර කරලා ඇති:no:

    normally creating gold jewelries require certain amount of copper
    otherwise it will break easily
    seems like they have increase the amount.of copper in you rings
     
    Jan 29, 2017
    17
    3
    0
    normally creating gold jewelries require certain amount of copper
    otherwise it will break easily
    seems like they have increase the amount.of copper in you rings


    පවුමක් හදන්න 56000ක් ගත්තා.මගේ මාලේ හැදුවෙත් ඔතනින් තමා.108000ක් ගත්තා.පවුම් දෙකට.මාලේ කැරට් 18 පෙන්නන්නේ.උකස් කරන්න ගියාම ගන්න පුලුවන් උනේ 50000යි වැඩිම

    මම දැන් කොහොමත් අහුවෙලා ඉවරයි.
    තව කෙනෙක් මේ හොරුන්ට අහුවෙන්න එපා.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රත්තරං ගන්නවා නම් Muthukaruppan Chettiar Jewellers තමා ලංකාවේ හොඳයි කියන්නේ ගොඩක් උන්..

    FB Page

    feedback බලන්න ඔකේ :yes:

    36, Sea Street, Colombo 11
    0 1100 Colombo




    011 2 325820
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    Vogue hoda nedda bn...
    mamath muthukaruppan gamu qwwama, kella thamai Vogue 1 adunanawa kiyala ethanin gamu kiyala gaththe..Thama nam awlk ne hebei... :eek::eek::baffled::baffled::baffled::nerd::nerd:
     

    Palihawadana1990

    Well-known member
  • මම නම් මගේ වෙඩින් එකට හදපු මාල මුදු ඔක්කොම " ස්වර්ණාභරන අධිකාරියෙන්" චෙක් කෙරෙවුවා... කිසි අවුලක් නෑ.... රත්තරං බඩු කඩෙන් දීපු බිල් එකයි බඩුයි දුන්නහම ඔක්කොම විස්තර කියනව, රත්තරං බර වගේ.... හදිසියෙ අඩු වෙලා තියෙනවනම් ස්වර්ණාභරණ අධිකාරියෙන්ම ඒ කඩේට විරුද්දව නඩු දානවා.....
     
    Last edited:
    Jan 29, 2017
    17
    3
    0
    මම නම් මගේ වෙඩින් එකට හදපු මාල මුදු ඔක්කොම " ස්වර්ණාභරන අධිකාරියෙන්" චෙක් කෙරෙවුවා... කිසි අවුලක් නෑ.... රත්තරං බඩු කඩෙන් දීපු බිල් එකයි බඩුයි දුන්නහම ඔක්කොම විස්තර කියනව, රත්තරං බර වගේ.... හදිසියෙ අඩු වෙලා තියෙනවනම් ස්වර්ණාභරණ අධිකාරියෙන්ම ඒ කඩේට විරුද්දව නඩු දානවා.....

    ehema puluwanda.eka loku deyak.mata vistara kiyanna macho
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,838
    113
    අදාල නෑනේ
    මම නම් මගේ වෙඩින් එකට හදපු මාල මුදු ඔක්කොම " ස්වර්ණාභරන අධිකාරියෙන්" චෙක් කෙරෙවුවා... කිසි අවුලක් නෑ.... රත්තරං බඩු කඩෙන් දීපු බිල් එකයි බඩුයි දුන්නහම ඔක්කොම විස්තර කියනව, රත්තරං බර වගේ.... හදිසියෙ අඩු වෙලා තියෙනවනම් ස්වර්ණාභරණ අධිකාරියෙන්ම ඒ කඩේට විරුද්දව නඩු දානවා.....

    keeya gannawada ban