අහෝ ආශ්චර්යක මහත
Source By මෙතනින්..
ලෝකෙන්ම උතුම් රට... අවුරුදු 2500 ක ලිඛිත ඉතිහාසයක් ඇති එකම රට වශයෙන් අපි ඔලුවේ තියාගෙන අපේ රට පිළිබඳව ලෝකෙට අරන් යයි... එහෙත් මේ රට දැන් දැන් ලෝකයා හමුවේ වැටෙන්නට යන, වැටි තියන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලාංකිකයෙකු ලෙස මට දැනෙන්නේ බලවත් වූ කනගාටුවකි... මන්ද 30 අවුරුදු යුද්දයක නිමාවක් දැකපු අපට ඇත්තෙන්ම නිදහසක් මරණ බියක් නැද්ද යන සැකය නැවත නැවත මතුවන්නට පටන් ගෙන ඇත. පාදඩ දේශපාලඥයන්ගේ නොමනා හැසිරීම් නිසා විපතට පත්වන ජනතාව බේරා ගැනීමට කිසිවෙකු මේ ලක්දෙරණ තුල නැත. සිටිනවානම් සිටින්නේ තමන්ගේ බඩ ගොස්තරය වෙනුවෙන් කෑ ගසන හුදෙක්ම Card Board වීරයන් පිරිසකි.
මා මෙසේ මේ ලියමන ලියන්නට සිතුවේ ගම්පහ වැලිවේරිය සිදු උන අවසානාවන්ත සිදුවීම නිසාවෙනි. එය කෙලින්ම කියන්නට අවැසිය. ගම්පහ රතුපස්වල ජනතාවගේ මානුෂිය අයිතියක් වන ජලය පිළිබඳව ඇති වී තිබෙන තත්වය ඔබත් මාත් හොඳා කාරවම දනිමි. එය නැවත අමුතුවෙන් විග්‍රහ කර දීමට අවැසි නැත.
ඒ මිනිසුන් නිරායුධව පාරට බැස්සේ ආණ්ඩුව පෙරලීමට, පඩි වැඩි කිරීමට, නැංවූ විදුලි ගාස්තු අඩු කිරීමට බල කිරීමට, නැතහොත් විපක්ෂයේ දෑත් ශක්තිමත් කිරීමට හෝ නොවේ. මිනිසුන් වී ඉපද ඇති නිසාම ඔවුනට හිමි වී තිබෙන අයිතියක් වෙනුවෙන්ය. ඒ පිරිසිදු පානිය ජලය ඉල්ලාය. ඔවුන් උද්ගෝෂණය කළහ. කෑ ගැසුහ. එත් ඔවුනට ලැබුණු උත්තර මරණය විය. තවත් 50 කට අධික පිරිසකට තුවාල සිදුවිය. ඔවුනට එසේ සිදු කරන්නේ අපේ රටේ උත්තම මනුස්ස පිරිසක් වන ලෝකෙන්ම විනයක් ඇති එකම හමුදාව වූ අපේ යුධ හමුදාවය. පොලිසියේ ඇත්තන්ටත් වඩා හමුදාව තුල මානුෂිය හැඟීම් තිබෙනවායයි මිනිසුන් නිතරම විශ්වාස කරන කාරණයක් විය. එහෙත් සිදු වුයේ නිරායුධ සිවිල් වැසියන්ට හමුදාවෙන් ගුටි කෑමටය. තමාගේ මුර දෙවතාවල්ලන්ගෙන් ගුටි කෑමටය. හමුදාවට උනත් යුද්දය ඉවර වී ඒ ආතල් එක නැවත ගැනීමට මෙය හොඳ අවස්තාවක් වන්නටද ඇත. වීරයන් සේ එදා LTTE ය පරාජය කල අපේ හමුදාවන් අද අසික්කිත ලෙස නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව අවි අතට අරගෙන ජිවිතයක් උදුරා ගත්හ.
ජාත්‍යන්තරය නිතරම මාන බලමින් සිටින්නේ අපට මානව හිමිකම් චෝදනා එල්ලකිරිමටය. ඒ මහා ජාතිය වන සිංහල අපට හිරි හැර කිරීම නිසා නොව සුළු ජාතින් වූ දෙමල ජාතිකයන්ට හිරි හැර කිරීම නිසාවෙනි. එහෙත් දැන් එය කන පිට හැරෙන්නටද අවස්තාව ඇත. මන්ද දැන් බටහිරයන් මෙන්න මෙලෙස සිතනවා ඇති.. " මුන් සිංහල මිනිස්සුන්ට මෙහෙම නම් දෙමල මිනිස්සුන්ට කෙසේ කරනවා ඇතිද යන්නය. එසේ සිතීමත් සාදාරනය. ළඟ ළඟ එන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පෙනෙන්නට මෙලෙස බයිස්කෝප් දමන එක රටට මර සැපක්ය. පසුව අපේ දේශපාලන පඩත්තරයන්ට ඒ ඔක්කොම අන්තර් ජාතික ක්රුමන්ත්‍රණ යයි කීමට හැකිය. දැනටත් මේ වතුර ගැටලුවේදී එවැනි දෙයක් කියා ඉවරය. ඒ මේ ගැටුම බාහිර කණ්ඩායමක් විසින් ඇති කරවන ලද්දක් බවය.
මේ දිනවල තවත් දෙයක් දැන් කතා බහට පත් වී ඇත. ඒ දැරණියගල නුරියවත්ත ඛේදවාචකයය. වසර 15ක් තරම් වූ මේ පාතාල පාලන ඉතිහාසය හෙලිවුයේ එහි වතු අධිකාරිවරයෙකු ඝාතනය වීමත් සමගය. එතකන් මේ රටේ පොලිසිය, නිතිය, ත්‍රිවිධ හමුදාව, CID ය, දේශාපලන හස්තයන් බුදිය. එම වතු යායේ අයිතිකාරීත්වය ඇත්තේ ඇමරිකානු සමාගමකටය. මෙහෙදී ප්‍රධාන සැකකරුවෙකු වූ ඇත කොට නොහොම අනිල් චම්පික සබරගමු පළාත් මහ ඇමතිගේ ළඟම ගෝලයෙක් බව දන්නෝත් දනිති. විවිද වූ මාධ්‍යන් විසින්ද එය හෙළිකර ඇත. එහෙත් නිතිය ක්‍රියාමත්මක වීමට යන්නේ සිදු වන්නට තිබුණු හැමදේම සිදුවී අවහර වුවාට පසුවය.
තවත් පළාත් සභා පාදඩ බල්ලෙක් වූ ආනන්ද සරත් කුමාර. ගුරුවරියක දන ගැස්සවිය. ඔහු හිරේ ගියේය. හිරෙන් නිදහස් වී පැමිණෙන විට ඔහුගේ ආධාර කරුවන් විශාල සංඛ්‍යාවක් ඔහුත් සමග සිටියහ. අපටනම් පෙනුනේ ඒ වැස්සකටත් පාසලකට ගොඩ නොවුණු අසික්කත බලු රැලක් ලෙසටය. කෙසේ වෙතත් ඔහුට නාමය යෝජනා දීම ප්‍රතික්ෂේප වී ඇත. නීතිපතිවරයා විසින්ද අධිචෝදනා ගොනු කර ඇත.
මෙලෙස මේ රටේ නිතිය දේශපාලනය ක්‍රියාත්මක වන විට අපට නිදහසේ ජිවත් විය හැකිද.. මේ පුංචි රටේ කොළඹට ආසන්නව මෙලෙස දුෂ්ට පාදඩ කම් සිදු වනවානම් දුෂ්කර පාලත් වල වන සිදුවීම් ගැන තවත් මොන කතාද යයි මට සිතේ. එහෙත් අවසානාවකට අපේ මිනිස්සුන්ට මේවා මතක ඇත්තේ ටික දිනකටය. ධිවර උද්ගොෂනයකදී මිය ගිය හලාවත ධීවරයා පිළිබඳව, කටුනායක උද්ගොශනයේදී මිය ගිය රොෂේන් චානක සොයුරා ගැන අද කතා කරන්නේ කවුද... කතා කරන්නට මතක ඇත්තේ කාටදය..?
චන්දයක් ඉල්ලන් කකුල් ලඟට පැමිණෙන බල්ලන්ට තමන්ගේ රන් හා වටිනා මනාපය ලබා දී මරණය හෝ වෙන යම් දෙයක් බලෙන්ම ඉල්ලා ගෙන අවසන්ය. මන්ද අපේ මිනිසුන්ට උගත් කම තිබුනට බුද්දියක් නැත. දකුණු ආසියාවෙන් වැඩිම සාක්ෂරතාව ඇත්තේ අපේ මිනිසුන් තුල උවද ඔවුනට කව්රුවත් හිතන්නට ප්‍රක්ඥවෙන් යුතුව බැලීමට පුරුදු කර නැත. එය ඉතාමත් අභාග්‍ය සම්පන්න ඛේදවාචකයෙකි.
මම යන්නම්.. ඔබ සැමට තෙරුවන් සරණයි...