අහෝ ශාශනය

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    දෙදහස් පහළොවේ ජනවාරි 08 වැනි දා සිට 2016 මාර්තු 31 වැනි දා දක්වා භික්ෂූන් වහන්සේලා 81 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒ අතර

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ලද භික්ෂූන් වහන්සේලා 8 දෙනකු සහ බලපත්‍ර නොමැතිව අලි පැටියකු ළඟ තබාගත් භික්ෂූන් වහන්සේ නමක් ද වන බව ඇමැතිවරයා කීවේය.
    සෙසු භික්ෂූන් වහන්සේලාට විවිධ අපචාර, නිදන් හෑරීම ඇතුළු චෝදනා පවතින බව ද ඇමැතිවරයා සඳහන් කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
    රුචිර දිලාන් මධුසංඛ/සුරේකා නිල්මිණි ඉලංගකෝන්
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    බුදු දහමේ නියම අරුත නොදැන තමන් විසින් කරන්න ඕනේ ශාසනික මෙහෙවර ගැන මෙලෝ හරසක දෙයක් නොදැන....දේශපාලුවන්ගේ අතකොලු වෙලා.....තම තමන්ගේ ලෞකික ජිවිතය සරුකරගන්න වලිකන චීවරධාරියෝ ඉන්න රටක් වුනාම ඔය ප්‍රමාණය නෙමෙයි ඔයිට වඩා වුනත් හිරේ විලංගුවේ වැටුනත් පුදුම වෙන්න දෙයක් නැ...... අනිත් එක අන්‍යාමික ඈයෝ.. බෞද්ධාගමට කිණ්ඩිය දාන එක ගැන ආයේ මොන කතාද සමහර චීවරධාරියෝ කරන කුපාඩි වැඩත් එක්ක.......