ගොඩාක් කට්ටිය කෑම ගැන දාලා තිබ්බ නිසා වැදගත්වෙයි කියලා දාන්න හිතුනා...
"

️කොලඹ Aluthkade ඇත්ත කතාව aluthkade street food

බබෙක් ලැබෙන්න ඉන්න අක්ක කෙනෙක්ගේ
පෙරැත්ත හින්දම අලුත් කඩෙන් කෑමක් ගෙනත් දෙන්න ගියා, street food කාලා
තියනවා මෙහෙම අපිරිසිදු තැනක් මගේ ජීවිතේට දැකල නෑ
ඒවා දැකල හැරිලා එන්න හදද්දිම කෝල් එකක් දීල බල කරපු හන්දම ගෙනිහින් දුන්න
ඊට පහුවද දවල් වෙනකම්ම වමනේ දැම්ම එයා
*මෙතන ඔය සරුවත්,බීම ජාති දෙන කෝප්ප හරියට හෝදන්නේ නෑ පොඩි බේසමකට දැම්ම ගත්ත
*ගියපු එකේ මන් කන්න ගත්ත කෑම එක පිළුණු ඇඹුල් රසක් අවා කඩේට කියුවහම මේ දවස් වල කරන්ට් කපනවා මිස් ෆ්‍රිජ් හරියට වැඩ නෑ කියුව ඒ පිළිණු වෙලා නෙමේ මිස් කියුව මන් නම් කෑවේ නෑ
*bbq දාන ඒවා කිසිම විදියකට හරියට පිරිසිදු කරන්නේ නෑ ඔය පහල 4to එකේ වගේ souse තෙල් ගතියි එක්ක ඔහේ පැත්තකට කරලා තියනවා
*පහල 4to වල වගේ මස් වර්ග තක්කාලි එක්ක ඔහේ තැටියේ තියනවා විස වෙනවා කියලවත් දන්නේ නැද්ද මන්ද
*කෑම තට්ටු උඩට මීයෝ නගින්නේ ගෙදර යනවා වගේ,ඒ තරමට මීයෝ
* කුකුල් මස් එහෙම කද්දී පරිස්සමින් උන් කුකුලගේ ජිවිත කාලෙට වඩා තෙල් එකේ ඉදල තියනව පේනවනේ පහල 4to වල කටු
මටනම් අන්තිමයි මෙතන
තව වැදගත් දෙයක් තමයි පස්සේ හොයා බලද්දී දැන ගත්තේ 10-15 පිරිසක් මේ ගෲප් වල ඉන්නවා tiktok වීඩියෝ, හොද කැමරා වලින් 4to මේ තැන් වලට කන්න ගියා වගේ මේ තැන් මාකට් කරන
------------------------------------------
අම්මෝ මේකනම් සහතික ඇත්තක්,මගේ යාලුවෙක් ඔය කිට්ටුව බෝඩ් වෙලා හිටිය ඒ හින්ද අපි නිතරම ඒ පැත්තේ යනවා,ඒ පැත්තේ අය මේ කඩ වලින් කන්න යන්නේ නෑ,
*මේ කඩවල ගොඩක් වැඩ කරන්නේ ඉන්ජෙක්ට් කරලා මත්ද්ව්ය බාවිතා කරන අය එයාල ග්ලව්ස් නොදා කෑම හදන්නේ අත්දෙකේ තුවාල තියනවා ගොඩක් දෙනෙක් ගේ ගියාම බලන්න අත්වල තුවාල හැරව එද්දී ඔහේ පාන්,එළවලු අල්ලනවා ග්ලව්ස් නොදා
*ඔය පැත්තේ අය හොදට දන්නවා ඕවට දාන තෙල් වලට කියන්නේ "කිචන් ඔයිල්"කියල පුළුවන් තරම් හොටෙල් වල පාවිච්චි කරලා ගොඩක් අඩුවට ගන්නේ
*එළවලු එහෙම ඕවට දෙන වෙන සෙට් එකක් ඉන්නවා මැනිං මාකට් එකේ එහෙම තැලිලා අයින් කරලා එළවලු කොටස් වෙනම අයින් කරනවා,ඒවාට සල්ලි ගන්නේ නෑ"බින් වෙජි"කියුවම මාකට් එකේ කට්ටිය දන්නවා ,දවසේ මත්ද්‍රව්‍ය ගාන හොයා ගන්න මේවා මේ කඩ වලට සප්ලයි කරන්නේ වෙනම පිරිසක් ,පැත්තේ කට්ටිය මේක දන්නවා.
*රෑට තියන නිසා මීටර් වෙන්නේ නෑ එත් ඇතට වෙලා අවදානෙන් බලන් හිටියොත් කව්රු හරි කෙනෙක් කාල ඉතුරු වෙන එක කවදාවත් විසි කරන්නේ නෑ අයෙ කෑම බෙදන බකට් එකටම දානවා
*කාණු වල කුණු ගද,අලියෝ වගේ මීයෝ,පාන් කපන පිහිය & BBQ tool වලින් ඔය පුසොන්ට ගහන එකෙන්ම අයෙ වැඩ කරන එකනම් සාමාන්‍යයි
*ඔය කෑම වලට දාන souce,චීස්& බටර් වර්ග ගැන මන් මුකුත් කියන්නේ නෑ ඔය හරියේ බඩු අදින නාටාමි කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි ඒ ගැනනම්
ඔය social media වල මාකට් කරන වැඩේ නම් උනේ වෙන හේතුවක් හින්ද,ඔය කඩ කීපයකින් කාපු අලුත්කඩේ උසාවියේ කීප දෙනෙක් හොදටම ලෙඩ උනා වෛද්‍ය වර්තා වල ආවේ කෑම වල අව්ලක් කියල ඊට පස්සේ ඒ කඩ වලට නීතිමය විදියට වැඩ සිද්ද වෙන්න යනකොට මේක ඒ පැත්තේ ලොකුවට කතා බහක් ගියා ගොඩක් කට්ටිය යන එක අඩු උනා,පස්සේ ලංකාවේ ප්‍රසිද්ධ advertising agency එකකට මෙතන තියන ප්‍රධාන කඩ 5 එකතු වෙලා සල්ලි දීල තමයි,ඔය ලංකාවේ කෑම youtube චැනල් 2ක් මුලින්ම ඔතන කවර් කරේ,ඔතන ගැන වැඩිම රිච් එකක් ගත්ත tiktok videos 3ත් හැදුවේ, ඒ ආයතනම තමයි හොදම කැමරා දාල, instagram ෆොටෝ "#" hashtag එක tool දාල චෙක් කරොත් මන් මේ කියන කතාවේ අග මුල හොයා ගන්න පුළුවන් advertising agency නම කියන්නේ නෑ මගේ යාලුවෙක්ගෙ නිසා මේ කතාව බොරු කියුවොත් ඉන්වොයිස් එකත් පොස්ට් එකට දාන්නම්,ඔන්න ඔහොමයි social media රැල්ල හැදුනේ "- Amelia Smith
-අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී,බොහෝ දෙනෙකුගේ දැනුවත්වීම උදෙසා මෙම කෑම ගෲපය තුල පලකරන ලදී - Copied