අළුත්ම කලාව...නඩු දාගෙන නිදහස් වීම..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113

    ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්​


    EkaPzAq.jpeg


    ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල් වැයකොට දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට වත්මන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ එම සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ, හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නා.

    අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට නඩුව අවසන් වනතුරු විදේශගත වීම වළක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් විදෙස් ගමන් තහනමක් ද ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කළා.

    ඉන් පසුව එක් එක් විත්තිකරුවන් රුපියල් 20,000 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කර සිටියා.

    කෙසේ වෙතත් විත්තිකාර අමාත්‍යවරයාට රාජකාරි කටයුතු සඳහා විදේශගත වීමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයෙන් ඉල්ලීම් කළ හොත් සලකා බැලීමට සූදානම් බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියා.

    අනතුරුව නඩුව පූර්ව නඩු විභාගය සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 01 වනදා කැදවන ලෙසත් නියම කළා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    මෙයා විදිහට Health Minister දැම්මේ ඒ අවංක සේවෙට උපහාරයක් විදිහට.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ මුදලින් ජී.අයි පයිප්ප 600ක් මිලදීගෙන රුපියල් නව ලක්ෂ අනූදහසක මුදලක් ආණ්ඩුවට පාඩුකර අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද සිදුකළැයි චෝදනා ලැබ සිටි හිටපු ජනමාධ්‍ය අමාත්‍ය වත්මන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිණී සංස්ථාවේ හිටපු සභාපති සහ එම සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ අල්ලස් නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (15) නියෝග කළේය.

    මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 186 වගන්ති ප්‍රකාරව නැවත නඩු පැවරීමේ කොන්දේසිය මත මෙම නඩුවලින් චූදිතයන් නිදහස් කරන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

    ඒ අනුව, මෙලෙස නිදහස් වූයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිණී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දෙල්වක්කඩ ලියනගේ චන්ද්‍රපාල සහ රූපවාහිණී සංස්ථාවේ හිටපු සභාපති විමලසේන රූබසිංහ යන මහත්වරුන්ය
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    එතකොට ඒ කරණයට ආයෙමත් නඩුවක් ගොනු කරන්න බැහැ. මහාධිකරණය නිදොස් කොට නිදහස්.

    රන්ජා බලපන්කෝ, සල්ලි නෑ නෑ කියා කියා හිටපු ඒකා හිර ගෙදර ඉඳන් ආපු ගමන් iphone 14 එකක් බස්සලා දැන් USA ගිහින් ෆුල් ෆන් එකේ ඉන්නේ.